බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ
සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ
තිහගොඩ භද්දිය නාහිමියෝ
තිහගොඩ ග්‍රාම නාමය බිහිවීමට බලපෑ ගම් අතර හෝන්දුගොඩ ගම්මානය ද ප්‍රධාන වේ. මෙම
ගම්මානයේ විසූ පරාර්ථකාමී සිතිවිලිවලින් පිරි ආදර්ශවත් පවුලක් විය. එහි ගෘහාධිපති
බදුල්ලකාට්ටුගේ හරමානිස් උපාසක මහතා ය.
ගෘහාධිපතිනිය හේමා වඩුගේ ඇලිස්නෝනා උපාසිකා මාතාව ය. මේ මව්පිය යුවළට පුතුන් හතර
දෙනකු ද, දූවරු දෙදෙනකු ද විය. ඒ අනුව මෙම සහෝදර, සහෝදරියන් සෙවණේ හැදුණු වැඩුණු එම
පවුලේ බාලයා වූයේ අප කතානායකයාණන් වන තිහගොඩ භද්දිය හිමියන් ය.
වැඩිහිටි ආශිර්වාදය ද ඇතිව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ කිතලගම ශ්‍රී
නාගරුක්ඛාරාම පුරාණ විහාරය, මාතර මැද්දවත්ත ශ්‍රී නාග බෝධි රාජ මහා විහාරය යන උභය
විහාරාධිපති ව වැඩ විසූ වැල්ලේතොට පඤ්ඤාදස්සි නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස 1968 ජූලි
මස 31 දා තිහගොඩ භද්දිය නමින් ප්‍රවෘජ්්‍යා භූමියට පත්විය.
කුඩා භද්දිය හිමියෝ මහරගම නාගහකනත්ත පාර, ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනෙන් මූලික
පිරිවෙන් අධ්‍යාපනය ලැබ, නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය
හදාරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද, මහරගම ජාතික
අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන පශ්චාත් උපාධිය ද ලබා ගත්තේ ය.
1975 ජුනි 28 දා මහරගම ශි‍්‍ර වජිරඥාන සීමා මාලකයේ දී තිහගොඩ භද්දිය හිමියෝ අධිශීල
සංඛ්‍යාත උපසම්පදාව ද ලබා ගනු ලැබූහ.
සිය ගුරු දේවයන් වහන්සේ වූ වැල්ලේතොට පඤ්ඤාදස්සි නාහිමියන්ගේ අඩිපාරේ යමින්,
උජුපටිපන්න ගුණය හා ඤායපටිපන්න ගුණය පෙරදැරිව වඩ වඩාත් සමාජශීලි වෙමින්, භද්දිය
හිමි දිවා රෑ නොබලා සමාජ සේවයට ම කැපවිය.
උන්වහන්සේගේ පැවිදි දිවිය තීරණාත්මක මං සන්ධියකට ප්‍රවිෂ්ට වන්නට වූයේ 1981 වසරේ දී
ගොතටුව ඇල්හේනට (වර්තමාන ශ්‍රී රතනසාර විහාරයට) පැමිණීමත් සමඟ ඉතාම කටුක පැවිදි
දිවියක් ඇරඹූ තිහගොඩ භද්දිය නාහිමියෝ අද වන විට විහාරාරාම තුනක අධිපතිත්වය උසුලති.
එදා ඇල්හේනේ පොල් අතු මඩුව අද වන විට ඉතාම දියුණු විහාරාංග සහිත අගනා පූජනීය
භූමියකි. එවකට මඩ වගුරක්ව පැවැති කිරුළපන ස්ට්‍රැෆඩ් පාරේ, අංක 61 දරණ ස්ථානය ද අද
අංග සම්පූර්ණ පුද බිමකි.
මේ රට එක්සේසත් කිරීමට කැප වූ සිංහලයේ මහා නරපතියකු වන දුටුගැමුණු මහ රජතුමාගේ පා
පහසලත් , කණ්ඩුල චෛත්‍ය පිහිටි පින්බිම ද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් සුවිසල්
දියුණුවක් කරා පිය නඟන අයුරු දැක ගත හැකි ය.
තිස්සමහාරාම මෝල කැපූ පතාන ශ්‍රී ගංගාතිලක රාජමහා විහාර භූමිය එය වෙයි.
රැයක්, දවාලක් නොතකන උන්වහන්සේ මෙම පුදබිම් තුනම රටේ බොදු ජනතාව වෙනුවෙන් ඉහළම
තලයකට ඔසවා තැබීමට නිරන්තරව කැප වෙති.
ආගමික සමාජයීය , සංස්කෘතික වශයෙන් සිදු කළ සේවය අගයනු පිණිස හිටපු විදුහල්පති,
ශාස්ත්‍රපති තිහගොඩ භද්දිය හිමියන්ට අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකාය මඟින් 1996
දෙසැම්බර් 26 දා “ධර්ම රක්ෂිතවංශාලංකාර” යන ගෞරව නාමය සහිතව කාරක සභික ධූරයක් ද
පිරිනමනු ලැබී ය.
ප්‍රදේශයේ වැඩිහිටියන්ගේ ඕනෑ එපාකම් සොයා බලා ඔවුනට පිහිටවීම ද, සෑම වසරක ම ගැබිණි
මවුවරුන් සියයකට අධික පිරිසකට අවශ්‍ය සියලු උපකරණ බෙදාදීම ද , මහරගම පිළිකා රෝහලේ
රෝගීන්ට අවශ්‍ය දෑ පිරිනැමීම ද ඇතුලු සමාජ සේවා කටයුතු රැසක් උන්වහන්සේ එක් වසරක්
තුළ දී සිදුකරති.
මෙම ආගමික සමාජයීය, සේවාවන් අගයමින් අමරපුර ශී‍්‍ර ධර්මරක්ෂිත මහා නිකාය මඟින්
උන්වහන්සේට “ශ්‍රී ධර්ම රක්ෂිත වංශාලංකාර අනුවිජ්ජක ශ්‍රී පඤ්ඤාදස්සි විද්‍යාවතංශ
“ගෞරව නාමය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමනු ලැබීය.
ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය පසුගිය දා ගොතටුව ඇල්හේන ශ්‍රී රතනසාර විහාරස්ථානයේ දී
අමරපුර ශී‍්‍ර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ගේ
ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී පිරිනැමුණු අතර, එම අවස්ථාවට හිටපු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, ජනමාධ්‍ය ඇමැති ඩලස්
අලහප්පෙරුම, පරිසර ඇමැති මහින්ද අමරවීර , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
එස්.එම්. මරික්කාර් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව ප්‍රධාන සංවිධායක අජිත්
සුභසිංහ මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
|