ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ බක් පුර පසළොස්වක පෝදා 2023 අප්‍රේල් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩ බලන මහා නායක ධුරන්ධරව වැඩ විසූ උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධීශ්වර අති ගෞරවණීය උදම්මිට අස්සජිතිස්ස මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙනි!
නික්මී ගිය ද දිනකර ලොවැ එළිය කර සැක නැහැ යළිදු පායයි කළු දෙබෑ කර නා සමිඳුගේ සවිමත් හඬ අරුත් බර සුදිලෙන තරු විලස පායයි හද අඹර
රන්දා මිනිස්කම ශ්‍රාවක හද පත්ල සිඳී ගියත් කරුණාබර මෙත් ගඟුල සත්‍ය වදන් පද නාහිමි නිති මතුළ සැමදා ගිගුම් දෙයි උත්තම වෙහෙර තුළ
හදවත ලස්සනයි නෙත්සිත් ගත් මලට කෙසරිඳු පසුබසියි නා සමිඳුගෙ හඬට උත්තම ගුණය පෙන්වා ලොවට ම හැඩට සමුගෙන වැඩියෙ උත්තම මිනිසකු ලෙසට
පින්සරු වුණෙමු නා සමිඳුන් දැක ගන්ට බැහැ ගුණවරුණ මට වදනින් පවසන්ට උපදින බවේ හමුවේවා හිමි අපට අමර නිවන් සුව අප නා සමිඳුන් ට
නිවනට යන්නෝ අද හරි විරලයි අපා දකින්නෝ නම් අද බහුලයි මදහස පාමින් පැවසූ වදනයි නාහිමි උපදෙස සැමදා මතකයි
උදම්මිට ධම්මානන්ද හිමි
අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පුර පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූභා. 10.04 න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 05
අව අටවක
අප්‍රේල් 13
අමාවක
අප්‍රේල් 19
පුර අටවක
අප්‍රේල් 27
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]