[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ද්විතීය සංඝනායක පදවි ලබති

ද්විතීය සංඝනායක පදවි ලබති

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව මඟින් කොළඹ නවකෝරළයේ ද්විතීයික සංඝනායක පදවිය පල්ලෙවෙල දේවරක්ඛිත හිමියන්ට පිරිනමා තිබේ.

දේවරක්ඛිත සාමණේර නම සුභද්‍රාරාම පිරිවෙනේ දී සිංහල, පාලි, සංස්කෘත හා ත්‍රිපිටක ධර්මය පිළිබඳ මූලික දැනුම ලබාගත් අතර ප්‍රාචීන මධ්‍යම විභාගය සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව 1981 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්හ.

1982 වර්ෂයේ සිට සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනෙහි ආචාර්යවරයෙක් ලෙස සේවය කරමින් සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධානත්වය ලබාගෙන 2018 වර්ෂයේ දී ආනන්ද රේවත නාහිමියන් අපවත් වන තුරුම ධර්මදූත සේවයෙහි නිරත වී සිටියහ. රෝගී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නේවාසික ව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විශාල ධන පරිත්‍යාගයකින් නුගේගොඩ උඩහමුල්ලේ සුධර්මාරාම විහාරස්ථානයට අනුබද්ධ ගිලන් මධ්‍යස්ථානයක් ඉදි කරන ලදී.

තබ්බෝවේ ආනන්ද රේවත නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව සුභද්‍රාරාම විහාරස්ථානයත්, පල්ලෙවෙල වික්‍රමශීලා විදර්ශනා පිරිවෙනත් පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමය, කුරුණෑගල තිරගම ශ්‍රී සුමංගලාරාමය, කොටුවේවත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරාමය, පුත්තලම කරුවලගස්වැව ශ්‍රී විජයරාජ විහාරය ආදී විහාරස්ථානවල අභිවෘද්ධිය උදෙසා කටයුතු කරමින් ශාසනික සේවාවේ නිරත වෙමින් කටයුතු කරති.

මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් මහානායක සානුනායක විංශද් වර්ගික කාරක මහා සංඝ සභාවෙන් දේවරක්ඛිත හිමියන්ට කොළඹ නව කෝරළයේ ද්විතීයික සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ සන්නස් පත්‍රය ලබා ගැනීමේ උත්සවය මේ මස 09 වැනි දින මහනුවර මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණ. ශාසනික අභිවෘද්ධිය ඇති කරලීම සඳහා උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.

ඇසළ අව අටවක

 ජුලි 27 බදාදා අපරභාග 09.12 අමාවක ලබා 28 බ්‍රහස්පතින්දා අපරභාග 11.25 ගෙවේ.
28 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]