සිහිනය පිළිබඳ
බෞද්ධ විවරණය
රත්මලාන
ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ
හෑගොඩ විපස්සි හිමි
අනාදිමත් කාලයක පටන් මිනිසාගේ කුතුහලයට හේතුවන සිහිනය වනාහි ස්වයංජාත ස්වාධීන අපූරු
නිර්මාණයක්. මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ “සුපිනකූපමා වුත්තා” කාමය
සිහිනයකට උපමා කොට ඇත. ඊට හේතුව කාමය වනාහි අල්ප ආශ්වාද ඇත්තේය.
බොහෝ දුක් දොම්නස් ඇත්තේය. දැඩි වෙහෙස ඇත්තේය. මේ ආදි වශයෙන් කාමයේ මහත් ආදීනව ඇති
නිසා හුදෙක් එය සිහිනයක් බඳුයි. එසේම, තවද, මජ්ක්‍ධිම නිකායේ පෝතලීය සූත්‍රයේ
මිනිසෙක් රමණීය ආරාමයකින් යුත්, පොකුණුවලින් යුත්, මනහර භූමිභාගයක් සිහිනෙන් දකී.
එහෙත් ඔහු නින්දෙන් පිබිදුනු විට එය දකින්නේ නැත. ආර්ය ශ්‍රාවකයා කාමයෝ සිහිනයකට
බඳු උපමා ඇතැයි ආදීනව සලකනු ලබන බව එම සූත්‍රයේ ද සඳහන්ය.
මෙසේ ත්‍රිපිටකයේ සිහිනය සම්බන්ධව විවිධ උපමා රූපකයන් දක්නට ලැබෙයි. මේවා පිළිබඳ
ඉහත පළවූ ලිපියේ මූලාශ්‍රයන් රූපයන් අප පෙන්වා ඇත. කෙසේ වුවත්, යම් පුද්ගලයෙක්
සිහින දකින්නේ කුමන අවස්ථාවකදී දැයි යන්න පිළිබඳ පශ්චාත්කාලීන ත්‍රිපිටකයට පසුකාලීන
ග්‍රන්ථවල අතිශය නිරවුල් ලෙස සාකච්ඡා කොට ඇති බව පෙනේ.
විශේෂයෙන් මිළින්ද ප්‍රශ්නයේ නාගසේන හාමුදුරුවන් යම් පුද්ගලයෙක් සිහින දකින්නේ
‘කපිමිද්ධ පරතෝ ඛෝ මහාරාජ සුපිනං පස්සතී” අඩනින්දේදී සිහින දකින බව මිළිඳු රජුට
පහදා දෙයි.
මෙය පදනම් කොට ගෙන අභිධර්ම අටුවාවක් වූ විභංග අට්ඨ කථාවේද විසිතුරු විවරණයක් දක්නට
ලැබේ. ඒ අනුව පංචද්වාරය ක්‍රියාකරන විට නින්දයාමක්වත්, නින්දෙන් යුක්තවීමක් වත්,
නින්දෙන් පිබිදීමක්වත් හෝ කිසියම් සිහින දැකීමක්වත් සිදුනොවන බව සඳහන් කරයි.
පංචද්වාරය කියන්නේ චක්ඛු (ඇස) ශෝත (කන) ඝාණ (නාසය) ජිව්හා (දිව) කාය (කය) මෙයයි. එම
නිසා නිදිගත් තැනැත්තකුගේ ඇස ළඟ පහන් වැටියක් දල්වා ඒ පහන තැබූවිට පළමුව
චක්ඛුද්වාරික ආවජ්ජභවාංග සිත නො ඇදෙන බව දක්වයි. එනිසා භවාංග සිත ඇද දමන්නේ
මනෝද්වාරික ආවර්ජනයයි. තවදුරටත්
චිත්තවීති ඔස්සේ සිහින දකින අවස්ථාව විභංගයේදී විවරණය වේ. මේ සම්බන්ධයෙන් අපූරු
උපමාවක් අභිධර්ම විවරණයේ සඳහන්ව ඇත. එක් මිනිසෙක් පල දරන අඹ ගසක් යට හිස වසා
පොරවාගෙන නිදාගන්නවා. ආසන්නයේ අඹ ගෙඩියක් වැටෙනවා .
මිනිසා ඒ හඬින් පිබිදී හිස වැසූ පොරවනය ඉවත් කොට ඇස් ඇර බලා අඹය දැක ඒක ගෙන ඔබා සිඹ
ඉදුණු බව දැන කා අවසානයේ තලුද මරා ගිල යළිත් හිස පොරවා නිදනවා. මිනිසා හිස වසා
පොරවාගෙන නිදන කාලය භවාංග කාලයයි. ඒ භවාංග කාලය යනු ඇස, කන ආදී පසිඳුරන්ගෙන් අරමුණු
නොගෙන සිටින කාලයයි.
නිදාගන්නාවිට එම අරමුණු නොගත්තත්, මනෝද්වාරය ක්‍රියාත්මක වේ. ඒ ක්‍රියාත්මක වන
ආකාරය මේ උපමාවෙන් තවදුරටත් පැහැදිලි කරන්නේ මෙසේය. අඹය වැටුණු කාලය මෙහි රූපය
චක්ෂු ප්‍රසාදයේ හැපුණු කාලයයි. එයින් පිබිදී කාලය මෙහි පංචද්වාරා වජ්ජන කාලයයි. ඇස
ඇර බැලූ කාලය මෙහි සමිපටිච්ඡන කාලයයි.
ඔබා බැලූ කාලය මෙහි සන්තීරණ කාලයයි. වොථ් කපන කාලය සිඹ බැලූ කාලය සේය. කන කාලය මෙහි
ජවන කාලයයි. තලු මරා ගිලින කාලය මෙහි තදාරම්බන කාලයයි. නැවත හිස වසා පොරවා නිදන
කාලය මෙනි .
යලිදු භවාංග කාලයයි. අටුවාවේ විවරණය කරන්නේ සිහින දකින්නේ මනෝද්වාරික ජවනයෙන් මිස,
පංචද්වාරික ජවනයෙන් නොවන බවයි. එම නිසා ඉහත සඳහන් කළ පරිදි මිළින්ද ප්‍රශ්නයේ
කපිමිද්ද යනුවෙන් සඳහන් කරන්නේ තද වූ ගැඹුරු වූ නින්ද නොව අඩනින්දයි. කපි යනු
වඳුරායි. වඳුරාගේ නින්ද මොහොතකින් වෙනස්වන නිසා කපිමිද්ද යනුවෙන් මෙය හඳුන්වා ඇත.
මෙම කරුණු ඔස්සේ තවදුරටත් සරලව පැහැදිලි කළහොත් යම් පුද්ගලයෙක් ගැඹුරු හෙවත් තද
නින්දේදී සිහින නොදකින බව ථේරීය විවරණය යි. පශ්චාත්කාලීන කෘතියක් වූ වසුබන්දුගේ
විඥ්ඥප්ති මාත්‍රතා සිද්ධියේ සිහිනය පිළිබඳ දාර්ශනික ස්වරූපයෙන් සාකච්ඡා කළ අවස්ථා
දක්නට ලැබේ.
තවද ගී‍්‍රසියේ විසූ ඩිමොක්රිටස් ප්‍රකාශ කර සිටින්නේ සිහිනය පෙනෙන්නේ වාතය එහා
මෙහා පාවෙමින් සිටි භූත විශේෂයක් ආත්මය බැදුණු විට බවයි. මේ අන්තවාදී සංකල්ප බෞද්ධ
විවරණයන්ගෙන් ප්‍රතික්ෂේප කෙරේ. කෙසේ වුවත්, බෞද්ධ විවරණ ග්‍රන්ථවල සඳහන්
දේවතෝපසංහාර වශයෙන් දකින සිහින සත්‍යයද විය හැකිය. අසත්‍යය ද විය හැකිය.
හුදෙක් කෙනෙකුට මෙය ආත්මවාදී සංකල්පයක් යැයි කිව හැකිය. එය ප්‍රතික්ෂේප කිරීමට අපට
අවශ්‍ය තරම් සාධක ඇත.
මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා (25) පත්‍රයේ පළ වේ
හේමමාලා රන්දුනු |