දුටුගැමුණු මහ රජතුමා: 59 කොටස
දුටුගැමුණු රජු
සිරිනාග කෙරහි
පැහැෙදයි
මහ ඇමතිතුමාගේ හෝ රජතුමාගේ මෙම හසුන්පත රැගෙන මාගම රාජ්‍යයේ දූතයකු එහි ගියවිට
ක්‍රියාකාරීව සිටි චරපුරුෂයන් සිය දෙනකු පමණ නිදහස් කර ගන්නට ලැබේවි. මම පරවියකු අත
රහස් පතක් රජරටට යවනවා”.
“මහ රජතුමනි, අවාසනාවකට මෙන් රජරටින් හෝ විජිතපුර බලකොටුවෙන් ලැබී ඇති රහස්
ඔත්තුවක් අනුව, කසාතොටට දකුණු කඳවුරෙන් මෑත්වුනු සැටියේ ම, උපතිස්ස බණ්ඩාර සෙනෙවිගේ
ආරක්ෂක කණ්ඩායම මා අත්අඩංගුවට ගත්තා. මොවුන් මගෙන් රජරට යුද තොරතුරු අසා නොකියන විට
දරුණු වධ දී මරා දමාවි. මට දැනට දැන ගන්නට ලැබී ඇති රහස් ඔත්තු සංඛ්‍යාව ඉතා
විශාලයි. ඒවාත් ගෙන පැන එන්නට හැකි නම් කොච්චර හොඳද? එහෙත් එය සිතීම හීනයක් පමණයි.”
“මේ පණිවුඩය මගේ සෙනෙවි මැඳුරට ගිය විට, එය එළාර මහරජුට හෝ දීඝජන්තුට යැවේවි”.
මම තොප අනුමත කරමි. අද තොපට පරෙවි අස්න යැවිය හැකියි. හෙට උදෑසනම දූතයකු යවන්නට
කටයුතු සැලසිය හැකි ය. අද රාත්‍රියෙහි තොපට අපත් සමගම දුටුගැමුණු රජතුමා හමුවිය
හැකියි.”
නන්දිමිත්‍ර, වේළුසුමන, සුරනිමල, උපතිස්ස බණ්ඩාර කැටුව පැමිණියහ. ඔවුන් සිරිනාග දෙස
බැලුවේ කුතුහලයෙනි. එහෙත් සතුටිනි. උපතිස්ස බණ්ඩාර සිරිනාග පිළිබඳ සැබෑ තොරතුරු දැන
සිටියේ ය. සිරිනාග ඒ කාටත් ආචාර කර සුහද බව පළ කළේ ය.
අද සම්මන්ත්‍රණ ශාලාවේ දී කාගේත් කුතුහලයට පාත්‍ර ව සිටින මිත්‍ර මහ සෙනෙවියාගේ
පුත්‍රයා අපේ සෙනෙවි මණ්ඩලයට හඳුන්වා දෙමු. දේශද්‍රෝහියකු වූ ජාති ද්‍රෝහියකු වූ
සිවනාග දැන් හැව ඇර සිරිනාග වී දේශ ප්‍රේමයකු, ජාති මාමයකු, දුටුගැමුණු හිතෛෂියකු
වී සිටින බව පෙන්වා දෙමු. ඉන්පසු අපි රාත්‍රියෙහි රජතුමා හමුවෙමු.
රජතුමා දැන් ළඟම එමින් සිටිනවා. දිගටම පිළිගැනීම්, රාජාංගනයට පැමිණ සේනාංක ඇමතීමෙන්
පසු විවේකයෙන් ඉඳීවි.
ත්‍රිපිටක තිස්ස මහතෙරුන් වහන්සේ සන්ධ්‍යා භාගයෙහි තම ඉගැන්වීම් කටයුතු හා ආගමික
පිළිවෙත් නිමවා විහාර කුටියෙන් බැහැරව විත්, තිස්ස මහා සෑමලුව දෙසට යමින් සිටියේ,
එහි වන්දනා මාන කරන සැදැහැවතුන්ගේ ආකල්ප විමසනු සඳහා ය. එහෙත් සෑ මලුවේ වෙනදා
දකින්නට ලැබෙන තරම් පිරිසක් නොවූහ.
දුටුගැමුණු රජතුමාගේ ජයග්‍රහණයෙන් උදම් වූ ජනතාව රජ වීදියේත්, මාළිගා භූමියේත්
රැස්ව ඇතැයි සිතූ මහ තෙරුන් වහන්සේ මහාසිව මහ ස්වාමීන් වහන්සේ සමඟ පිරුවෙනේ මිදුලට
වී සිටි මහ සෙනෙවිවරුන් තමන් දෙසට එනු බලා සිටියහ.
මාහිමිපාණන් හමුවට ආ සෙනෙවිවරු උන්වහන්සේට වැඳ නමස්කාර කොට සිටියහ. තොප විහාරයට ආ
බව දැනගත් නමුත්, සාකච්ඡාවට බාධා නොකළ යුතු නිසා මගේ කටයුතුවල යෙදුණා.
“දිග සාකච්ඡාවක් කෙරුණේ නැහැ. මහ රජතුමා හමු වී සාකච්ඡා කිරීමට අදහස් කළ නිසා ඒ
සඳහා ඔබවහන්සේත් සහභාගි වෙතොත් හොඳ බවයි කාගේත් අදහස.”
“ඔව්, අද රජතුමා විහාරයට පැමිණිය යුතු නැහැ. අපි රජ මාළිගයේ දී හමුවෙමු. රාත්‍රී
දහයට සන්ථාගාරයේ දී මහ සෙනෙවිවරුන් දොළොස් දෙනාත්, උපතිස්සත්, සිරිනාගත් පමණයි එහි
යා යුත්තේ. මහාසිව හිමියනුත් මාත් ඒ වෙලාවට එහි වැඩම කරනවා.
“ මේ සිරිනාග, තොපගේ වෙනස්වීම ගැන මම සතුටු වෙනවා. ඒ ගැන මහාසිව මහා ස්ථවිරයන්ට
පින් දෙනවා. මේ ශුද්ධ භූමියෙහි තවත් හුඟාක් හාස්කම් සිදුවේවි. තොප අපට ඉතාමත්
වැඩදායක වන කෙනෙක්.
තොප විහාර මහා දේවියගේ සිත දිනා ගැනීමට සමත් වුණා. එතුමියගේ ආදරයට පාත්‍ර වුණා. තොප
කසාතොට දී උපතිස්සගෙ ආරක්ෂක භටයන්ට අසුවුණේ වුවමනාවෙන්මයි. එයින් තොප අදහස් කළ
කරුණු සියල්ලම ඉටු වුණා. විහාර මහා දේවිය සිය පුතුන් දෙදෙනාගේ අරගලය ගැන දැරූ ආකල්ප
තොපගේ සතුටට හේතුවුණා. තොප භාරයේ ආ විසි දහසක සේනාංක ගැමුණු රජතුමාගේ සේනාංකයට එකතු
වූයේ තොපගේ උපාය මාර්ගය නිසයි. රජතුමා තොප කෙරෙහි හුඟාක් සතුටු වේවි.
සිරිනාග පුදුම වී බලා සිටියේ ය. මහ සෙනෙවිවරු තිදෙන ඔවුනොවුන්ගේ මුහුණු බලා මහාසිව
මාහිමියන් දෙස බැලූහ. උන්වහන්සේ ද ත්‍රිපිටකතිස්ස මහතෙරුන් වහන්සේ දෙස බලා සිටි
සේක. පරසිත් දන්නා නුවණ මහාසිව මාහිමිපාණන්ටත්, සියලු දේ දක්නා දිවැස්
ත්‍රිපිටකතිස්ස මහතෙරුන් වහන්සේටත් ඇතැයි සිතූ සිරිනාග, සිහිනෙකින්වත් වරදක් කොට
ගැළවෙන මඟක් නැතැයි සිතා සතුටට පත්විය.
හරියටම දහයේ කනිසමට මහා තෙරුන් වහන්සේලා දෙනම රාජ මාළිගයට වැඩි සේක. දුටුගැමුණු
රජතුමා පැමිණ වැඳ උන්වහන්සේල පිළිගෙන සන්ථාගාරයට කැඳවාගෙන ගියේ ය. ඒ වන විට මහ
සෙනෙවිවරු ද පැමිණ සිටියහ.
“වැරදි මඟකට පත්ව, එය වටහා ගැනීමෙන් පසු යහමඟට පිවිසෙන අය, යළිත් වරදට නොපෙළඹෙන්නට
උත්සාහ කරනවා පමණක් නොවෙයි, කළ වැරැදිවලට වන්දි වශයෙන් විශේෂ යමක් කිරීමටත් වෑයම්
කරනවා.
අපට, සිරිනාග වෙතින් දැන් දකින්නට පුළුවන් එම ගුණයයි. සිරිනාග, තොප දක්ෂයකු බව මට
මහාසීව මාහිමියන්ගෙන් දැන ගන්නට ලැබුණා. ඒ වගේම අපට අනුරාධපුර රාජධානියේ රහස්
තොරතුරු ලබා ගැනීමට තොපෙන් ලැබෙන සහාය අප කාගේත් ප්‍රසාදයට කරුණක්. තොප අපේ දක්ෂයකු
වන මහනෙල රැවටූ ආකාරයත් මට අසන්නට ලැබුණා. එය හොඳ ප්‍රහසනයක්” කවුරුත් සිනා
ගන්වමින් රජතුමා කීවේ ය.
“ මා මුලින්ම තොපගෙන් දැන ගන්නට කැමති මගේ මෑණියන් වහන්සේ ගැනයි. තොප තිස්සගේ සේනාව
මෙහෙයවීමට දිගාමඩුල්ලට පැමිණි කාලය තුළ මෑණියන් වහන්සේ කිහිප වරක් හමුවන්නට ඇති.”
“එසේය, මහ රජතුමනි, විහාරමහා දේවීන් වහන්සේ හමුවීමට අවසර ලැබී තිබුණේ ඉතා ටික
දෙනකුට පමණයි. දීඝවාපියට යතත් සේවිකාවන් දෙතුන් දෙනකු හා ආරක්ෂක භට පිරිසක් සමඟයි
යන්නේ. තිස්ස කුමාරයාගේ අවසරය මත මුල්වරට මම විහාරමහා දේවිය හමුවුණා. මගේ තොරතුරු
විමසුවා. එතුමිය ඉදිරියේ බොරු කියන්නට මගේ දිව නැමුනේ නැහැ.
මගේ මවගේ පියා සුමන මහා සිටුතුමා දේවින් වහන්සේගේ මව් පරපුරේ ඥාතියකු බව කීවා. මගේ
පියා බෝධිනාග ගොවි නායකයා ගැනත් එතුමිය දැන සිටියා. දිඝාභය එළාර රජු යටතේ කරන සේවය
ගැනත් කලකිරී සිටින බව කීවා. මට වුවමනා කර තිබුණේ තිස්ස කුමාරයා යුද්ධයෙන්
වළක්වන්නට එතුමිය වෑයම් නොකරන්නේ ඇයිදැයි දැනගැනීමටයි.”
“තිස්සගේ පැවැත්ම ගැන, යුද්ධ කටයුතු ගැන මෑණියන්ගෙන් කිසියම් අදහසක් තොපට දැනගන්නට
ලැබුණද?
-
අයන්ති විතාන |