ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2021 අගෝස්තු 22 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
හෙළයේ විචිත්‍රවත්ම කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 09 දින සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ විය.ප්‍රථම කුඹල් පෙරහර 13 දා වීදී සංචාරය කළ අතර රන්දෝලි පෙරහර ආරම්භ වූයේ අගෝස්තු මස 17 දින ය.අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 22 දින වීදී සංචාරය කිරීමට නියමිත ය. කලාකරුවන් දහසකට අධික පිරිසක් සමඟ අලි ඇතුන් 65 දෙනෙකු පමණ සහභාගී වෙමින් දින එකොළහක් පුරා පවත්වාන්නා වූ මෙවන් සංස්කෘතික මංගල්‍යයක් ලොව කිසිදු රටක දක්නට නොමැත.එක් පසෙකින් සංස්කෘතික මංගල්‍යයක් වුව ද තවත් පසෙකින් මෙය දළදා සමිඳුන් උදෙසා මෙන්ම සතර මහ දෙවිවරුන් වෙනුවෙන් පවත්වන්නාවූ පූජෝපහාරයකි.පැරණි රජ දවස පටන් රාජ්‍යය අනුග්‍රහය ලබමින් පැවැත්වූ පෙරහැර මංගල්‍යය අදද පවත්වන්නේ රාජ්‍යය උත්සවයක් ලෙසිනි.ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තුමන්ට ය.වසර 2005 දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු යළිත් 2015 වසරේ දී එම තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 17 වන වරට ය.මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව ඒ මහතා සමඟ කළ සාක්ච්ඡාවකි මේ...
අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ. ඉරිදා සිල්
පසළොස්වක
අගෝස්තු 22
අව අටවක
අගෝස්තු 30
අමාවක
සැප්තැම්බර් 06
පුර අටවක
සැප්තැම්බර් 13
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]