[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කෙලෙසද සෙට මරු නේති සිතන්නේ

පමා බව නම් සිහියෙන් ජීවත් නොවීමයි. එය අප්පමාද යන පදය තුළ අන්තර්ගත කොට ඇත. අප්පමාද නොවිය යුත්තේ ලබා ඇති කෙටි කාලීන ජීවිතයත් සමඟ ය. වර්තමානයේ මිනිසකුගේ පරම ආයුෂ කෙටි වී තිබේ. එහෙමත් කෙනෙක් හැත්තෑවක්, හැත්තෑපහක් ආයු වළඳනු ඇත. පමා වුවන් හා මළවුන් එක සමාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. “පමාදෝ මච්චුනෝ පදං” මියගිය මිනිසෙක් තුළ ප්‍රාණ වායුව නොමැත. ජීවිතේන්ද්‍රිය නොමැත. උෂ්ණය නොමැත. හරියට වියළී ගිය දර කඩක් හා බඳු ය. එලෙස ම ප්‍රමාද වූ පුද්ගලයා සිහි මුළාවෙන් චක්ඛු, සෝත, ඝාණ,ජිව්හා කාය යන පංචේන්ද්‍රියන් පිනවීමට ම උත්සාහවත් වෙති. කම් සැපතෙහි ම ඇලෙති. ගැටෙති. ඒ මතම ඇලී ගැලී විනාශ වෙති. කුසල් දහම් කිරීමට තබා ඒ පිළිබඳ සිතීමක්වත් ඔවුන් තුළ නොමැත. මරණය වැළැක්වීමේ පිළිවෙතට යොමු නොවුණවුන් ජාති, ජරා, ව්‍යාදී මරණාදී දුක් විඳිමින් ම මැරි මැරී නැවත නැවත සසර උපදිති. අප ජීවත් වන්නේ පුංචි කාලයකි. එම පුංචි කාලයත් එදිනෙදා කටයුතු සඳහා වෙන් වීමේ දී අපට කම් සප විඳිමින් මේ බයංකර සසරෙහි සැපතක් ලැබිය හැකි ද? ඒ බව ප්‍රත්‍ය ශතකය තුළින් මැනවින් ඉදිරිපත් කොට ඇත. මනුෂ්‍යයාට පරමායුෂ සියයෙක් වන්නේ ය. එයින් භාගයක් රාත්‍රීයේ දී ගෙවී යන්නේ ය. එයින් දෙභාගයක් බාල, මහලු, වයස් වන්නේ ය. අවශේෂ භාගය ද රෝග, පීඩා, වියෝ, දුක්, මරණ ආදියෙන් ගෙවී යන්නේ ය. එසේ හෙයින් චංචල වූ රළපතරක් මෙන් වසන සත්ත්වයාට සැපයක් නම් කොයින් ද?


පොසොන්
අව අටවක

 ජුනි 20 සඳුදා අ.භා. 09.09 අව අටවක ලබා 21 අඟහරුවාදා අ.භා. 08.38 ගෙවේ.
 21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]