ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2021 ඔක්තෝබර් 20 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස පුරයට වැඩමවීම
ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ. බදාදා සිල්
පසළොස්වක
ඔක්තෝම්බර් 20
අව අටවක
ඔක්තෝම්බර් 28
අමාවක
නොවැම්බර් 04
පුර අටවක
නොවැම්බර් 11
බෞද්ධාලෝක පදනම මඟින් මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සමාජ සුභ සාධන ව්‍යාපෘතිය යටතේ සිලාවත්තේ ස්ථීර වාසස්ථානයක් නොමැතිව සිටි ලක්ෂිකන් වාස් තරුණ යුවලට නිවහනක් තැනීමට අගෝස්තු මස මුල්ගල් තැබූ අතර එහි වැඩ අවසන් කොට 72 වැනි ශ්‍රී ලංකා යුධ හමුදා දිනයට සමගාමීව 2021.10.10 වන දින බෞද්ධාලෝක පදනමේ නිර්මාතෘ සහ පදනමේ සභාපති ජගත් සමුතිපාල මැතිතුමා විසින් එම නිවස නිවාසලභීයා වෙත පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට බෞද්ධාලෝක පදනමේ අධ්‍යක්‍ෂිකා සමන්තා සුමතිපාල මැතිණිය, මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා ඇතුළු බෞද්ධාලෝක පදනමේ නිලධාරින්, 59 වැනි පාබල සේනාංකාධිපති මේජර් ජනරාල් සුරිය බණ්ඩාර මහතා, 24 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හිටපු 5 වන අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රුවන් රුද්‍රිගු මහතා, 24 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වත්මන් අණදෙන නිලධාරී මේජර් සම්පත් නල්ලපෙරුම මහතා ඇතුළු මුලතිව් ආරක්‍ෂක බලසේනාවන්ට අයත් යුධ හමුදා නිලධාරීන් සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධීකරණය සහ ශ්‍රම දායකත්වය මුලතිව් අලම්පිල් හි පිහිටි 24 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සිදු කරන ලදී.
වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොය දිනයෙනි. කඨින චීවර පොහොයෙන් ඇරඹෙන හෙයින් මේ මාසය චීවර මාසය ලෙස ද ව්‍යවහාරයට එක්ව ඇත. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කර ගත් අභිමත් දිනක දී හෝ, වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම හෝ සිදු කළ හැකි ය. එහෙත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයක් සිදු කළ හැකි වන්නේ එක් වසරක් තුළ, එක් තැනෙක දී, එක් වරක් පමණෙකි. සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරජාණන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ. දිව්‍ය බ්‍රහ්ම සමූහයාගේ පංචතූර්ය වාදනයන් ය. දසත පැතිරුණු සාධු නාදයන් ය. මේ අසිරිමත් සිදුවීම් මැද අප්‍රමාණ බුද්ධ ශ්‍රීයෙන් තථාගතයන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළහ. ඒ අසිරිය දුටු සියල්ලෝ ම මතු බුදු වන්නට ම ප්‍රාර්ථනා කළහ. දේවාවරෝහණ නම් වූ මෙම මහා පූජෝත්සවය දැකීමෙන් හා බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසඳුම් සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත් වූයේ ද වප් පොහොය දිනෙක ය.
තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං - තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං, බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් පමණ වූ තම සම්බුද්ධ ජීවිතය පුරාවට ම හේතු සම්පත් ඇති විවිධ පුද්ගලයන් උදෙසා ධර්මය දේශනා කළහ. මෙම භයංකාර වූ සසර කතරින් සත්වයන් එතර කිරීමට අප්‍රමාණ කැප කිරීම් සිදු කළ ඒ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේ ඇතැම් පුද්ගලයන්ට ධර්මය දේශනා කිරීමට යොදුන් ගණන් පයින් වැඩම කළහ. එක වරක් පමණක් නොව දෙතුන් වරකට වඩා එකම පුද්ගලයා වෙත වැඩම කළ අවස්ථා ද ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් දැක ගත හැකි ය. තථාගතයන් වහන්සේ ඉහත ගාථාව මුල් කර ගත් ධර්ම දේශනාව සිදු කරන්ට යෙදුනේ ද අවස්ථා ගණනාවක් ම එම බමුණා හමුවීමට වැඩම කරමිනි. සැවැත්නුවර අසල වෙසෙන එක් බමුණෙක් ගඟක් අසල යම් කිසි ප්‍රදේශයක කුඹුරක් වැපිරීමට සූදානම්ව සිටියේ ය. බමුණා තම කුඹුර වැපිරීමට පටන් ගත් දින බුදුරජාණන් වහන්සේ ඔහු වෙත පැමිණ “ බමුණ, ඔබ කුමක් කරන්නේ ද?” යි විමසූහ. “ස්වාමීනි, මා කුඹුර වැපිරීමට සූදානම් වනවා ”. බමුණා පැවසීය. මෙලෙස බුදුරජාණන් වහන්සේ කුඹුර වපුරන කලට, ගොයම් පැසුන කලට, ආදී වශයෙන් කිහිප වතාවක් පැමිණ බමුණා සමඟ සංවාද ගොඩනැඟී ය. මේ අතර බමුණා බුදුරජාණන් වහන්සේ සමඟ මිතුදමක් ඇති කර ගත්තේ ය. මිතුරකු ලෙසින් දිනපතා පැමිණ තමාගේ සුව දුක් සහ සිදු කරන කාර්යය පිරික්සා බලන බුදුරදුන් වෙනුවෙන් ගොයම් කැපූ පසු මුල් ම කොටස පිරිනැමීමට අදහසක් බමුණා තුළ ඉස්මතු විය. කෙමෙන් කාලය ගෙවී ගියේ ය. අස්වැන්න නෙළා ගැනීමේ දින ළං විය. අස්වනු නෙළා ගැනීමට පළමු දින රාත්‍රියේ මහවැසි වැස්සේ ය. මහා වතුරට මුලු ගොයම ම විනාශ විය. ගොවියා පසුදා උදෑසන ම කුඹුරට ගියේ ය.
පේමතෝ ජායතී සොකො – පේමතෝ ජායතී භයං - පේමතෝ විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං, සමාජයේ ජීවත්වන බොහෝ අය විවිධ කරුණු මුල් කොට ශෝකයෙන් කල් ගෙවති. එසේත් නොවේ නම් බියෙන් පසු වෙති. මෙය දුප්පත් පොහොසත් ආදී භේදයන්ගෙන් තොර ව බොහෝ දුරට සිදුවන දෙයකි. බුදුරදුන්ගේ ප්‍රධාන දායිකාව වූ විශාඛා උපාසිකා මාතාවට දත්තා නම් මිනිබිරියක් වූවා ය. විශාඛාවන්ගේ අවවාද නිරන්තරයෙන් ලබා ජීවත් වූ ඒ මිනිබිරිය බුදුරදුන්ටත්, සංඝයා වහන්සේටත් මහත් ගෞරවයෙන් හා සැදැහැ සිතින් ඇප උපස්ථාන කරමින් සිටිය දී හදිසියේ ම කලුරිය කළාය. එයින් ඇති වූ දුක් වේදනාව ඉවසා ගත නො හැකි වූ විශාඛාව හඬා වැලපෙමින් බුදුරදුන් වෙත ගොස් ඒ පුවත දැන්වූවා ය. ඉහත සඳහන් කරුණ නිමිති කොට බුදුරදුන් දේශනා කොට වදාළ ගාථාව මෙහි ආරම්භයෙහි සඳහන් විය. ප්‍රේමය හෙවත් ප්‍රිය භාවය හේතු කොට ගෙන ශෝකය හා බිය උපදින බවත්, ඒ ප්‍රිය භාවයෙන් යම් කෙනකුට මිදිය හැකි නම් බිය පමණක් නොව ශෝකය ද නැති කොට සතුටින් ජීවත් විය හැකි බවත් එයින් පැහැදිලි කොට දුන්හ. එදා විශාඛාව දුක් වූයේ තම මිනිබිරිය නැති වීම නිසා ය.
ධම්මපදය - මිරිස්සේ ධම්මික නාහිමි
කඨින පින්කම්
පෝදා පින්කම්
ඉතිරිය»
දිනුමත් පැරදුමත් තීරණය කරන්නේ සිතයි
බුදුරජාණන් වහන්සේ මිසදිටුවන්ගේ සැක දුරු කළ සේක
පිඬු සිඟා වඩින භික්ෂුන් වහන්සේ ගිහියාට නිධානයකි
කඨින චීවර පූජාවේ ගැඹුර
දහම් පාසල් යන දරුවා හැඩගැසෙන්නේ හෙළ කුල සිරිතට අනුවයි
සිංහල ඉතිහාසයේ අසිරිමත් වංශ කතාව මහාවංසය
සම්බුදු පා පහසින් සුපූජනීයවත් වූ මහියංගණ රාජමහා විහාරය
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]