[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

රිදී වෙහෙරයි රිදී වෙහෙරයි - ඇසළ පෙරහර රිදී වෙහෙරයි

රිදී වෙහෙරයි රිදී වෙහෙරයි - ඇසළ පෙරහර රිදී වෙහෙරයි

රිදී වෙහෙරයි රිදී වෙහෙරයි
සසුන බබළන රිදී පොළවයි
රිදී පිදුවයි සෑය හැදුනයි
ගැමුණු මහ රජ පිදුව වෙහෙරයි

නැම ද ඇත් රජ පිළිම රන් හිමි
පින් බිමෙන් පා සරසනා
දෙපස තේජස පාන රජවරු
දෑලෙ පින් කඳ ලෙසින් වඩිනා

දේව තේජස ආනුභාවය
රිදී කන්දෙන් පැතිරෙනා
කුමර බංඩර මෑණි පත්තිනි
දනන් සිත් සැම රැක දෙනා

නිළමෙ බස්නායක තුමන් රජ
දහස් හද පැතුමන් දිනා
තබා රන් පා මතින් පාවඩ
නිහඬ ගමනයි වෙහෙරෙ තේජස

හොරණෑ හේවිසි දවුල් පන්දම්
පෙළින් පෙළ මනරම් ය ඇදෙනා
රඟන රැඟුමන් වයන වැයුමන්
සිත් සතන් අමනන්ද කරනා

දෙනෝ දාහක් බැතින් නමදින
සාධු සාධු හඬයි රැව් දෙන
දෑලෙ රජවරු රජුන් සමඟින්
රන් සිවියේ ධාතුන් ය වඩිනා

නායක ගරු සමිඳු ඔවදන්
එක් ලෙසින් හිස් මුදුන් රඳනා
රිදී වෙහෙරෙ ඇසළ පෙරහර
සතර දෙස ලොව හඬ දෙනා

ඇසළ සඳරැස් සිසිලෙ බබළන
රිදී ලෙන මහා පුණ්‍යභූමි ය
මල් වරුසාවෙන් තෙමාලනවා
සත්තමයි පින් රිදි පොළොව ම

සාධු............/// ජය මඟුල් වේවා..

අගෝස්තු මස 30 වැනි දින අවසන් රන්දෝලි මහා පෙරහරින් නිමා වන ඓතිහාසික රිදි විහාරයේ ඇසළ පෙරහර නිමිත්තෙනි

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ.
19 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]