පැරැණි බෝධි වන්දනා ගාථා
වජිර සංඝාත සරීරෝ - වජිර ඤාණා නමා කරෝ
යෝ බුද්ධෝ බෝධි මූලම්හි - නිසින්නෝ වජිරාසනේ
සසේන මාරං ජිත්වාන - සත පුඤ්ඤස්ස තේජසා
පඨමේ පුබ්බේනිවාසං - මජ්ඣිමේ දිබ්බචක්ඛුකං
පච්ඡිමේ සබ්බසංඛාරේ - සම්මස්සං ලක්ඛකෝටියං
ඡත්තිංසාය කෝටි - සතසහස්ස මුඛේන පච්චයං
ඔිතාර මහා වජිරේන - සුසම්බුද්ධාසවක්ඛයං
බුද්ධභූමි නිට්ඨංගෝ - සෝ මහාවජිරඤාණසා
බෝධනෙය්‍යෝ සුබෝධෙත්වා - බෝධේසිතං නමාමහං
වජිරාසන මත වැඩහිඳ - විදුරු නැණ බලින් සපිරුණු
නුවණ විහිද වූ මුනිඳුන් - සදා වඳීමි මම්
බෝධිමූලයේ සෙවනෙදි- පුදා දිවි උතුම් නිවනට
පරදා සේනා ඇති මරු - පින් බලය මතු කළේ
සොයාගත් නිවන් මඟ තුළ - සම්බෝධිරාජ බවට පැමිණ
පුබ්බේනිවාස ඤාණය ලැබ - ප්‍රථම යාමයේ
සුගති දුගතියෙහි ඉපදෙන - ලෝ සතුනගෙ දුක දැනගෙන
දිවැස් නුවණ ලැබූ සේක - මැදුම් යාමයේ
සියලුම සංස්කාර ලොවේ - නුවණින් විමසා බලමින්
ලක්ෂ කෝටි වාර ගණන් - එය මෙනෙහි කළේ
සතිස් කෝටි සිය දහසක් - හේතුඵල දහම් විමසා
මහා විදුරු නැණ බලයෙන් - ඇති තතු වටහා
සම්මා සම්බුදු බව ලැබ - නසා හැම කෙලෙස් පිරිසිඳ
දිනූ සේක මෙහි වැඩ හිඳ - බුද්ධ භූමියේ
මහා විදුරු නුවණින් යුතු - සම්බුද්ධරාජ මුනිඳුන් ලොව
නුවණැති දෙව් මිනිසුන් තුළ - නිවන මතු කළේ
ඒ උතුම් බෝධි නුවණට මම - නැමී වැඳ වැටී සිරසින්
පහන් වූ සිතින් හැමවිට - වන්දනා කරම්. . . |