[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

ප්‍රථම ධර්මදූත සේවාව මෙසේ ඇරඹි වගයි

සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබෙන දිනයකි. ඉල් පුර පසළොස්වක පොහොය දිනය, ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, භික්ෂූන් වහන්සේ පසුවස් පවාරණය කළ යුතු දිනයවීම සහ චීවර මාසයේ අවසන් දිනය වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන කරුණු ඒ අතර ප්‍රධාන ය. බුදු සසුන තුළ භික්ෂු සමාජය ආරම්භ වූයේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම සහ අස්සජි යන පස්වග භික්ෂූන් වහන්සේගෙනි. ඊට පසුව පැවිද්ද ලබා ගත් යස කුල පුත්‍රයා සහ ඔහුගේ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේ සැට නමක් බවට පත්වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක මෙම රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළහ. මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ ද මිනිසුන් පිළිබඳ වූ ද සියලු කෙලෙස් මලපුඩුවලින් මිදුනෙමි. නුඹලා ද ඒ සියලු කෙලෙස් මලපුඩුවලින් මිදුනාහු ය. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක් මගින් නොයන්න. මහණෙනි, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ, සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන්න. පිරිසුදු වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න. ස්වල්ප වූ රාගාදී කෙලෙස් ඇති සත්ත්වයෝ වෙති. ඔවුහු දහම් නො ඇසීමෙන් පිරිහෙති. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි මමත්. උරුවෙල් දනව්වෙහි සේනානි නියම් ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි.ධර්ම දේශනාව:

තිස් කල්පයක් පුරා දෙව් මිනිස් සැප ලබන පින් පිරුණු පින්කමක්

පාවානුවරවාසි තිස්නමක් වූ භික්ෂූන් පිරිසක් සාකේත නුවර වස් වසා තෙමසක් ඇවෑමෙන් පවාරණය කොට තථාගත බුදුරජාණන් වහන්සේ දැකීමට සැවැත්නුවරට වැඩම කළා. උන්වහන්සේ පැමිණියේ මඩවගුරු ආදියෙන් පිරුණු දුෂ්කර මාර්ගයකයි. සිවුරුවල මඩ තැවරී, තෙතබරිත වී පැමිණි ඒ සඟ පිරිස ඉතාමත් ම අපහසුවට පත්ව සිටියා. මේ කරුණු හේතුකොටගෙන යි බුදුරජාණන් වහන්සේ විසින් කඨින චීවරයක් පිළිගන්නට භික්ෂූන්ට අනුදැන වදාළේ. කඨිනයක් පිළිගත හැක්කේ ඇසළ පුර පෝය දිනයේ පෝය විනය කර්මය කොට, ඊට පසුදිනයේ හෙවත් ඇසළ අවපෑලවිය දිනයේ වස් සමාදන් ව වස්සච්ඡේදනය කරගන්නේ නැති, එහෙම නැතිනම් වස් ශික්ෂාව ආරක්ෂා කොට ගෙන වප්පුර පෝය දින මහා පවාරණයෙන් වස් පවාරණය කළ උපසම්පදා භික්ෂූන්ට යි. මේ කාමාවචර ලෝකයේ කළ යුතු මහා බලගතු පින්කම් අටක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්නා. එයට අටමහා කුසල් කියනවා. එම පින්කම් අටපප මෙහෙම යි. කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස සාදා පූජා කිරීම, ධර්මය ලියා පළ කිරීම, බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි, කැසිකිළි කරවීම. මේ සඳහන් කළ අටමහ කුසල් අතර පළමු තැන හිමි වන්නේ කඨින චීවර පූජාවටයි. කඨින චීවර පූජාව කළ සැදැහැවතුන්ගේ ගති නියත යි. ඔවුන්ට කාම සුගති ප්‍රතිසන්ධිය ලැබෙනවා. සසර කඨින පින්කම් කරපු පින්වතුන් දෙව්ලොව හරි, මිනිස් ලොව හරි උපන්නොත් අනිත් දෙවිමිනිසුන් අභිභවා ඉහළ සම්පත් විඳිනවා. පින්වතුනි, ඔබ අප ජීවත්වන මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. බුදුරජාණන් වහන්සේ පස් නමක් බුදුවන කල්පය නිසා.

අනුන්ට කරදර නොකරන තරමට තමන්ට කරදර අවම ය

මොනතරම් සම්පත් තිබුණත් සතුටක්, සැනසිල්ලක් නැති ජීවිත කොපමණ ද? අසහනයෙන්, මානසික වේදනාවෙන් පීඩාවට පත්වෙන ජීවිත කොපමණ ද?අපි නිතර බණ අසමු. දහම් පොතපත ද කියවමු. බණ ඇසුවත්, පොතපත කියවූවත් ඒ ධර්මය ජීවිතය තුළ නොමැති නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔබගේ ප්‍රායෝගික ජීවිතය තුළින් ධර්ම චර්යාව ඉස්මතු වේ නම්, එය අප ලද වටිනා සම්පතකි. එබඳු ජීවිතය වැදගත් ය. ලස්සන ය, සුවඳවත් ය. බ්‍රහ්ම විහාර නම් වූ උතුම් පැවැතුම් හතරක් පිළිබඳ ධර්මයෙහි සඳහන් ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යනු ඒ උතුම් පැවැතුම් හතරයි. මේ උතුම් පැවැතුම් හතර ජීවිතයට එකතු කරගත් තැනැත්තා පුණ්‍යවන්ත වේ. කායික හා මානසික වශයෙන් මහඟු සුවයක් ඔහු විඳිනු ඇත. සමාජය තුළ ප්‍රසාදයට ලක්වනු ඇත. ගෞරවයට පාත්‍රවනු ඇත. ඔහු හැමදෙනා සමඟ ම සුහදශීලි ය. ‘මෛත්‍රිය’ නම් කුමක්ද? අපි අපිට ආදරය කරමු. වෙනත් කෙනෙක් හිංසාවක්, පීඩාවක්, කරදරයක් කරනවාට අප කැමැති නැත. අනෙක් අය ද එවැනි ය. බණිනවාට, ගහනවාට, හිංසා පීඩා කරනවාට අකැමැති ය. තමන්ගේ සුවය මෙන් ම අනුන්ගේ සුවය ගැන ද සිතනවා නම්, එය මොනතරම් යහපතක් ද? මම වේදනාවට කැමැති නොවන්නා සේ ම අන් අය ද වේදනාවට අකැමැති ය. මේ ගැන සිතා අන් අයට හිංසාවක්, පීඩාවක්, රිදුමක් නොදී ජීවත් විය හැකි නම් ඒ තැනැත්තා මෛත්‍රී හැඟීමෙන් යුක්ත ය. සමහර අය උදේ හවස මෛත්‍රී භාවනාව වඩති. ‘මම සුවපත් වෙම් වා. අන් අය ද සුවපත් වෙත් වා’යි ප්‍රාර්ථනා කරති. එසේ සිතු ව ද දවස පුරාම අන් අය පීඩාවට, වේදනාවට පත් කරති.

ඉල් පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]