ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ ඇසළ පුර අටවක පෝය දින, 2021 ජූලි 17 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කතරගම කිරිවෙහෙර වහන්සේ
කතරගම යනු සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දෙනාගේම වන්දනාමානයට ලක්වෙන පුණ්‍ය භූමියකි. කතරගම පුද බිම හා බැඳුණු ඉපැරැණි චාරිත්‍ර විධි මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ද පිහිටීම නිසා මේ පින් බිමට බෞද්ධ ජනතාව විශාල ලෙසින් පැමිණීමට හේතු වී තිබේ. මුස්ලිම් ජනතාව ද සිය ආගමික ස්ථාන කරා පැමිණෙන්නේ ඉමහත් බැතියෙනි. ‘කතරගම ගැන කතාකරන විට එහි දේවාලය හා කතරගම පෙරහර ගැන අනිවාර්යයෙන් සඳහන් කළ යුතුම ය. කතරගම පෙරහර ඉතිහාසයට අනුව එහි පෙරහර 3ක් අද දක්වාම පවත්වන බව පෙනෙන්නට තිබේ. ‘රුහුණු මහ කතරගම දේවාලය‘ නමින් හැඳීන්වෙන කතරගම දේවාලය කේන්ද්‍ර කර ගනිමින් අවුරුදු මංගල්‍යය පෙරහර, ඇසළ මංගල්‍යය පෙරහර හා ඉල්මහා කාර්තික මංගල්‍ය පෙරහර යනුවෙන් පෙරහර 3ක් පවත්වයි. එයින් කතරගම ඇසළ පෙරහරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කතරගම ඇසළ පෙරහර මංගල්‍යය දින 15ක් තිස්සේම පැවැත්වෙන්නේ දෙවියන්ට ඉමහත් භක්තියකින් යුතුව කරන සැලකීමක් ලෙසිනි. කතරගම පෙරහරේ ප්‍රධාන අරමුණු 4කි. ඒ අපල උපද්‍රව දුරු කිරීම, දේවාශිර්වාදය ලැබීම හා රටට සෙත් පැතීම, වර්ෂාව හා සශ්‍රීකත්වය ලබා ගැනීම හා ස්වභාවික විපත්වලින් රට බේරා ගැනීම ය. පෙරහර ආරම්භය කප් සිටුවීමෙන් සිදු කෙරේ. ඇසළ මාසයේ පෙරහර කාල සීමාව පුරාම කතරගම දෙවියන් කපෙහි වාසය කරන බවට විශ්වාසයක් ජනතාව තුළ පවතී. ඒ නිසා සිටුවන ලද කප පූජා වස්තුවක් ලෙස සැලකේ. කතරගම පෙරහරට සම්බන්ධ චාරිත්‍ර අතර ගිනි පෑගීම, බිම පෙරළෙමින් චාරිත්‍ර හා භාර හාර ඉටු කිරීම, කටු ගැසීම ආදී දුෂ්කර කාර්යයන්හි නියැළෙමින් දෙවියන් ඉදිරියේ දැඩි භක්තිය ප්‍රකාශ කිරීමට බැතිමත්හු කටයුතු කරති.
ජුලි 17 සෙනසුරාදා පූර්වභාග 04.34 පුර අටවක ලබා 18 ඉරිදා පූර්වභාග 02.41 ගෙවේ. සෙනසුරාදා සිල්.
පුර අටවක
ජූලි 17
පසළොස්වක
ජූලි 23
අව අටවක
ජූලි 31
අමාවක
අගෝස්තු 08
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]