[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උප ප්‍රධාන සංඝනායක පදවි ලබන මැද්දවත්තේ සෝරත හිම

උප ප්‍රධාන සංඝනායක පදවි ලබන මැද්දවත්තේ සෝරත හිමි

වැලිගම , දෙණිපිටිය බණ්ඩාරවත්ත ශ්‍රී ගංගාතිලක විහාරය, කොහොණුගමුව ශ්‍රී ලංකාතිලක විහාරය යන උභය විහාරාධිපති වැලිපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සමස්ත ලංකා සාම විනිසුරු මැද්දවත්තේ සෝරත හිමිපාණන් වහන්සේට කෝට්ටේ ශ්‍රී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් පිරිනමන ලද දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය මෙම 19 දින කෝට්ටේ රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

දකුණු පළාතේ මාතර නගරයට ආසන්න මැද්දවත්ත ගමේ දී 1959.06.26 දින පියසේන ගුණවර්ධන මහතාගේ හා කොඩිතුවක්කු ආරච්චිගේ ලීලාවතී මහත්මියගේ පුත් රුවනක් ලෙස ජන්ම ලාභය ලැබූ මෙම පින්වත් කුමරු දෙණිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති ව වැඩවිසූ කර්මාචාර්ය මිරිස්සේ ශ්‍රී විජිත හිමිපාණන් වහන්සේගේ හා මිරිස්ස වෙහෙරගල්ල සමුද්‍රගිරි මහා විහාරාධිපති ව වැඩවිසූ හිග්ගොඩ සුමනසිරි හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1972.02.23 දින මැද්දවත්තේ සෝරත නමින් සසුන් ගත වී ඇත.

1980.06.22 දින මහනුවර මහා විහාරයේ දී අති උතුම් උපසම්පදා ශීලයට පත්ව ඇත.

සහජයෙන් උරුම වූ විවිධ හැකියාවන් පැවිදි ජීවිතය මගින් නිවැරැදිව ඔපවත් කර ගත් සෝරත හිමියෝ තරුණ වියේ දී ම ගිහි පැවිදි සෑම දෙනාට ම අවශ්‍යම භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වූහ. ප්‍රදේශයේ සිදු වන ජාතික, ආගමික හා සමාජික විවිධ කටයුතුවල දී තම හැකියාව හා සංවිධාන ශක්තිය උපරිමයෙන් ම කැප කරන සෝරත හිමියෝ එම කටයුතු සාර්ථකවනු දැක අපමණ සතුටක් ලබති. තම ගුරු හිමියන්ගේ අපවත්වීමෙන් පසු 1991 දී විහාරාධිපති පදවියට පත්ව ගංගාතිලක විහාරස්ථානය අංග සම්පූර්ණ රමණීය විහාරස්ථානයක් බවට පමණක් නොව ගිහි පැවිදි සෑම දෙනාටම විවිධ සේවාවන් සපයන බහුකාර්ය මධ්‍යස්ථානයක් බවට ද පත් කළ හ.

වැලිපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ආරම්භක ලේඛකාධිකාරි හිමි වශයෙන් හා වර්තමානයේ එහි සභාපති හිමියන් ලෙස සිදුකළ හා සිදුකරන සේවාව ද සුළු පටු නොවේ. අනතිමානි, පි‍්‍රය මනාප, විවිධ දක්ෂතාවන්ගෙන් පිරිපුන් සෝරත හිමියන්ගේ පැවිදි ජීවිතයට අඩ සිය වසරක් සපිරෙන මේ මොහොතේ කෝට්ටේ සංඝ සභාව මඟින් දකුණු පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරි නැමීම අගය කළ යුතු ක්‍රියාවකි. උන්වහන්සේට උපහාර දක්වා පිළිගැනීමේ මහා උත්සවය 20 දින දෙණිපිටිය ගංගාතිලක මහා විහාරස්ථානයේ දී සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක ගරු මැද්දවත්තේ සෝරත නාහිමිපාණන් වහන්සේට දිගාසිරි ලැබේවා.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]