ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ මැදින් අව අටවක 2022 මාර්තු 25 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කුමාර පේ‍්‍රත වස්තුව:
දෙමැද, දැරණියගල ශ්‍රී චිත්ත විවේකාරාමයේ ඇටම්පොල ඤාණිස්සර හිමි
කොසොල් මහ රජතුමාට පුත්‍රයන් දෙදෙනකු සිටියහ. මොවුන් දෙදෙනා පරදාර සේවනයෙහි යෙදී අකුසල් කර්ම කොට පේ‍්‍රත ලෝකයෙහි ඉපදුණි.
දිය අගලක් මතුපිට උපත ලද මෙම පේ‍්‍රතයන් රාත්‍රී කාලයෙහි භයානක ශබ්ද නඟා කෑ ගසති. මේ ශබ්දයට මහජනයා බියට පත් වූහ. බියට පත් වූ ජනයා බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙත සපිරිකර සඟ ගත දක්ෂිණාවක් පිරිනමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පුවත දන්වා සිටියහ.
බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරමින් පේ‍්‍රතයන් කෑමොර දීමට හේතුව වදාළහ.
කිං තතෝ පාපකං අස්ස යං තෝ රාජකුලං චුතා උප්පන්නා පෙත්ති විසයං ඛුප්පිපාසා සමප්පිතා
පව්කම් කොට රජ කුලයෙන් චුත ව පේ‍්‍රත ලෝකයෙහි ඉපදුනි. සා පිපාසා දුකින් පීඩිත විය. පෙර අත්බවේ දී කළ කම් පල විඳින්නේය.
මෙලොව විශාල සම්පත් හිමිව ධනවත් ව සිට පව්කම් කොට ඒ උසස් මිනිස් ලොවින් චුතව පේ‍්‍රත ලොව ඉපිද අනන්ත දුක් විඳිමින් සා පිපාසාවෙන් පෙළේ කියමින් ඔවුන් කෑමොර දෙන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුමාර පේ‍්‍රත වස්තුව දේශනා කරමින් පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කොට වදාළ සේක.
මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ. 25 සිකුරාදා සිල්
අව අටවක
මාර්තු 25
අමාවක
මාර්තු 31
පුර අටවක
අපේ‍්‍රල් 09
පසළොස්වක
අපේ‍්‍රල් 16
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]