මහා විහාරයෙන් ඇරඹුණු
ශාසනික ප්‍රබෝධය
අනුරාධපුර ශී‍්‍ර ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
අංශාධිපති
ආචාර්ය
කඩවත්ගම පියරතන නා හිමි
මහා විහාරය මුල්කරගත් බෞද්ධ සාහිත්‍යයේ ප්‍රබෝධය අති මහත් ය. නිකාය සංග්‍රහය නම්
ග්‍රන්ථයේ සඳහන් කරන පිළිවෙළට මොණර පිරිවෙන (මයුර පිරිවෙන) පියංගු පිරිවෙන,
ග්‍රන්ථාකර පිරිවෙන, කපාරමුල ආදී පිරිවෙන් තුන්සිය හැට හතරක් පමණ මහා විහාරය
කේන්ද්‍ර කරගෙන පැවතුණ බව සඳහන් කරයි.
මහා විහාරයේ ආරම්භය බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගියතැන මහින්දාගමනය දක්වා
දිවෙන බව වංශ කථා වාර්තා කරයි. මිහිඳු හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහා විහාරයෙහි
සංඝකර්ම කිරීම සදහා සීමා මාලකයක් ද, ජය ශී‍්‍ර මහා බෝධිය පිහිටුවීමට සුදුසු ස්ථානය
සලකණු කිරීම, උපෝෂථ ශාලාවක්, කලු දිය පොකුණ, දානශාලා ගෙය රුවන්වැලිසෑය පිහිටුවන
ස්ථානය සලකණු කිරීම යනාදී කටයුතු මෙන්ම ජෝතිය විනය හෙවත් මහමෙවුනාවට අයිති භූමිය
ඇතකුට රන් නඟුලක් බැඳ සලකණු කළ බවත් , එය දේවානම් පියතිස්ස රජතුමා සමග ඇවිදිමින්
සිදු කළ බවත් සදහන් වේ.
මෙසේ මහා විහාරයෙන් ඇරඹුණු ශාසනික ප්‍රබෝධය ගොඩනැඟිලි වෙහෙර, විහාර, දාගැබ් මහ බෝ
පිහිටුවීමෙන් පමණක් නතර නොවුණි. ථූපාරාම මලුවේදී සිදු කරන්නට යෙදුණු විනය සංගායනාව
මූලිකත්වයක් ගනී. භික්ෂු ශාසනය මෙන්ම භික්ෂුණී ශාසනය ද ආරම්භ කර බුදු සසුනේ චිර
පැවැත්මට මූලික අදියර සකස් වීම මහා විහාරය මුල් කොට සිදු විය.
සසුන ආරම්භක කාලයේ පටන් වර්තමානය දක්වා ජීවමාන බෞද්ධ සංකේතයක් ලෙස උතුම් විජය
ශී‍්‍ර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ විරාජමාන ව වැඩ සිටිති. එසේම ලොව අසදෘෂ මහා
චේතිය නමින් විරුදාවලිය ලත් රත්නමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ ද මෙම යුගයේ දී ම
බෞද්ධ ලෝකයාට ලැබුණු මහා සංස්කෘතික දායාදයක් ය.
මහා විහාරය නැමැති බෞද්ධ ආගමික මධ්‍යස්ථානය දහමට පමණක් නොව ථේරවාදී භික්ෂුවගේ ද
කේන්ද්‍රස්ථානය බවට පත් විය. එසේම මහා විහාර කේන්ද්‍ර කරගත් අනුරාධපුර රාජධානිය වසර
එක්දහස් පන්සීයයක් පමණ කාලයක් මේ රටේ මූලස්ථානය වූයේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්
අක්කර දහස් ගණනක වපසරියකින් යුත් නටබුන් අද පවා අපට දැක ගත හැකි ය.
අතීතයේ වැඩ සිටි අරිහතුන් වහන්සේලා මුලු බුදු දහම භාවනාවක් පමණක් යැයි සිතා අරඤ්ඤ
ගත වී වෘක්ෂ මූලික වී කටයුතු කළා නම් බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් තුන හතරකින් බුදු
දහම ජන හදවත්වලින් අතුරුදහන් වීමට ඉඩ තිබුණි. නමුත් අතීතයේ වැඩ සිටිය ථේරවාදී
උතුමන් වහන්සේලා මහා විහාරය කේන්ද්‍රකොටගෙන මිනිස් හදවත් තුළ බුදු දහමේ චිර
පැවැත්මට ගත හැකි සෑම කි‍්‍රයා මාර්ගයක් ම ගෙන තිබේ.
ජය ශී‍්‍ර මහා බෝධි රෝපණයත් සමඟ ඒ ඒ සම්බන්ධ සංස්කෘතිකාංග ස්ථාපනය කළහ. අදටත් එම
සංස්කෘතිකාංග පවත්වාගෙන එන බව කිය යුතුයි. දැවැන්ත වෙහෙර විහාර ඉදිකරමින් ඒ හා
සම්බන්ධ පුද පූජා පවත්වාගෙන ආහ. පොහොය සීමා ඉදිකර විනයෝ නාම සාසනස්ස ච ආයු යන වදනට
අනුව ශාසනයාගේ අයුෂය විනය බව දැන විනය කර්ම සිදු කිරීමට අදාළ කටයුතු සම්පාදනය කළහ.
අලහබත් දන්සැල, චතුස්සාලා නම් බත් දන්සැල ගිහි පැවිදි දෙපාර්ශවයාට බෙදා වෙන් කොට
දානය පූජා කර - පරිත්‍යාගය දන් දීම යන බුදු දහමේ මූලිකාංග ප්‍රායෝගිකව පුරුදු කර
ඇත.
ගිලනුන්ට සැලකීම සඳහා රෝහල් කිහිපයක් ම මිහින්තලයත් සමඟ මෙම මහා විහාර සංස්කෘතිය
තුළ ඉදිකර ඇත. බෝධීන් වහන්සේගේ අෂ්ඨ ඵල රුහ දෙතිස් ඵල රුහ ආදී වශයෙන් ලක්දිව බෝධීන්
වහන්සේ මුල්කරගෙන බෝධි සංස්කෘතිය ව්‍යාප්ත කරලූහ.
දළදා මාළිගාවක් ද ථූපාරාමය අසල අදටත් දැකගත හැකි ය. දළදා වහන්සේ මූලික කරගෙන දළදා
පෙරහර ආදී අදටත් ඉතිරිව පවතින දළදා සංස්කෘතිය ද අපට දායාද කළේ මෙම පූජා භූමිය තුළ
දී ම ය.
භික්ෂූණී ශාසනය හත්ථාලවක මෙහෙණවරින් ආරම්භ කොට පසුව ලක්දිව පුරා මෙහෙණි ආරාම
සංස්කෘතිය මෙන්ම මෙහෙණිසස්නේ ද දියුණුව මහා විහාර භූමිය තුළම ආරම්භ කළහ.
මහා විහාරය මුල්කරගත් බෞද්ධ සාහිත්‍යයේ ප්‍රබෝධය අති මහත් ය. නිකාය සංග්‍රහය නම්
ග්‍රන්ථයේ සඳහන් කරන පිළිවෙළට මොණර පිරිවෙන (මයුර පිරිවෙන) පියංගු පිරිවෙන,
ග්‍රන්ථාකර පිරිවෙන, කපාරමුල ආදී පිරිවෙන් තුන්සිය හැට හතරක් පමණ මහා විහාරය
කේන්ද්‍ර කරගෙන පැවතුණ බව සඳහන් කරයි.
වට්ඨගාමිණී අභය රජු විසින් ඉදි කර පූජා කරන ලද අභයගිරිය ද මුලින් ම මහා විහාරයට
අයිති කොටසක් විය. පසුව අභයගිරියට විරුද්ධව ජේතවනාරාමය ඉදිවිය. ඉන් පසුව මහා
විහාරය, ජේතවනය අභය පිරිස නමින් සම්ප්‍රදාය තුනකට බෙදී වෙන් විය. දකුණෙහි
තිස්සමහාරාමය වැනි ස්ථාන ද මහාවිහාරය පිරිහුණු අවස්ථාවල එහි කාර්ය භාරය සිදුකර ඇත.
මේ අනුව එකල රට පුරා මහා විහාර සම්ප්‍රදාය ව්‍යාප්ත ව පැවති ආකාරය පැහැදිලි වේ.
මහා විහාරයෙන් බිහි වූ භික්ෂූන් වහන්සේලා මහා විහාරිකයන් වශයෙන් හැඳින්වූහ. හැම
අවස්ථාවක ම ථේරවාදය නියෝජනය කළේ මහා විහාරිකයන් ය.
ථේරවාදී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානතම කාර්ය භාරය ති‍්‍රපිටකය සහ තදනුබද්ධ අට්ඨකථා
ශාස්තී‍්‍රය ග්‍රන්ථ සමුදාය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීමයි. සූත්‍ර, විනය ,
අභිධර්ම යන ති‍්‍රපිටකය ඒ අයුරින් ම ආරක්ෂා කර ගැනීමට මහා විහාරික ථේරවාදීන් ගත්
උත්සාහය අතිශයින් ම අගය කළ යුතු ය. ලොව කිසිදු සාහිත්‍යයක් මෙතරම් සුරක්ෂිත ව
ආරක්ෂා කරගෙන නැත.
වට්ඨගාමිණී අභය රජගල මුලින් ම ති‍්‍රපිටකය රන්පත් ඉරු වල ලියා තබා පසුව පුස්කොළ වල
ලියා තබා ත්‍රිපිටකය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළේ ද මහා
විහාරවාසීන් ය . මහානාම රජු (කි‍්‍ර.ව. 409 – 431 ) කාලයේ දී අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ
හිමියෝ මෙරටට පැමිණියහ. මේ තාක් හෙළ දීපයේ සීහළ භාෂාවෙන් තිබූ සීහළ අට්ඨ කථා පාළි
භාෂාවට පරිවර්තනය කළේ උන්වහන්සේ ය. උන්වහන්සේගේ ලිපි ලේඛන අධීක්ෂණය කළේ මහා
විහාරවාසී ථේරවාදීන් ය.
මෙතෙක් පැවති මහා අටුවාව, මහා පච්චරිය අටුවා, කුරුන්දි අටුවාව උන්වහන්සේ පරිවර්ථනය
කළ සීහළ අටුවාවන් තුළින් කිහිපයකි. සීහළ අට්ඨකථා විශාල ප්‍රමාණයක් තිබුණු බවත්
වංසත්තප්පකාසිනිය පැහැදිලි කරයි.
බුද්ධඝෝෂ හිමියන්ට අමතරව, බුද්ධමිත්ත, බුද්ධදත්ත, ධම්මපාල, සංඝපාල ආදී අටුවාචාරීන්
වහන්සේලා විශාල ප්‍රමාණයක් මහා විහාරවාසීන් නියෝජනය කරමින් අට්ඨකථා සම්පාදනය කළහ.
මහා විහාරයෙහි කීර්තිය ලොව පතළ වීමට තවත් හේතුවක් වූයේ බුද්ධඝෝෂ හිමි විසුද්ධි
මග්ගය වැනි ග්‍රන්ථ සම්පාදනය කිරීමෙනි.
මහා විහාරය රාෂ්ට්‍ර පාලනය, විනය නීතිරීති සම්පාදනය ආදී විවිධ විනය කරුණු ඉගැන්වීම්
කළ කීර්තිමත් ආයතනයකි. භාතිකාභය රජ දවස මහා විහාර වාසී ආභිධම්මික හෝදත්ත තෙරුන්
වහන්සේට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තනතුරක් පවා පිරිනමා ඇත. සාරත්තප්පකාසිනිය,
පපඤ්ච සූදනිය වැනි ග්‍රන්ථවල පාලි ව්‍යාකරණ ග්‍රන්ථ, ඡන්දස් අලංකාර,සාහිත්‍ය,
ගණිතය, වෛද්‍ය ශාස්ත්‍ර ආදී විවිධ විෂයයන් ද ඉගැන් වූ බව සඳහන් කරයි.
ඇතැම් අවස්ථාවල වෝහාරකතිස්ස, ගෝඨාභය, මහසෙන් වැනි රජවරු දවස මහා විහාරයට විශාල
වශයෙන් අලාභ හානි සිදු විය. එසේ සිදු වූයේ වෛතුල්‍ය වාදීන්ගේ බලපෑම් මත ය. එවැනි
අවස්ථාවල රුහුණට වැඩම කර ථේරවාදී සම්ප්‍රදාය සහ තදනුබද්ධ ති‍්‍රපිටක සාහිත්‍ය
ආරක්ෂා කරගත්හ.
බුද්ධඝෝෂ මාහිමියන් විසින් රචිත අට්ඨකථා ග්‍රන්ථ ගණනින් දොළසක් පමණ වේ. එනම් සුමංගල
විලාසිනී, පපංච සූදනී, සාරත්ථප්පකාසිනී, මනෝරථපූරණී, අත්ථසාලිනී, සම්මෝහවිනෝදනී
පඤ්ච ප්‍රකරණ අට්ඨකථා, කංඛාවිතරණී, සමන්තපාසාදිකා, පරමත්ථජෝතිකා, ජාතකට්ඨකථා
යනාදියයි.
මීට අමතරව මහාවංසය, දීපවංසය ආදී වංශ කථා රාශියක් ම මහා විහාරවාසී භික්ෂූන්
වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ රචනාවන් වන්නේ ය.
මෙසේ සලකා බලන කල ලාංකීය ඉතිහාසයෙහි ජන ජීවිතයට මෙන්ම බෞද්ධ සංස්කෘතියෙහි හර
පද්ධතිය විවිධ අංශවලින් පෝෂණය කිරීම මහා විහාරයෙන් සිදු වූ උත්තුංග කාර්ය භාරයන්
වන්නේ ය. |