ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2021 අගෝස්තු 22 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වජිර සංඝාත සරීරෝ - වජිර ඤාණා නමා කරෝ යෝ බුද්ධෝ බෝධි මූලම්හි - නිසින්නෝ වජිරාසනේ සසේන මාරං ජිත්වාන - සත පුඤ්ඤස්ස තේජසා පඨමේ පුබ්බේනිවාසං - මජ්ඣිමේ දිබ්බචක්ඛුකං පච්ඡිමේ සබ්බසංඛාරේ - සම්මස්සං ලක්ඛකෝටියං ඡත්තිංසාය කෝටි - සතසහස්ස මුඛේන පච්චයං ඔිතාර මහා වජිරේන - සුසම්බුද්ධාසවක්ඛයං බුද්ධභූමි නිට්ඨංගෝ - සෝ මහාවජිරඤාණසා බෝධනෙය්‍යෝ සුබෝධෙත්වා - බෝධේසිතං නමාමහං
වජිරාසන මත වැඩහිඳ - විදුරු නැණ බලින් සපිරුණු නුවණ විහිද වූ මුනිඳුන් - සදා වඳීමි මම් බෝධිමූලයේ සෙවනෙදි- පුදා දිවි උතුම් නිවනට පරදා සේනා ඇති මරු - පින් බලය මතු කළේ සොයාගත් නිවන් මඟ තුළ - සම්බෝධිරාජ බවට පැමිණ පුබ්බේනිවාස ඤාණය ලැබ - ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන - ලෝ සතුනගෙ දුක දැනගෙන දිවැස් නුවණ ලැබූ සේක - මැදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ - නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් - එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් - හේතුඵල දහම් විමසා මහා විදුරු නැණ බලයෙන් - ඇති තතු වටහා සම්මා සම්බුදු බව ලැබ - නසා හැම කෙලෙස් පිරිසිඳ දිනූ සේක මෙහි වැඩ හිඳ - බුද්ධ භූමියේ මහා විදුරු නුවණින් යුතු - සම්බුද්ධරාජ මුනිඳුන් ලොව නුවණැති දෙව් මිනිසුන් තුළ - නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මම - නැමී වැඳ වැටී සිරසින් පහන් වූ සිතින් හැමවිට - වන්දනා කරම්. . .
අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ. ඉරිදා සිල්
පසළොස්වක
අගෝස්තු 22
අව අටවක
අගෝස්තු 30
අමාවක
සැප්තැම්බර් 06
පුර අටවක
සැප්තැම්බර් 13
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]