[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භාවනා‍ අරමුණු හඳුනා ගනිමු - 03

භාවනා‍ අරමුණු හඳුනා ගනිමු - 03

නීවරණ ධර්මාදිය සංසිඳුවා සිත තැන්පත් කරමින්, සිත දියුණු කරන සමථ භාවනාවෙහි දී භාවනාවට අරමුණු කරගත යුතු කරුණු සමථ කර්මස්ථාන ලෙස හඳුන්වනු ලැබේ.

කම්මට්ඨාන (කර්මස්ථාන) යැයි කියන්නේ සමථ හෙවත් සමාධි භාවනාව සඳහා යෝගාවචරයන් විසින් උපයෝගී කර ගන්නා භාවනා අරමුණුවලටයි. කර්මස්ථාන හතළිහක් (40) ක් තිබේ. මේ කර්මස්ථාන ඒ ඒ චරිතයට සුදුසු සේ චරිතානුකූල ව යොදාගනු ලැබේ.

එක් එක් කර්මස්ථානයෙන් දියුණු විය හැකි ප්‍රමාණ තිබේ. සමහර කමටහන් වැඩීමෙන් ධ්‍යාන උපදවා ගත නොහැකි අතර, සමහර කමටහන්වලින් පමණක් සියලු ධ්‍යාන උපදවා ගත හැකි වේ.

භාවනා කර්මයට ආධාර වන ඒ කමටහන් වන්නේ දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ආහාර පටික්කූල සංඥාව, චතුධාතු වවත්ථානය, සතර ආරුප්ප යන අරමුණු හතළිහයි.

එම කමටහන් 40 සහ ඒවායින් දියුණු විය හැකි ප්‍රමාණයන් මෙසේයි.

දස කසිණ

* පඨවි කසිණය

* ආපෝ කසිණය

* තේජෝ කසිණය

* වායෝ කසිණය

* නීල කසිණය

* පීත කසිණය

* ලොහිත කසිණය

* ඕදාත කසිණය

* ආකාස කසිණය

* ආලෝක කසිණය

මෙම කසිණ දහයෙන් චතුර්ථ ධ්‍යාන ම උපදවා ගත හැකි ය.

දස අසුභ

* උද්ධුමාතක

* විනීලක

* විපුබ්බක

* විච්ඡිද්දක

* වික්ඛායිතක

* වික්ඛිත්තක

* හත වික්ඛිත්තක

* ලෝහිතක

* පුලවක

* අට්ඨික

මෙම කමටහන් දහයෙන් ‍ප්‍රථම ධ්‍යානය පමණක් උපදවාගත හැකි ය.

දස අනුස්සති

* බුද්ධානුස්සතිය

* ධම්මානුස්සතිය

* සංඝානුස්සතිය

* සීලානුස්සතිය

* චාගානුස්සතිය

* දේවතානුස්සතිය

* මරණානුස්සතිය

* කායගතාසතිය

* ආනාපානසතිය

* උපසමානුස්සතිය

මෙම කමටහන් වලින් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය, මරණානුස්සතිය, උපසමානුස්සතිය යන කමටහන් අටෙන් ධ්‍යානයට ආසන්න උපචාර සමාධිය පමණක් ලැබේ.

කායගතාසතියෙන් ප්‍රථම ධ්‍යානය පමණක් ලැබේ .

ආනාපානසතියෙන් චතුත්ථ ධ්‍යානයම ලැබේ.

සතර බ්‍රහ්ම විහරණ

මෙත්තා , කරුණා, මුදිතා, උපෙක්ඛා

මෙම කමටහන්වලින් මෙත්තා , කරුණා, මුදිතා, යන තුනෙන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, ධ්‍යාන පමණක් ලැබේ. උපෙක්ඛා කමටහනින් චතුත්ථ ධ්‍යානය ලැබේ.

සතර ආරුප්පයෝ

* ආකාසානඤ්චායතනය

* විඤ්ඤාණඤ්චායතනය

* ආකිඤ්චඤ්ඤායතනය

* නේවසඤ්ඤානාසඤ්ඤායතනය

සතර ආරුප්පයෝ චතුර්ථ ධ්‍යානය පමණක් ලබා දෙයි.

ඒක සංඥා - ආහාර පටික්කූල සංඥාවෙන් ධ්‍යානයට ආසන්න උපචාර සමාධිය පමණක් ලැබේ.

ඒක වවත්ථානය - චතුධාතු වවත්ථානයෙන් ධ්‍යානයට ආසන්න උපචාර සමාධිය පමණක් ලැබේ.

(ඉතිරි කොටස මීළඟ බුදුසරණ කලාපයෙන් බලාපොරොත්තු වන්න)

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]