[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සත් රුවන් පරදවන ආර්ය ධන හතක හිමිකරුවකු වන්න

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස, අ‍ාරොග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං, විස්සාසා පරමා ඤාති - නිබ්බාණං පරමං සුඛං, සකල ජන මන සනසන තිලෝගුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි පසේනදී කොසොල් මහ රජතුමන් අරබයා මෙම උතුම් ධර්මය දේශනා කොට වදාළ සේක. මෙම රජතුමා දිනක් දවල් පුරුදු පරිදි බොහෝ රසවත් ආහාරවලින් කුස පුරවාගෙන මද වේලාවක් වත් විවේක නොගෙන වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ එකත්පස්ව හිඳ පිළිසඳර කතාවෙහි යෙදුණේ ය. රජතුමා මඳ වේලාවකින් ආහාර මදයෙන් හටගත් නිදිමත ගතියෙන් ඈත මෑත ඇඟ හරවමින් නොසන්සුන් ව සිටියේ ය. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජුගේ ස්වභාවයත්, එයට හේතුවත් දැන වදාරා “මහරජ, පමණ දැන ආහාර ගැනීම කයට සුව පහසුව පිණිස හේතු වන්නේ යැයි වදාළ සේක. කොසොල් රජතුමා ද එම අවවාදයෙහි පිහිටා දිනපතා එක එක බත්පිඬ බැගින් අඩුකොට අහර ගැනීමේ ක්‍රමයෙන් ඉතා සුවපහසුව ලැබ, ශාරීරික බලය හා මානසික සහනය වර්ධනය ළඟා කර ගත්තේ ය. දිනක් වෙහෙරට ගොස් බුදුරදුන්ගේ සිරිපතුල් වැඳ සොම්නස් ව “ස්වාමීනි, දැන් මට පහසු ය. සිරුරේ බලය ද වැඩුණේ යැයි ප්‍රකාශ කළේ ය. අප බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිමිති කරගෙන සකල සත්වයාට පොදුවේ බලපාන පරිදි මෙම ගාථා ධර්මය ප්‍රකාශ කොට යථාර්ථ පරිදි සැපත විග්‍රහ කළ සේක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවූ අක්ෂරයක්, පදයක්, ගාථාවක් සූත්‍රයක් පාසා තමන් වහන්සේගේ මනෝ විඥානයට සම්බන්ධ වන බැවින් එහි බලය, ගුණය, සුවය මෙ පමණ යැයි සිතා කියා නිම කළ නොහැක.


මැදින් අව අටවක පෝය

මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ.
25 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]