සැප කැමැති නම්
නැවත නැවත
පින් කරන්න
කොළඹ 06, හැව්ලොක් සිටි,
සාමවිහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි
සියලු ජීවීන්ගේ මූලික අපේක්ෂාව සැපවත් ජීවිත ගත කිරීම වන අතර නිරන්තරයෙන් ම දුක
ප්‍රතික්ෂේප කරන බව, එය පිළිකුල් කරන බව බුදුදහම අවධාරණය කරන්නේ ය.
තථාගතයන් වහන්සේ ලොව පහළ වන විට තත්කාලීන සමාජය සැප ලබා ගැනීම සඳහා අනුගමනය කරන ලද
ක්‍රම දෙකක් පිළිබඳ සඳහන් වන අතර අත්තකිලමථානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය වශයෙන්
ඒවා නම් කොට තිබිණි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයේම මෙම
ඉගැන්වීම් බැහැර කරන ලද්දේ මතු නොව උපරිම සැපය ලැබීම සඳහා නම් එම අන්තගාමීත්වයෙන්
බැහැර විය යුතු බව ද දේශනා කළහ.
බුදුදහමින් ඇගයුම් කරනුයේ සදේවක ලෝකයා ම සැපවත් ජීවිත ගත කිරීමයි. ඊට අදාළ වන
දේශනාවන් මුළු ත්‍රිපිටක ධර්මය පුරාම දක්නට ලැබේ. සැප යනු විඳීමක් වන අතර එය කායික
හා මානසික වශයෙන් ආකාර දෙකකි. එහිදී ඇස කන නාසය ආදී පසිඳුරන් රූප ශබ්ද ආදි
අරමුණුවලින් ලබන සුවය සැපයක් ලෙස සැලකේ.
එසේම සන්තානගත සිතුම් පැතුම් සිතූ පැතූ අයුරින් ඉටු කර ගැනීම ද සැපයක් කොට ගැනේ.
කෙසේ නමුත් මෙම වින්දනීය ස්වභාවය පිළිබඳ පටිච්චසමුප්පාදයෙහි අවස්ථා තුනක් පිළිබඳ
සඳහන් කොට තිබේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා ලෙස ඒවා සංඛ්‍යාත්මකව
සාකච්ඡා කොට තිබේ. වින්දනීය ස්වභාවය අනුව පරම සැපය ලෙස නිවන් සැපය පිළිබඳ සඳහන්
කරනුයේ “නිබ්බානං පරමං සුඛං” යනුවෙනි.
සැපය පිළිබඳ බුදුදහමෙහි ඉගැන්වීම් රාශියකි. සැපයෙහි අගය විවිධ කෝණයන් ඔස්සේ ශ්‍රාවක
ශ්‍රාවිකාවන්ට සමීප කොට ඇති අයුරු ද දක්නට ලැබේ. ඒ අනුව සමස්තයක් ලෙස සැපය මූලික
වර්ග කිරීමකට ලක් කරමින් එහි ප්‍රභේද දෙකක් දක්වා ඇත්තේ මෙලොව සැප ලෙසත් , පරලොව
සැප ලෙසත් ය. සැපය පිළිබඳ බුදුදහම කෙතරම් ප්‍රබලව විමර්ශනය කොට ඇත්තේ ද යන්න මින්
ඉතාමත් පැහැදිලි වේ. එපමණක් නොව සැපය පිළිබඳ තම ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස් දැනුවත්
කිරීමේ දී සමාජීයමය ඉගැන්වීමක් ද ධර්මයෙහි පෙන්නුම් කොට ඇත.
ගිහි සුඛ හෙවත් ගිහි සැප ලෙසත්, පබ්බජ්ජ සුඛ, පැවිදි සැප ලෙසත් දක්වා ඇත.
ගිහි සමාජයෙහි ගෘහස්ථ පුද්ගලයකු වශයෙන් පසිඳුරන් පිනවමින්, මිල මුදල් පරිහරණය
කරමින් පෞද්ගලිකව භෞතිකමය අවශ්‍යතා සපුරා ගනිමින් සමාජගත පුද්ගලයකු ලෙස විඳීනු ලබන
සැපය කෙසේවත් දහමින් ප්‍රතික්ෂේප කරනු නොලබයි.
පැවිදි සැපය වඩාත් අගය කෙරේ. “බ්‍රහ්ම චර්යක” හෙවත් පිළිවෙත්වලට එළැඹෙමින් ගත කරනු
ලබන ආකාරයත් උතුම් වූ තම පැවිදි ජීවිතය පිළිබඳ සිතා බලමින් අත්විඳීන වින්දනීය සුවය
පැවිදි සුවය ලෙස විස්තර කොට තිබේ.
මෙසේ සැප පිළිබඳ, ඉතා පුළුල් විග්‍රහයක යෙදෙන ත්‍රිපිටක සාහිත්‍යය විවිධ මානයන්
පාදක කොට ගනිමින් එහි ඇති අගය විස්තර කොට ඇති අයුරු දැකගත හැකි වේ. ඒ අනුව
පුද්ගලයකුට සැප වින්දනය කළ හැකි තවත් සිව් ආකාරයක් පිළිබඳව ද තොරතුරු දැක්වේ එම සැප
මෙලොව දී ලැබිය හැකි සැප ලෙස දක්වා ඇත.
ඒවා “අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ හා අනවජ්ජ සුඛ” වශයෙන් ද දක්වා තිබේ. තම ජීවිතය
තුළ යමක් උපයා සපයා ගෙන ඇතැයි සිතා සතුටු වීම සැපයක් වශයෙන් දැක්වේ. එම උපයාගත් ධනය
නිවැරැදි වූ ත් දැහැමි වූ ත් ක්‍රමෝපායන් මගින් උපයා ගත්තේ යැයි සිතීමෙන් ලබන සතුට
දෙවැනි සැපය ලෙස සඳහන් වේ. එපමණක් නොව එම නිවැරැදි වූ ධන ධාන්‍ය පරිභෝජනයෙන් ලබන
සාතිශය සොම්නස පිළිබඳ ද එම සැපයෙහි කරුණු ප්‍රකාශිත ය. එය තවත් ලුහුඬින් දැක්විය
හැකි වන්නේ ලබන ලද සම්පත් තම අවශ්‍යතා සඳහා භාවිත කිරීම හෙවත් සම්පත් සුව සේ
පරිහරණය කිරීමෙන් ලබන සැපයයි.
පුද්ගලයකුට හෝ මූල්‍ය ආයතනයකට ණයක් නැති නම් එය අසීමිත සැපයක් ලෙස දහමින් ප්‍රකාශ
කෙරේ. මෙහි තෙවන සැපය ලෙස දක්වා ඇත්තේ එසේ ණය නොවී ජීවත්වීමේ සුවදායක ජීවිත පිළිබඳව
ය.
එසේම ඕනෑම පුද්ගලයකුට තම ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමේ දී තමා විසින් ගෙවන ජීවන
මාර්ගය හෙවත් ජීවනෝපාය ක්‍රමය, උපයන ලද ධන ධාන්‍යවල නිවැරැදිතාව ය පිළිබඳ සිතා
සතුටු වීම සාමාන්‍යයෙන් සැපයක් නොවේ. සාවද්‍ය වූ ක්‍රියාවන්ගෙන් බැහැරව ක්‍රියාත්මක
තම දිවිමඟ නිවැරැදි වූවක් යැයි සිතා බැලීමෙන් ලබන සුවය සිව් වැනිව සඳහන් කොට ඇත.
මේ හැරෙන්නට සාමිස පමණක් නොව නිරාමිස ලෙසින් ද සැපය පිළිබඳ ධර්මයෙහි විස්තර කෙරේ.
මෙම සියලු සැප සඳහා පින් රැස්කර ගැනීම කළ යුතු බව ධර්මයෙන් අවධාරණය කෙරේ.
සැපය සඳහා මූල සාධකය වන පුණ්‍ය ධර්මයන් සිදු කිරීමේ දී එය නැවත නැවතත් සිදු කළ යුතු
ආකාරය ධම්මපද පාළියෙහි පාප වග්ගයෙහි දක්වා ඇත්තේ
පුඤ්ඤං චේ පුරිසෝ කයිරා -
කයිරාථෙ තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ -
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
යනුවෙනි.
කිසියම් පුද්ගලයකු ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන් හෝ දස මහා කුසල ධර්මයන් ආදී වශයෙන්
සඳහන් මහත් පින්කම් කිරීමේ දී එය එක වරකට පමණක් සීමා කොට නොගෙන යළි යළිත් එහි නිරත
වීමේ අගය හා ඉන් ලැබෙන ස්වර්ග මෝක්ෂ සම්පත් පිළිබඳ මින් අනාවරණය කරනු ලැබේ.
මෙහි “පුඤ්ඤං” යනුවෙන් සඳහන් කොට ඇත්තේ දාන සීල භාවනා දී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන්
දාන, සීල, භාවනා මෙන්ම පින් දීම පින් අනුමෝදන් වීම පමණක් නොව බුහුමන් දැක්වීම,
වතාවත් කිරීම ධර්ම දේශනය, ධර්ම ශ්‍රවණය කිරීම සහ දිට්ටිජු බව යනුවෙන් සඳහන් වේ. මේ
හැරෙන්නට ප්‍රාණඝාත, අදත්තාදාන කාමමිථ්‍යාචාර, මුසාවාද, පරුසාවාච, සම්පප්‍රලාප,
අභිධ්‍යා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි යන දස අකුසල ධර්මයන්ගෙන් තොර වී දස කුසල ධර්මයන්
සපුරා ගැනීම ද කළ යුතු ය. “පුඤ්ඤස්ස උච්චයෝ සුඛෝ” යන්නෙන් අර්ථවත් කෙරෙනුයේ
සිදුකරනු ලබන කුසලයෙන් ලැබෙන අසීමිත සැප සිහිපත් කරමින් නැවත නැවතත් පුණ්‍ය
ධර්මයන්හි යෙදිය යුතු ය යන්නයි.
දෙලොවදීම අප්‍රමාණ සැප ලබා නිවන් සුව සාධනය තුළින් පරම සැපය සාධනය කර ගන්නා ආකාරය
පිළිබඳව ය.
මෙම තථාගත දේශනය සඳහා පාදක වී ඇති සිදුවීම ද කුඩා වූ පුණ්‍ය ධර්මයන්හි පවා දැකිය
හැකි බල මහිමය ප්‍රකට කරන්නකි. සමවතින් නැඟී සිටි මහා කාශ්‍යප මහ තෙරුන් කවරකු සඳහා
යහපත සලසන්නේ දැයි ලොව දෙස බලන ලද දිනයක ඉතා දිළිඳු ස්ත්‍රියක නෙත ගැටුණි. ඇය ඇල්
හේනක පැල් රකින්නියකි. එදින හේනේ සිට ගෙන එන ලද ඇල් වී කරල් මිටියකින් විළඳ සකසමින්
සිටි සැදැහැති උපාසිකාවකි. මහකසුප් මහ තෙරුන් එකෙණෙහි ම එම දිළිඳු උපාසිකාවගේ
පැල්පත ඉදිරියට වැඩම කරන ලදී. කිසිදා උදා නොවූ සැපතක් උදා වී යැයි මහත් සතුටට පත්
දිළිඳු උපාසිකාව පිරිසුදු සැදැහැයෙන් හා මහත් සොම්නසින් යුතුව තමා සඳහා පිළියෙළ කරන
ලද විළඳ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කරන ලද්දී ය.
සිදුකළ පින්කම පිළිබඳ නැවත නැවතත් මහත් සේ සතුටට පත් වූවා ය. සොම්නස් සිතින් සිදු
කළ පින්කම සිහි කරමින් නැවතත් පැල් රැකීම සඳහා ගමන් කරන අවස්ථාවේ අතරමග දී සර්පයකු
දෂ්ට කිරීමෙන් මියගියේ එකෙනෙහිම දෙව් ලොව උපත ලැබුවා ය.
තමන් ලද මහත් දෙව් සැප පිළිබඳ විමසා බැලීමේ දී තමා සිදුකළ විළඳ පූජා පින්කම දකින
ලද්දේ ඊට මහත් කරුණාවෙන් මග සැලසූ මහා කාශ්‍යප මහ තෙරුන් පිළිබඳ අසීමිත ශ්‍රද්ධා
භක්තියෙන් යුතුව මහ කසුප් මහ තෙරුන් වැඩ විසූ පුලිල ලෙනට පැමිණ විහාරයෙහි වත්
පිළිවෙත් සිදු කිරීම සිරිතක් කොට ගත් ගන්නා ලදී.
දිනක් අලුයම් කාලයෙහි තමන් වහන්සේගේ කුටියට වැටෙන එළියක් දැක විමසන්නේ එහි රැඳී
සිටි දෙවඟන පෙරදා උපාසිකාවක් ව සිට පුදන ලද විළඳ පූජාවෙහි පිනෙන් දෙව් සැපතට පැමිණි
ලාජා දෙව්දුව යැයි පිළිතුරු ලැබීමෙන් පසු තම ආරාමයෙහි වත් පිළිවෙත් සඳහා නොපැමිණෙන
ලෙස වාරණයක් පනවන ලදී.
මෙම නියමයෙන් ඉතා දොම්නසට පත්ව සොවින් තැවෙන ලාජා දෙව්දුව දුටු භාග්‍යවතුන් වහන්සේ
දෙව්දුව ඉදිරියේ දර්ශනය වූයේ මතු නොව පින්කම් කිරීම යළි යළිත් කළ යුතු බවත්, ඒ සඳහා
කැමැත්ත ඇති කර ගත යුතු බවත් එසේ සිදුකර ගන්නා පින සැපයට හේතු වන බවත්, දේශනා කරන
ලද්දේ, දෙවඟන සෝවාන් ඵලයෙහි පිහිටියා ය.
|