[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

ශාසනික වගකීම් තොරවූ කල ධර්ම විනය ආරක්ෂා නොවේ

බුදුරදුන් ජීවමාන සමයෙහි ම සංඝ සමාජයේ සමගිය දෙදරා ගිය සුප්‍රකට අවස්ථා දෙකක් දැකිය හැකි ය. කොසඹෑ නුවර ඝෝෂිතාරාමවාසී භික්ෂූන් වහන්සේ අතර විනය ආපත්තියක් මුල් කරගෙන ඇති වූ මතභේදයේ දී ධර්මධර හා විනයධර වශයෙන් බෙදී ගිය භික්ෂූන් අන්‍යොන්‍ය වශයෙන් විරුද්ධවාදීකම් කරග ත් බව මජ්ක්‍ධිම නිකායේ කෝසම්බිය සූත්‍රයේ සඳහන් වෙයි. බුදුරදුන් අවවාද කළ ද එයට අවනත නොවූ බැවින් උන්වහන්සේ වනගත කිරීමට තරම් මෙම භේදය උග්‍ර වූ බව සැලකිය යුතු ය. එම භික්ෂු පිරිස බුදුරදුන්ගේ අවවාදය තුන්වැනි වරට ද ප්‍රතික්ෂේප කිරීම ධර්ම සංවේගය දනවන සුවිශේෂී සිද්ධියකි. ගෘහස්ථ දායකයින් පිණ්ඩපාතය වළකනතුරුම කලහය පැවතිණ. මෙය ස්වකීය ශාස්තෘවරයාට සංඝ සමාජය අවනත නොවූ අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකි ය. දේවදත්ත තෙරුන් සංඝ භේදය සිදුකිරීමට උත්සාහ කිරීම භික්ෂූන් වහන්සේගේ සමගිය බිඳී ගිය දෙවැනි අවස්ථාවයි. භික්ෂු පිරිස ගේ පරිපාලනය සියතට ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වූ කල දෙව්දත් තෙරුන් කෝකාලික සහ සමුද්දදත්ත යන භික්ෂූන් ද කැටිව ගොස් බුදුරදුන්ගෙන් මෙම පංචවරය ඉල්ලා සිටියේ ය.


දුරුතු අව අටවක පෝය

 ජනවාරි 14 සෙනසුරාදා අ.භා. 07.19 න් අව අටවක ලබා 15 ඉරිදා අ.භා. 07.41 න් ගෙවේ.
15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]