අත්තම්මා ගේ කරුණාව
ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර
අජාන් බ්‍රහ්මවංසෝ හිමි
දවසේ ඕනෑ ම වෙලාවක, දවාලක, රැයක මට බැදපු අලපෙති කන්න ඕනෑ වුණා ම මම මගේ අත්තම්මා
ගේ ගෙදරට යනවා.
" පුතාට බැදපු අල පෙති කන්න ඕන ද?"
ඇය අසනවා. මම "ඔව්" කියා කිව්වා ම ඇය කුස්සියට ගිහින් අල පෙති ගසා මා වෙනුවෙන් අල
පෙති ටිකක් බදිනවා.
"එයා අද රෑ කෑම කන්න ඕනෑ"
කියා මගේ අම්මා , අත්තම්මාට දොස් කිව්වත් ඇය ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නෑ.
"මට ඔය කතාවලින් වැඩක් නෑ. එයාට ඕන බැදපු අල පෙති නම්, මම ඒවා එයාට දෙනවා."
කියා අත්තම්මා කියනවා.
සමහර වෙලාවට ඒ වගේ ආච්චිලා, සීයලා ඔබටත් ඉන්න ඇති. ඔබ ඔවුන්ට හරිම කැමතියි. ආදරෙයි.
ඔවුන් හැම දෙයකට ම ඇඟිලි ගහන්නේ නෑ. දෝෂාරෝපණය කරන්නේ නෑ. ළමයින් හදන්න, පුහුණු
කරන්න යන්නේ නෑ. වියපත් වැඩිහිටියන් හා ඔවුන්ගේ මුණුපුරු මිණිපිරියන් බොහෝ සතුටෙන්
එකට එක්කාසු වෙන්නේ මේ හින්දා තමයි.
ගුරුවරයකු ව ඉන්න කාලේ පුංචි ළමයකුගෙන් මම මෙහෙම ඇහුවා.
"අම්මා, නැති නම් තාත්තා සමඟ පමණක් ජීවත් වෙන්න කැමැති ද?"
මම මේ ප්‍රශ්නය ඇසුවා ම වයස අවුරුදු දහයක විතර දැරිය මෙහෙම කිව්වා.
"එක අම්මා කෙනෙක් ඉන්න පවුලක දරුවෙක් වෙලා ඉන්න මම නම් කැමැති නෑ. "
"ඒ ඇයි " කියා මම ඇසුවා.
"අම්මා මාත් එක්ක තරහ වෙච්ච වෙලාවට මා ව හුරතල් කරන්න, මා ව සනසන්න තාත්තා කෙනෙක්
ඉන්න ඕන."
ඇය උත්තර දුන්නා.
එය හරිම හුරතල් කතාවක්. සමහර වෙලාවට තාත්තා නැති, අම්මා විතරක් ඉන්න පවුලක අම්මා
එක්ක නොහොඳක් ඇති වුණොත් දරුවන් සනසන්න තාත්තා කෙනෙක් නෑ. ඔබේ ගෙදර අම්මා, තාත්තා,
ආච්චි, සීයා, නැන්දලා, මාමලා වගේ නෑදෑයෝ පිරිලා ඉන්නවා කියා සිතන්න. එතකොට ඔබේ
දරුවන් සනසන්න , හැම වෙලාවට ම කවුරු හරි ඉන්නවා. ඔබ ඔබේ දරුවන්ගෙන් අහන්න. ආච්චිලා,
සීයලා ගෙදර ඉන්න එකේ වැදගත්කම. ඔබේ දරුවෝ ඔබට කියාවි.
පරිවර්තනය
සමරසිංහ ගුණසේකර |