ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඉල් පුර අටවක පෝදා 2022 නොවැම්බර් 01 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කුක්කුර ජාතක කතාව ඇසුරිනි
නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ. 01 අඟහරුවාදා සිල්
පුර අටවක
නොවැම්බර් 01
පසළොස්වක
නොවැම්බර් 07
අව අටවක
නොවැම්බර් 16
අමාවක
නොවැම්බර් 23
අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුගිය 22 වැනිදා මහාවිහාර ආදාහන මළුවේ දී සිදු කෙරිණි.
අපේ බුදුරජාණන් වහන්සේ පහළ වන්නට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු තරුණ සහෝදරයෝ දෙදෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සංඝ ශාසනය කෙරෙහි පැහැදිලා එක් භික්ෂුවක් වෙත එළැඹිලා පැවිදි වෙන්න ඕනෑයි අදහසක් ඉදිරිපත් කළා. තෙරුන් වහන්සේත් ඔවුන් දෙදෙනා පැවිදි බිමට පත් කළා. වැඩිමහල් සහෝදරයා ‘සෝධන භික්ෂුව’ නමින් ප්‍රසිද්ධ වුණා. බාල සහෝදරයා ‘කපිල හාමුදුරුවෝ’ නමින් ප්‍රසිද්ධ වුණා. මේ අයගේ මවත්, සහෝදරියත් පැවිදි වෙන්න ඕනෑ යැයි කියලා මෙහෙණි සසුනේ පැවිදි භාවය ලබා ගන්නවා. මේ සිවු දෙනාම ශාසන බ්‍රහ්ම චරියාවේ හැසිරෙමින් කටයුතු කරගෙන යනවා. සහෝදරයෝ දෙන්නා දවසක් එකතු වෙලා සාකච්ඡා කරනවා මේ ශාසනයේ ප්‍රතිපදා කොපමණ තියනවාද කියලා. වැඩිහිටි තෙරුන් වහන්සේලාගෙන් දැනගන්න ලැබෙනවා ධුර දෙකක් තියනවා කියලා. එකක් විදර්ශනා ධුරය යි. අනෙක ග්‍රන්ථ ධුරය යි. වැඩිමහලු සහෝදරයා වූ සෝධන හාමුදුරුවෝ කල්පනා කරනවා ‘මම දැන් බොහෝ වයසට පත්වයි සිටින්නේ. ග්‍රන්ථ ධුරය පිරීමට කාලයක් නෑ. ඒ නිසා විදර්ශනා ධුරය පුරනවා’යි තීරණය කරලා විදර්ශනා භාවනා වඩා නොබෝ කලකින් ම උතුම් අර්හත් භාවයට පත් වෙනවා. බාල සහෝදරයා වන කපිල හාමුදුරුවෝ සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය අධ්‍යනය කරමින් ග්‍රන්ථ ධුරය පිරීමට තීරණය කළා. ඒ අනුව උන්වහන්සේත් උත්සාහයෙන්, දැඩි කැපවීමෙන් ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා. උන්වහන්සේගේ උගත්කම ගැන ගම් පළාතෙත්, ප්‍රදේශයේත්, සෙසු ගම් දනව්වලත් කීර්ති රාවයක් පැතිරිලා ගියා.
සිතට නැඟී එන කෙලෙස් විනාශ කරමින්, අලෝභ ආදී කුසල සිතිවිලි මතු කරමින් කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව ඇති කර ගැනීම සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව යි. සැබෑම බෞද්ධයකු නම් ඔහු තුළ මෙකී ශ්‍රද්ධාව තිබිය යුතු ම ය. සමාජයේ විවිධ ධනවතුන් හා බලවතුන් දක්නට ඇත. ඔවුන් සමහර විට විවිධ හේතූන් මුල් කරගෙන එකී තත්ත්වයට පත් වී තිබේ. ඒ අතරින් යහපත් මෙන් ම අයහපත් පිරිස් ද දක්නට ඇත. ඇතැම් ධනවතුන් හා බලවතුන් නොමනා ක්‍රියාදාමයන් කොට එම තරාතිරම් හිමි කරගෙන ඇත. මෙයින් සමාජයට මෙන්ම රටට ද කිසිදු ප්‍රයෝජනයක්, යහපතක් නොවෙයි. බෞද්ධයෙක් හැටියට සැබෑ ම ධනවතෙක් හා බලවතෙක් වීමට නම් ඔවුන් ධර්මානුකූල විය යුතු ය. එවිට ඔවුන් සමාජයට මෙන් ම රටට ද වැදගත් වෙයි. තව ද මෙකී පුද්ගලයන් නිසාවෙන් සමාජය දුෂ්චරිතයන්ගෙන් තොරව සුචරිතවත් බවට පත් වේ. බුදුන් වහන්සේ ධනවතකු හා බලවතකු වීමට අවශ්‍ය ධර්ම කරුණු කිහිපයක් සූත්‍ර පිටකයේ සංඛිත්ත සත්ත බල සූත්‍රය තුළ දී පෙන්වා දී තිබේ. මෙම ධනය හා බලය නැති ජීවිතය හිස් වූවක් මෙන් ම දිළිඳු වූවක් බව උන්වහන්සේ දේශනා කර ඇත. එම සූත්‍රය තුළ පෙන්වා දී ඇති එම බල හා ධන එනම්, ශ්‍රද්ධාව, සීලය, හිරි, ඔත්තප්ප, සුත, චාග හා ප්‍රඥා ය. මෙකී කාරණාවලින් ධර්මානුකූල ව යම් කෙනෙක් කටයුතු කරයි නම්, ඔහු හෝ ඇය සැබෑ ම ධනවතකු හා බලවතකු වන බව මෙම සූත්‍රය තුළ දී පෙන්වා දී ඇත. පැහැදීම - ශ්‍රද්ධාව යනු අපේ සිතේ ඇති වන සිතිවිල්ලකි. අභිධර්මය තුළ මෙය චෛතසිකයක් ලෙස ද දක්වයි. සැබෑවට ම ශ්‍රද්ධාව යනු තුනුරුවන්ට ඇති ගෞරවය හා භක්තිය යි.
මම මේ මල් අප බිම්බිසාර මහරජුගේ අණට ගෙන යමි. ඒ වෙනුවෙන් මම වැටුප් ද ලබමි. ඒ අණ කඩකළ හොත් රජතුමා මා සිරගෙයි ලෑමට හෝ තැළීමට හෝ මේ රාජකාරියෙන් මා නෙරපීමට හෝ අණ කරනු ඇත. එහෙත් කම් නැත. මම ඒ හැම දඬුවමක් ම විඳින්නෙමි. මේ මලින් පමණක් නොව මාගේ ජීවිතයෙන් ද බුදුරජාණන් වහන්සේ පුදමි. රජගහනුවර සුමන නම් මල්කරුවෙක් විය. ඔහු බිම්බිසාර රජතුමාට සෑම දිනක ම උදෑසන දෑසමන් මල් නැළි අටක් පුරා මල් ගෙනැවිත් දෙයි. ඒ මල් නැළි අටට කහවණු අට බැගින් රජතුමා විසින් මල්කරුට ලබා දෙයි. මේ නිසා ම සුමන, මල් වැවීම ද, මල් සැපයීම ද නොකඩවා ම සිදු කරයි. දිනක් උදෑසනම සුමන මල් නැළි අට සකස් කරගෙන රජමාලිගයට යෑම සඳහා මහ මඟට පිවිසුණේ ය. ඔහු ගමන් කරන මඟට අතුරු මඟකින් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ පිරිවරා වඩින අයුරු දුටුවේ ය. සාන්ත ගමනින් බුදුරැස් විහදුවමින් වඩින බුදුරජාණන් වහන්සේ දුටු සුමන මල්කරුගේ සිත සතුටු ව පැහැදුණේ ය. ඒ නිසා ම සිය දෑතේ තිබෙන සුවඳ හමන දෑසමන් මලින් බුදුහිමි පිදීමට සිත් ඇති විය. එහෙත් ඔහුට මෙසේ සිතුණි. මම මේ මල් අප බිම්බිසාර මහරජුගේ අණට ගෙන යමි. ඒ වෙනුවෙන් මම වැටුප් ද ලබමි. ඒ අණ කඩකළ හොත් රජතුමා මා සිරගෙයි ලෑමට හෝ තැළීමට හෝ මේ රාජකාරියෙන් මා නෙරපීමට හෝ අණ කරනු ලැබේ. එහෙත් කම් නැත. මම ඒ හැම දඬුවමක් ම විඳින්නෙමි. මේ මලින් පමණක් නොව මාගේ ජීවිතයෙන් ද බුදුරජාණන් වහන්සේ පුදමි’යි සිතුවේ ය. සුමන මල්කරු සුවඳවත් දෑ සමන් මල් බුදුරජාණන් වහන්සේට පිදුවේ ය.
ඉල් පුර අටවක පෝය දින
පිහිට පතයි
ඉතිරිය»
දුක හඳුනාගෙන ජීවිතයට සතුටින් මුහුණ දෙමු
සම්බුද්ධ ශාසනයේ ලාංකීය නිජබිම වූයේ උතුම් මහමෙව්නාව පින්බිමයි
පණ සේ රැකිය යුතු වුව සිතු සේ මඟහරින මඟහැරෙන ගුණ ධර්ම ...
දශක හතරක් පුරා බෞද්ධ දර්ශනයේ හරය ජාත්‍යන්තරය වෙත සමීප කළ අග්‍රගණ්‍ය පඬිරුවන
විද්‍යාලංකාර සම්ප්රදායේ වර්තමාන භූමිකාව
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]