[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුවපෝතක ජාතක කතාව ඇසුරිනි

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

සමාජය පිළිබඳ බෞද්ධ ආකල්පය නැවත සමාජ ගත කළ යුතු කාලයයි ...

උතුරු ඉන්දියාවේ තත්කාලීන සමාජය කෙරෙහි බුද්ධ ධර්මය බල පැවැත්වීමට පෙර බ්‍රාහ්මණ මත ගැන සුළු වුව ද හැඳින්වීමක් නැතිව සමාජය පිළිබඳ බෞද්ධ අදහස් තේරුම් ගැනීම අපහසු ය. බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නට ශත වර්ෂයකට හෝ දෙකකට පෙර බ්‍රාහ්මණ සමාජ ධර්ම බලපැවැත් වූ බව එකල ලියැවුණු උපනිශද් ග්‍රන්ථාශ්‍රයෙන් දත හැකි ය. සමාජය අවසාන යුගය උදාවෙන අවධියේ දී බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය සහ ඊට පහළින් සිටි ශුද්‍රයින්ද වශයෙන් සලකා පන්ති හතරකට බෙදිණි. ශුද්‍රයින් ලෙස සලකන ලද්දේ දාස ගණයට අයත් ජනයා ය. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ වංශය ද, දෙබාහුවෙන් ක්ෂත්‍රිය වංශය ද, කළවා යුග්මයෙන් වෛශ්‍ය වංශය ද, දෙපතුළින් ශුද්‍ර වංශය ද මවන ලද බව ඉගැන්වේ. මෙයින් පැහැදිලි වන්නේ සමාජ සංවිධානය සහ කුල ක්‍රමය ඇති වූයේ මහා බ්‍රහ්මයාගේ ආඥාවට අනුව බව ය. මේ නිසා සමාජයේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය ඔවුන් තේරුම් ගත්තේ මිනිසුන් හා දෙවියන් අතර ඇති සම්බන්ධයක් ලෙස ය. මෙම මූලික බ්‍රහ්මවාදී ධර්මය පදනම් කොට වර්ණාශ්‍රම ධර්මවාදය හා ස්වධර්මවාදය ඇති වූ බව කිව යුතු ය. මෙයින් වර්ණාශ්‍රමවාදී ධර්මය පුද්ගලයා උත්පත්තියේ සිට මරණය දක්වා ම වෙනස් කළ නොහැකි ආගමික සාමාජික නියමයකට යටත් කර තැබීම උගන්වයි. ස්වධර්මවාදය ගොඩනැඟී ඇත්තේ කෙනකුගේ ලේ ධාතුව මෙන් ම සංස්කෘතිය ද ප්‍රවේණිකව හිමි වන්නේ ය යන හින්දු විශ්වාසය මුල්කර ගෙන ය. ඒ අනුව පොදු ජනයා සිය ජීවිතාන්තය දක්වාම බැඳතබා ගැනීම ආශ්‍රම ධර්ම තුළින් ඉටු වී ඇත. බුදුසමයේ උදාවත් සමඟ ම ප්‍රවේණි අයිතිවාසිකම් සතුව ගොඩනඟා තිබූ බ්‍රාහ්මණ බලය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. නමුත් රජුගේ බලය ඔහු විසින් මෙහෙය වන ලද ධර්මය හෙවත් නීතිය බමුණු බලය මත පැවැතුණි. මෙසේ ස්ථාවර ව තිබුණු බ්‍රාහ්මණ සමාජ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බුදුහිමියන් දැරූ උත්සාහය විස්මය ජනකය. එදා සමාජයේ පැන නැඟුණු නානාවිධ සාමාජික ප්‍රශ්න නිරාකරණය කිරීමට බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ ඥාන මාර්ගයයි.

ගත සිත නිරෝගී වන්න සීලය පුරුදු පුහුණු කරන්න

සැවැත්නුවර තිස්ස නම් තෙර නමකගේ මුළු සිරුර පුරාම අබ ඇට මෙන් බිබිලි හටගෙන ඉමහත් සේ රෝගාතුර විය. පසුව එම බිබිලි වර්ධනය වී මුං, කඩල. දෙබර,නෙල්ලි, බෙලි පමණ වී ගෙඩි සිදුරු වී, වන වී පැලී ගොස් සැරව හා ලෙයින් සිරුර වේයන් කෑ පඬරැල් පතක් බඳු විය. එබැවින් උන්වහන්සේට පූතිගත (ගතෙහි ගෙඩි) යන නාමය එකතු විය. තිස්ස තෙරණුවෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස දක්ෂ (කුරුලු) වැද්දෙකි. දිනපතාම බොහෝ කුරුල්ලන් අල්ලාගෙන මරා මස්වලට විකුණයි. පවුලේ ආහාරයට ගනියි. ඉතිරි පක්ෂීන්ට පියඹා නොයන ලෙස පියාපත් උගුල්වා අඩු – ඇට කඩා ඇස් අඳ කර තබා පසුදාට ද විකුණයි. අළෙවි කරයි. මේ අයුරින් දිවි ගෙවන ඔහුගේ නිවසට පිඬු පිණිස ගෙපිළිවෙලින් වැඩි රහතන් වහන්සේ නමක් දැක පැහැදී සතුටු වී සදැහැයෙන් ප්‍රඥාවෙන් දන් පූජා කර මම බොහෝ ප්‍රාණඝාත පව් කම් කළෙමි. මට මෙබඳු වූ පිනක්, කුසලයක් සිදු කර ගැනීමට ලැබීම මහත් වාසනාවකි. පින්කමකි. මෙම පුණ්‍ය කර්මයෙන් ඔබ ලත් උතුම් දහම ම මටත් මුදුන් පැමිණේ’වා යි පැතුවේ ය. එම කරන ලද පව්කම්වල මහා විපාක හා සුළු පින්කමේ ආනිශංසය යහපත් ප්‍රතිඵල මේ ආත්ම භවයේ දී මේ ලෙස ලැබුණේ ය. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලුයම ලෝ වැසියන් දෙස බැලීමේ දී උන්වහන්සේගේ මහා කරුණාවට භික්ෂුව දක්නට ලැබිණ, ආනන්ද හිමියන් සමඟ බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය සඳහා වැඩම කර ගිනිහල් ගෙට ගොස් වතුර උණුකර වැතිර සිටි ඇඳ පිටින් ම නේවාසික භික්ෂූන්ගේ උපකාරය, සහයෝගය ඇතිව නෑවීම, පවිත්‍රත්වය සිදු සිදුකළහ.

ඇසුරු කරන අය නිවැරැදිව හඳුනාගත යුතු ඇයි?

දිනක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙලෙස ඇසූහ. භාග්‍යවතුන් වහන්ස, මේ සම්බුද්ධ ශාසනය හරි අඩක් ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත යි. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මෙලෙසයි. ආනන්ද එහෙම කියන්න එපා. මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ සම්පූර්ණ කල්‍යාණ මිත්‍ර ඇසුර නිස යි. මෙම පුංචි සංවාදයෙන් සියලුම ලෝකවාසී ශ්‍රාවකයින්ට වටිනා ගැඹුරු පණිවිඩයක් සන්නිවේදනය කරන්නේ ය. ඒ යහපත් දිවිපෙවෙතක් සංවර්ධනය කර ගැනීමට කල්‍යාණ මිත්‍රයාගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය බවයි. අස්ථානයේ යෙදෙන පුද්ගලයා ඉන් මුදවාගෙන ස්ථානයෙහි තැබීමට වෙර දරන අවංක පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා යි. ඔහු හොඳ නරක, කළ යුතු නොකළ යුතු දෙය, කිවයුතු, නොකිය යුතු, නොසිතිය යුතු, සිතිය යුතු දෙය කියා දෙයි. එහෙත් හොඳ කල්‍යාණ මිත්‍රයා අවුරුදු ගණනාවක් ඇසුරු කළත් හඳුනාගත නොහැකි ස්වභාවයක් පවතී. එයට හේතුව වී ඇත්තේ බොහෝ දෙනා තම තමන්ගේ පටු අර්ථයන් සාධනය කර ගන්නා තුරු කල්‍යාණ මිත්‍ර ස්වරූපයෙන් රංගනයක යෙදෙන නිසයි. අපගේ ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයා ලෙස හැඳින්විය හැක්කේ බුදුපියාණන් වහන්සේ ය. උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ගඨීකාර සූත්‍රයේ සඳහන් අපූරු කථාවක් තුළින් කියැවෙන්නේ කල්‍යාණ මිත්‍රයාගේ උසස් ලක්ෂණයන් ය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස ගඨීකාර සහ ජෝතිපාල යන දෙදෙනා හොඳම යාළුවෝ වූහ. ගඨීකාර දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යමුයි කියල යහළුවා වන ජෝතිපාලට යෝජනා කළා. නමුත් ඔහුගේ පිළිතුර වූයේ “වැඩක් නෑ. ඔය මුඩු මහණා බලන්න යාම” කියල යි. ගඨීකාර තම යහළුවා බුදුරජාණන් හමුවට එක්කරගෙන යාමට ගත් උස්සාහය අත හැරියේ නෑ. කීප වතාවක් කළ යෝජනා ප්‍රතික්ෂේප කළේ බුදුරජාණන් වහන්සේට අපහාස වන ලෙසට කතා කරමින් ය. අවසානයේ ගඨීකාර ජෝතිපාලගේ කෙස්වැටියෙන් අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යන ලෙසට බල කළේ ය. කෙසේ හෝ ජෝතිපාලගේ හිත බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට සුදුසු පරිදි සකස් විය. අවසානයේ ජෝතිපාල බුදුරජාණන් වහන්සේ ළඟ උතුම් පැවිද්ද ලබා ගැනීමට තරම් වාසනාවන්ත විය.

බිනර අමාවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]