[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අප්‍රමාදය ජීවිතයේ ආලෝකය යි

අප්‍රමාදය ජීවිතයේ ආලෝකය යි

සුදුසු පරිසරය කියන එකෙන් අදහස් කරන්නේ මූලික වශයෙන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සේවනයට සුදුසු අය ඒ පරිසරය තුළ ජිවත්වීම යි. බුදුරජාණන් වහන්සේ හැමවිටම කල්‍යාණ මිත්‍රයන් සමඟ එක්ව විසීම ඔවුන්ගේ ඇසුර පමණක් නොව කල්‍යාණ මිත්‍රයාට අවනත වී තමන්ගේ ජිවන ප්‍රතිපදාව නිවැරැදි මඟට ගන්නා ආකාරය පෙන්වා දී තිබෙනවා.

අපි නිතරම භාවිත කරන වචනයක් තමා ප්‍රමාදය. පමා වී වැඩ කරලා නියම විදියට ප්‍රතිඵල ගන්ට අමාරු බව නිතරම කියනවා. නියම වෙලාවට වැඩ කරන්නට ඕන. ඇයි ප්‍රමාද වෙලා වැඩට එන්නේ කියලා බොහෝවිට යම් කෙනෙක් සේවය කරන ආයතනයේ ප්‍රධානියා සේවක පිරිසගෙන් නිතරම විමසන දෙයක්.

ඇත්තෙන් ම ප්‍රමාදය හැම අතින් අහිතකරයි. බුදුහාමුදුරුවොත් මේ කරුණ අපට පෙන්වා දී තිබෙනවා. ජිවත් වන හැම කෙනෙක් ම මේ පම්‍රාදය නිසා මෙලොවත් පරලොවත් පරාජය වෙනවා. මේ නිසා අප්‍රමාද විහරණය පිණිස සුදුසු පරිසරයක් ඇති කර ගන්නට අවශ්‍යයි. එහිදි අප හුරු වෙනවා අද කළ යුතු දෙය හෙටට කල් නොදමා ජීවිතය ජය ගන්නට.

අපට ඉතා වැදගත් කරුණක් වන්නේ ඉතා මනාපදායි පරිසරයක් තුළ ජිවත් වන්නට ලැබීම යි. ඒ නිසා අපට ජීවන ගමන පවත්වා ගෙන යාමට අතිශයින් පහසු වෙනවා. මෙම සුදුසු පරිසරය කියන එකෙන් අදහස් කරන්නේ මූලික වශයෙන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සේවනයට සුදුසු අය ඒ පරිසරය තුළ ජිවත්වීම යි. බුදුරජාණන් වහන්සේ හැමවිටම කල්‍යාණ මිත්‍රයන් සමඟ එක්ව විසීම ඔවුන්ගේ ඇසුර පමණක් නොව කල්‍යාණ මිත්‍රයාට අවනත වී තමන්ගේ ජිවන ප්‍රතිපදාව නිවැරැදි මඟට ගන්නා ආකාරය පෙන්වා දී තිබෙනවා.

මෙහි දී උන්වහන්සේ මේ කරුණට අදාළව බොහෝ සූත්‍ර දේශනා කර තිබෙනවා. කල්‍යාණ මිත්‍රයාගේ ස්වභාවය වන්නේ තමන්ගේ සහායකයා හැමවිටම නිවැරැදි මඟට ගැනීම යි. අප හැමටම ආරම්භයේ දී නිවැරැදි ජීවිත ම ගත කිරිම පහසු කාර්යයක් වන්නේ නැහැ. සමහර විට පුහුදුන් මිනිසා නො දැනුවත්ව ම වරදට පෙළඹී ක්‍රියා කරන්නට පුළුවනි. ඔහු අද කළ යුතු දේ කල් දැමිම නිසා ම නොයෙක් දුක් කරදරවලට පත්වෙන්නටත් පුළුවනි.

ගිහි ජිවිත ගත කරන කෙනෙක් නම් ඔහු මුල් අවදියේ දී කුසල පක්ෂයට යොමු නො වී සමාජ විරෝධි ක්‍රියා පවා කරන්නටත් බොහෝ ඉඩ තිබෙනවා. ඒ තුළින් නීතියේ රැහැනට පවා හසු වී හිර ගෙවල්වලට පවා වැටී නොයෙක් දුක් කරදර රැසක් භුක්ති විඳීන්නටත් ඉඩ සලසා ගන්න අවස්ථා තිබෙනවා. එපමණක් නොව ඒ තුළින් තමන්ගේ ගේ දොර කටයුතු පවා අවුල් වීමෙන් අඹුදරුවන් වශයෙන් ද නොයෙක් ගැහැටවලට ලක් වෙන්නටත් ඉඩ තිබෙනවා. මෙයට මූලික වශයෙන් හේතු වන්නේ ඔහුට හෝ ඇයට සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයකුගේ ඇසුර නො ලැබීම යි. මේ නිසා අප ඉතා වැදගත් කරුණක් කොට සැලකිය යුත්තේ අපේ ජිවිතවලින් පලක් ප්‍රයෝජනයක් ලැබීමටත්, සැනසිල්ලේ ජිවත්වීමටත් , හොඳ වට පිටාවක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව යි.

එපමණක් නොව පැවිදි පක්ෂයේ අපටත් මේ කරුණ මේ විදියට ම සාධාරණ යි. ගිහි ජීවිතයෙන් බැහැර වී ඉක්මන් මඟක් ලෙස පැවිදි බවට පත් වී සසර ගමන කෙටි කර ගැනීමේ ව්‍යායාමයක යෙදීම පැවිදි බවට පත්වන අයගේ එකම අරමුණ යි. එය එහෙම වුණත් සමහරවිට මේ පුහුදුන් ගතිය නිසා ඒ බව සිහියෙන් ගිලීහී ගොස් යෝනිසෝමනසිකාරයෙන් තොරව ප්‍රමාද ජිවිත ගත කරන අවස්ථා වුව ද පැවිද්දා තුළිනුත් දැක ගන්නට අවස්ථාව සැලසෙනවා.

මේ නිසා තමන්ගේ පැවිදි ජිවන ගමන නිෂ්ක්‍රිය කර ගන්නා අවස්ථා නැතිවා නොවේ. ඒ විදිහට බලනකොට බෞද්ධ භික්ෂුව පවා වත් පිළිවෙතින් ඈත් වී, අලස බවට පත් වී, ධර්මය විනය හැදෑරීමෙන් පවා දුරස්ථ වී කටයුතු කරන අයත් බහුල වශයෙන් අපට අත් විඳීන්නට හැකියාව තිබෙනවා.

මෙහි දී ඇත්ත වශයෙන් සිදු වන්නේ තමන්ගේ කල දවස වේගයෙන් ගෙවී යනවා. බාල, තරුණ, මහලු අවස්ථා ගෙවි ගෙවී ගොස් තමන් අරමුණු කර ගත් උදාර අරමුණුවලින් බැහැර වී ඊළඟ භවය පවා දුක් සහිත බවට පත් කර ගන්නවා. එහෙත් මේ කරුණ මෙසේ පවතිද්දී කලණ මිතුරකුගේ එක් වීමෙන් හෝ තමන්ගේ ශ්‍රැතවත් බව වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව සැලසී දහම් පතපොත කියවීමෙන් හෝ මෙවැනි උදවිය යම් අවස්ථාවක් ගත වී සිය ජිවන කාලයේ නිසරු බව වටහා ගැනීමෙන් පසුව නුවණින් මෙනෙහි කර ක්‍රියා කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් ගත වූ ජිවිතයේ වරද සහිත තැන් නිවැරැදි කර ගැනීමට යොමු වීමෙන් වඩාත් සතුටු දායක මට්ටමෙන් ස්වකිය ජිවන ප්‍රතිපදාව සකස් කර ගන්නවා.

ගිහි පැවිදි දෙපක්ෂයට ම මේ තත්වය මේ ආකාරයෙන් ම බලපානවා. එවැනි අවස්ථාවක් ඇති වුවොත් එනම් මොන මොන හෝ හේතු සාධක නිසා අසාර්ථක ජිවිත ගත කර පසුව නිවැරැදි වූයේ නම්, එය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කළු වලා පටයට ආවරණය වී තිබුණු පුන්සඳ එයින් නිරාවරණය වූ විට යම් සේ එම චන්ද්‍රයා නිසා සමස්ත පරිසරය ම සිහිල් බව සහිතව ආලෝකවත් වී හැමට ම සුවදායක ලෙස බබළන්නාක් මෙන් ඒ වරද සහිත මඟෙහි ගමන් ගත් ගිහි හෝ පැවිදි හැම දෙනාම ජෝතිමත් වී සමස්ත සමාජය කෙරෙහි ම ඔවුන්ගේ බැබළීම බලපාන බව යි.

මේ පිළිබඳ අපූරු කථා පුවතක් අපේ බෞද්ධ සාහිත්‍යයේ සටහන් වී තිබෙනවා. එදා සැවැත් නුවර අපේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසයකරන අවදියෙහි සම්මුජ්ජනි නම් තෙරුන් වහන්සේ නමක් වැඩවාසය කළා. භික්ෂූන් වහන්සේගේ වත් පිළිවෙත්වල මලුපෙත් මං ඇමදීම එක් කොටසක් පමණයි. එහෙම වුණත් උන්වහන්සේ හැම වේලාවේ ම වගේ මලුපෙත් මං අමදිමින් කාලය ගත කළා.

දන් වළඳන, ජලස්නානය කරන, වැසිකිළි කැසිකිළි පාවිච්චි කරන වේලාවන්, හැර අන් හැම වේලාවක ම වගේ මේ ඇමදීමෙහි යෙදුණා. ඒ නිසාම යි උන්වහන්සේට සම්මුජ්ජනී යන නම ව්‍යවහාර වන්නට වූයේ. එනම් අමදින භික්ෂුව යන අර්ථය යි.

මේ කාලයේ තවත් රහත් තෙරනමක් වැඩ විසුවා එහි ම. උන්වහන්සේට කියන්නේ රේවත හාමුදුරුවෝ කියල යි.

මේ දෙදෙනා වහන්සේ අතර වූ සංවාදය නවම් අවඅවක පෝදා (23) පත්‍රයේ පළවේ.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]