[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පරිත්‍යාගයෙන් හා අවබෝධයෙන් රැකිය යුතු සීලය

ඔහුගේ අතේ තිබුණ පිහිය ගෙන පිඹුරාට පහර දීමට සූදානම් විය. එහෙත් ඔහුට සමාදන් වූ ශීලය සිහි විය. සිල්පද කැඩීමෙන් සිදුවන ආදීනව මතක් විය. එනිසා පිඹුරා ඝාතනය කිරීමේ අදහස ඔහු අත්හැරීය. සිල්වත් ගුණවත් බ්‍රාහ්මණ පඬිවරයෙක් සැවත් නුවර වාසය කළේ ය. තෙරුවන් සරණ ගිය මේ බ්‍රාහ්මණතුමා නොකඩවා පන්සිල් රකින, වේදත්‍රය ද උගත් අයෙකි. කෙසොල් රජු මොහුට පි‍්‍රය කළේ ය. ගරු කළේ ය. හොඳම කල්‍යාණ මිත්‍රයකු ලෙස බ්‍රාහ්මණ තුමා ඇසුරු කළේ ය. මෙසේ කාලයක් ගෙවුණි. දිනක් බ්‍රාහ්මණතුමාට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. “මට රජතුමා මෙතරම් සලකන්නේ ඇයි? මාගේ ජාතිය නිසා ද? කුලය නිසා ද? උගත් නිසා ද? එසේත් නැතිනම් මගේ සිල්වත්කම හා ගුණ යහපත්කම නිසා ද? මේ ගැන හොයා බලන්න ඕනෑ කියල පරීක්ෂණයක් කළේ ය. දිනක් මේ බ්‍රාහ්මණයා රජ ගෙදරට යන ගමනේ රාජ භාණ්ඩාගාරයට ගොස් එහි භාණ්ඩාගාරිකවරයා ඉදිරිපිට කහවනුවක් රැගෙන ගියේ ය. භාණ්ඩාගාර නිලධාරියා ඒ ගැන සිතුවේ මෙලෙස ය. “අපගේ රජු පමණක් නොවේ, අපි සියලුම දෙනා මේ බ්‍රාහ්මණතුමාට ගරු සැලකිලි“ දක්වනවා. අපේ රජතුමාගේ හොඳම මිත්‍රයා තමයි මේ බ්‍රාහ්මණතුමා. ඒ නිසා මේ ගැන කිසිවක්, කිසිවකුටත් නොකියා නිශ්ශබ්දව ඉන්න ඕනෑ” කියලා හිතුවා. මේ සිද්ධිය වූ දිනට පසු දින නැවත වරක් බ්‍රාහ්මණයා රාජ භාණ්ඩාගාරයට පැමිණ කහවනු දෙකක් රැගෙන ගියේ භාණ්ඩාගාර නිලධාරියා බලා සිටියදී ය. එදිනත් බමුණාගේ ගුණයහපත්කම ගැන සිහිකොට නිශ්ශබ්ද විය. කිසිවක් කිවේ ද නැත. තුන්වැනි දිනයේ බමුණා පෙර පරිදිම භාණ්ඩාගාරයට පැමිණ කහවනු අහුරක් රැගෙන ගියේ ය. මේ මොහොතේ දී භාණ්ඩාගාර නිලධාරිවරයාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ ය.


ඇසළ අව අටවක

 ජුලි 27 බදාදා අපරභාග 09.12 අමාවක ලබා 28 බ්‍රහස්පතින්දා අපරභාග 11.25 ගෙවේ.
28 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]