[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

දෙහිවල ගල් විහාරය

දෙහිවල නව පොලොන්නරු ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද හිමිගේ අනුශාසනා පරිදි නිකිණි පොහෝදා දවස පුරා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වේ. හැව්ඕවිට ගුණානන්ද හිමි, ඌරුගමුවේ අස්සජි හිමි, මඩුගස්තලාවේ නන්ද හිමි, ඇත්බටුවේ ධම්මසිරි හිමි, මිද්දෙනියේ සුමංගල හිමි සහ වැල්ලවායේ සුමනරතන යන හිමිවරු ධර්ම දේශනා පවත්වති.

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙ.ව. 06.00 - 06.30 සීල සමාදානය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි. 06.30 - 07.00 උදෑසන බුද්ධපූජාව මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 08.00 - 9.00 භාවනා කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 09.00 -10.00 පෙරවරු ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි. 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි. 11.00 - 11.30 බුද්ධපූජාව ඇතිමලේ සීලානන්ද හිමි, ප.ව. 12.15- 02.00 සීල භාවනා සමිතිය, 02.00 - 03.00 වෛද්‍ය දේශනය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මිය 03.00 -4.00 ධර්ම දේශනාව නීලම්මහර චතුරශාන්ත හිමි., 04.00 - 5.00 ධර්ම දේශනාව පුංචිහේනේගම සිරිනිවාස හිමි, 05.00 -6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි, 06.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි.

මාතර තරුණ බෞද්ධ සමිතිය

පෙ.ව. 6.30 සිල් සමාදන් කරවීම. දෙහිගස්පේ සිරිවිමල හිමි, පෙ.ව. 9.30 බුදුගුණ භාවනාව බුත්තල අරියධම්ම හිමි, 11.00 සම්බුද්ධ පූජාව, මාතර විදර්ශනා භික්ෂුණීන් වහන්සේ, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමි 2.00 ධර්ම දේශනාව, බලකාවල පූජිත නාහිමි, ප.ව.4.00 ධර්ම දේශනාව පිලදුව විනීත හිමි, ප.ව. 5.00 සිල් පවාරණය රොටුඹ සෝමරතන හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, තල්පාවිල කුසලඤාණ හිමි, 8.00 - 9.00 භාවනාව හක්මන සුමනසිරි නා හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය පුස්සැල්ලේ චන්දිම හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව තලංගල්ලේ ධම්මදස්සි හිමි හුණුගැල්ලෑවේ ශාසනධීර හිමි, 11.15 - 12.15 පුණ්‍යානුමෝදනාව ප.ව. 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ පිනවල ඥාණාලෝක හිමි නිකවැරටියේ සුඛිත හිමි, ප.ව. 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 3.00 - 3.45 මංගල ධර්ම දේශනාව තලවතුගොඩ විමලධම්ම හිමි, 3.45 - 4.00 ගිලන්පස විවේකය 4.00 - 5.00 ධර්ම දේශනාව වටගෙදර විමලබුද්ධි හිමි, 5.00 - 6.00 ධම්ම පදය මැණික්බොවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි නා හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.15 - 6.30 ප්‍රනීත ක්ෂීරපායාස පූජාව, පෙ.ව. 6.30 - 6.45 සීල සමාදානය, පෙ.ව. 6.45 - 7.00 සම්බුද්ධ පූජාව, පෙ.ව. 8.00 - 9.00 ධර්ම දේශනාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි. පෙ.ව. 9.45 - 10.45 ධර්ම දේශනාව වල්ගම සුමන හිමි.

පෙ.ව. 10.45 - 11.00 උදෑසන සම්බුද්ධ පූජාව, ප.ව. 12.30 - 1.00 සක්මන් භාවනාව , ප.ව. 1.00 - 2.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි. ප.ව. 2.00 - 3.00 ධර්ම දේශනාව දොළොස්වල උදිතදීර හිමි. ප.ව. 3. 30 4.00 සක්මන් භාවනාව. ප.ව. 4.00 - 5.00 ධර්ම දේශනාව ඉද්දමල්ගොඩ වජිරඥාන හිමි. ප.ව. 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව, ප.ව. 6.00 ගිලන්පස පූජාව.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව. 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි.

පස්වරු 12. 30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව , 1.00 - 2.00 ධර්ම දේශනය පන්නල ධම්මිස්සර හිමි. 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව හැඬිගල්ලේ චන්දාලෝක හිමි. 4.00 - 5.00 ධර්ම දේශනාව කන්දේගෙදර සොභිත හිමි.

රාත්‍රි 7.00 ට සම්බුද්ධ පූජාව.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ.
19 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]