[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මත්ස්‍ය ජාතක කතාව ඇසුරිනි

උඳුවප් පුර අටවක පෝය

 නොවැම්බර් 30 බදාදා පූ.භා. 09.02 පුර අටවක ලබා දෙසැම්බර් 01 බ්‍රහස් පූ.භා. 07.24 ගෙවේ.
නොවැම්බර් 30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

සම්බුදු සසුනේ ශ්‍රේෂ්ඨතම විවරණය

දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් රට සැරි සරන අතරේ දී භික්ෂූන් වහන්සේ අරමුණු කොට අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කළහ. මෙම සූත්‍රය ඇසූ භික්ෂූන් වහන්සේ සැට නමක් රහත් වූහ. සැට නමක් ලේ වමාරන්නට වූහ. තවත් සැට නමක් සිවුරු හැර ගිහි වන්නට විය. මෙසේ දම් දෙසා නැවත දෙව්රම් වෙහෙරට වැඩම කළ පසු වෙහෙරේ වෙනදා මෙන් භික්ෂූන් නැති බව දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් කරුණු විමසී ය. එවිට අනඳ තෙරණුවෝ මෙසේ පැහැදිලි කළහ. "භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කිරීම නිසා භික්ෂූන් වහන්සේ සංවේගයට පත් ව අපට මේ ශාසනයේ පිළිවෙත් පිරීමට නොහැකි බවත්, නොමනා පැවතුම් ඇතිව සැදැහැතියන්ගේ දන් පිළිගැනීම නුසුදුසු බවත් පවසා සිවුරු හැර ගියහ". මේ පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ ධර්ම සංවේගයට පත්වූහ. ඉක්බිති ව අනඳ තෙරුන්ලවා භික්ෂූන් වහන්සේ රැස්කරවා මෙසේ දේශනා කළහ. ගඟකට බසින්නට බොහෝ තොටුපළවල් ඇත්තාක් මෙන්, මෙම සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබෙන බවයි. “මහණෙනි, මේ සසුනෙහි යම් භික්ෂුවක් අසුරුසනක් ගසන කෙටි කාලයක් වුව සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩනවා නම්, මහණෙනි, ඒ භික්ෂුව මේ සසුනෙහි ධ්‍යාන ඇත්තෙක් බවට පත් වේ. දායකයින් දෙන දන් වැළඳීමට සුදුස්සකු බවට පත් වේ යැයි දේශනා කළහ.

හෙළ කුල කත සම්බුදු සසුන් කෙත ඒකාලෝක කළ වගයි

ක්‍රි.පූර්ව 247 වසරේ උඳුවප් හෙවත් මග්ගසිර මාසයේ දී සංඝමිත්තා රහත් තෙරණියන් වහන්සේ ලක්දිවට වැඩම වූහ. ඒ රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහානාග යුවරජුගේ බිසොව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් පැවිදිභාවය ඉල්ලා සිටීම ය. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බාලපණ්ඩිත නම් සුත්‍රාන්ත ධර්ම දේශනාව ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත් වූ අනුලා දේවිය ඇතුළු ස්ත්‍රීන් පන්සියයක් දෙනා දේවානම්පියතිස්ස රජු විසින් කරන ලද ආරාම පූජාවේ දී මිහිඳු මහ රහතන් වහන්සේට වන්දනා කිරීම පිණිස පැමිණියෝ සකෘදාගාමී ඵලයට පත්වූහ. තමන් ඇතුළු කාන්තා පිරිස පැවිදිවීමට කැමති බව අනුලා දේවිය දේවානම්පියතිස්ස රජුට පැවසුවා ය. ඒ විස්තරය මහාවංසය සඳහන් කරන්නේ මෙලෙස ය. “ථෙරානං වන්දනත්ථාය දේවී තු අනුලා ගතා - සද්ධිං පඤ්චසතිත්ථිහි දුතියං ඵලමජ්ඣගා - සා සපඤ්චසතා දේවි අනුලාහ මහීපතිං - පබ්බජිස්සාම දෙවා’ති රාජා ථෙරං අවොච සො” රජතුමා කාන්තාවන්ගේ පැවිදිවීමේ අවශ්‍යතාව පිළිබඳ මිහිඳු මහරහතන් වහන්සේට පැවසූ විට උන්වහන්සේ කියා සිටියේ, “න කප්පති මහාරාජ පබ්බාජේතුං තථියො හි නො” යනුවෙන් තමන්ට ස්ත්‍රීන් පැවිදි කරවීමට කැප නැති බවයි. සංඝමිත්තාගමනයේ කතාන්දරය දිග හැරෙන්නේ මෙතැන් සිට ය. ඒ හා සම්බන්ධ පාලි ගාථා ද, සිංහල අර්ථය ද මහාවංසයෙන් උපුටා පහත දක්වන්නේ පාඨකයාට මේ වැදගත් කර්තව්‍යය මූලාශ්‍රය මඟින් ම මනාව තේරුම් කර ගැනීමේ පහසුව සඳහා ය.

 

යහපත් ආකල්ප අනුන් නිසා අත්නොහරින්න

තමන් ආරක්ෂා කර ගන්නා, ඇත්ත වශයෙන් තමා ම ය. කවර නම් ගැලවුම්කරුවකු එහි සිටිය හැකි ද? බාහිර ගැලවුම්කරුවකු සොයා ගැනීමේ ගැටලුව සඳහා ඇත්තේ තමා හොඳින් පාලනය වී සිටීමයි. බුදුරදුන් පිරිනිවන් පෑමට ආසන්නවත්ම උන්වහන්සේ වෙත තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ සියලුම දෙසින් පැමිණ ළං වූහ. සෙසු ශ්‍රාවකයෝ නිරතුරුව උන්වහන්සේ වෙත රැඳී සිටිමින් තම ශාස්තෘවරයා ගේ අපේක්ෂිත වියෝවීම ගැන සිතමින් මහත් දොම්නසින් සිටියහ. අත්තදත්ත නම් වූ එක්තරා භික්ෂු නමක් තම කුටියට වැදී භාවනානුයෝගී වූහ. සෙසු භික්ෂූන් වහන්සේ එම භික්ෂු නම බුදුරජාණන් වහන්සේගේ තත්වය නොතකන්නෙකැයි සිතමින් විමතියට පත් වූ හ. ඒ පුවත බුදුරදුනට දන්වා සිටියහ. ඒ භික්ෂූන් වහන්සේ ද ඒ අනුව බුදුරදුන් අමතා මෙසේ පැවසූහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තව සුළු කාලයකින් පිරිනිවන් පානා සේක. උන්වහන්සේට ගෞරව කිරීමේ හොඳම මාර්ගය නම් බුදුරදුන් ජීවමානව සිටියදී රහත් බවට පත් වෙමි'යි මම භාවනා කෙළෙමි. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගේ ආකල්පය හා හැසිරීම ගැන පැහැදුණු අතර අනුන් නිසා තමාගේ ආධ්‍යාත්මික ශුභ සාධනය අත් නො හැරිය යුතු බැව් වදාළ සේක.

 

සාර්ථකත්වයේ රහස නිරවුල් සිතයි

මා මහණ වූ අලුත වාසය කළේ තායිලන්තයේ වන සෙනසුන්වල යි. මේ වන සෙනසුන් පිහිටා තිබුණේ තායිලන්තයේ ඝන වනාන්තරවලයි. මේ ඝන වනාන්තරවල දරුණු කැලෑ සතුන් වාසය කළා. ඒ හැර විෂ සහිත ගෝනුස්සන්, පත්තෑයන්, දිවි මකුළුවන් වගේ සතුන් ද සිටියා. මේ සර්පයන්, ගෝනුස්සන්, පත්තෑයන් වැනි සතුන් අප වසන කුටි අවට නිතර දකින්න ලැබුණා. මොවුන් බොහෝවිට අනතුරුදායක සතුන්. සමහර සතුන් දෂ්ට කළොත් මරණය අත්වන්න ඉඩ තිබුණ අතර සෑම සතකුම දෂ්ට කිරීමෙන් දරුණු වේදනාවක් අත්විඳින්න සිදුවෙනවා. තමන්ගේ කුටිවල වසන හාමුදුරුවන්ට දාන ශාලාවට අනතුරක් නැතිව වඩින්න, කැලෑවේ එහා මෙහා යන්න ගම්වැසියන් කැලෑව එළිකර අඩිපාරවල් වගේ කුඩා මංමාවත් තනා දී තිබුණා. මේ මංපෙත් අතුගා පිරිසුදු කර තැබීම හාමුදුරුවන් වූ අපේ වගකීම වී තිබුණා. මේවා පිරිසුදුවට තබා ගත්තම පාර හරහා යන සර්පයන්, පත්තෑයන් වැනි විසකුරු සත්තු දැක ගෙන ප්‍රවේශමෙන් එහා මෙහා යන්නට අපට හැකිවුණා. තායිලන්තයේ මේ කියන ප්‍රදේශවල පොළව සුදුවැලිවලින් ගහණයි. මේ නිසා කැලෑව කපා පාරවල් සෑදුවාම මේවායේ සුදුවැලි තලාව මතු වී තිබෙනවා. පාර අතුගෑවාම සුදු පීත්ත පටියක් වගේ පාර පිරිසුදුවට පෙනුණා.

උඳුවප් පුර අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]