[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගල්කිස්ස බෞද්ධායතනයේ දහතුන්වැනි ශිෂ්‍යත්ව ප්‍රදානය

ගල්කිස්ස බෞද්ධායතනයේ දහතුන්වැනි ශිෂ්‍යත්ව ප්‍රදානය

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, මහෝපාධ්‍යාය ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ සංවිධාන හා හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් පවත්වා ගෙන යන දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල දහතුන්වැනි වරටත් ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයැදුම්පත් කැඳවා ඇත.

දිවියාගහ යසස්සි නා හිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන 2015 ජනවාරි මස 02 වැනි දින මෙම ශිෂ්‍යත්ව අරමුදල නාහිමියන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට සෑම වසරක ම බුදුසරණ පුවත්පතේ පළ කළ තොරතුරු මඟින් අයැදුම්පත් කැඳවා විශේෂ පරීක්ෂණ මඟින් තෝරා ගනු ලබන සිසුන් වෙත මසකට රුපියල් 2500/- බැගින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ.

2016 වසරේ සිට දිස්ත්‍රික්ක 20ක සිසුන් 350ක් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම අරමුදල මඟින් ශිෂ්‍යත්වයක් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් ලක්ෂ සියයකට අධික මුදලක් 2024 ජූලි මස අවසන් වන විට පරිත්‍යාග කොට ඇත.

මෙම ශිෂ්‍යත්වයක් සඳහා මූලික සුදුසුකම් වනුයේ දහම් පාසල් අධ්‍යාපනය ලැබූ හෝ ලබන, අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන, ආර්ථික අග හිඟකම් සහිත ශිෂ්‍ය ශිෂ්‍යවන් ය.

ඉහත සුදුසුකම් මත ශිෂ්‍යත්වයක් බලාපොරොත්තු වන අය මුද්දරයක් ඇල වූ නිවැරැදි ව තම නම, ලිපිනය ලියූ 9ය4 ප්‍රමාණයේ ලියුම් කවරයක් ගරු ලේකම්, ශිෂ්‍යත්ව අරමුදල, බෞද්ධායතනය, වටරප්පල පාර, ගල්කිස්ස යන ලිපිනයට මෙම සැප්තැම්බර් මස 24 වන දිනට පෙර එවීමෙන්, ශිෂ්‍යත්ව පාලක සභාව විසින් පිළියෙළ කරන ලද අයැදුම්පත ලබා ගෙන සම්පූර්ණ කර එවීමෙන් ශිෂ්‍යත්වයක් ඉල්ලුම් කළ හැක.

දහතුන් වැනි වරට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම 2025 ජනවාරි මස 02 දිනට යෙදෙන දිවියාගහ යසස්සි නා හිමියන්ගේ 90වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන පැවැත්වෙන පින්කම් මාලාවට සමගාමී ව සිදුකිරීමට කටයුතු සංවිධානය කරගෙන ඇත. ආර්ථික අතින් අසරණ, එහෙත් අධ්‍යාපනයේ දක්ෂතා ඇති ශ්‍රී ලාංකේය බෞද්ධ දරුවකුට පිහිටවීමට කැමති පින්වතුන්ට ද මේ සමඟ එක්වීමට හැකි ය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ.
19 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]