ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2021 ජූනි 24 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වර්තමාන මිහින්තලය සහ මිස්‌සක පව්ව යන්නට ඉපැරණි හැඳීන්වීම වන්නේ චේතියගිරි හෙවත් සෑගිරි යනුවෙනි. එහි සරල ව්‍යවහාරික නිරුක්‌තිය වන්නේ ස්‌තූප කන්ද යනුවෙනි. මේ අනුව ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්‌තූප විශාල සංඛ්‍යාවක් මෙහි පිහිටා තිබූ බව පෙනේ. මහාවංශයට අනුව මෙය මිශ්‍රක පව්ව ලෙසින් ද හඳුන්වා ඇති බව පෙනේ. (මහාවංශ පරිච්ඡේදය 13 ගාථාව 20) වංශ කතාවන්හි පැනෙන ලෙස අනුරාධපුර නගරයෙන් පිටත වූ මිහින්තලාව ආගමික මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය වූයේ දෙවන පෑතිස් රජතුමා අතින්ම ය. මිහිඳු හිමියෝ ස්වකීය ජීවිතාවසානය තෙක්ම දෙවන පෑතිස් රජතුමා සමඟ ඔහුගේ අනුයාත රජවරුන් විසින් ප්‍රමුඛත්වය සපයනු ලැබූ නිබඳ පැවැති ආගමික ක්‍රියාකාරිත්වයක් සහිත මිහින්තලාවෙහි ම විසූ සේක. මිහිඳු හිමි ඇතුළු සංඝයා වහන්සේ මුල්ම වස් කාලය ගත කරන්නේ මිහින්තලයේදී ය. වංශකතා අනුව මිහිඳු හිමියන් සමඟ පැමිණි භණ්‌ඩුක උපාසක තෙමේ පැවිදි වී උපසම්පදාව ද ලබා රහත් බවට ද පත් වන්නේ මිහින්තලාවේ දී ය. ශී‍්‍ර ලංකාවේ දී ගිහියකු පැවිදි බවට පත් වන ප්‍රථම අවස්‌ථාව මෙය වේ. අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක් ද මිහින්තලයේදී රෝපණය කර ඇත. මහා අරිට්‌ඨ අමාත්‍යවරයා ඇතුළු පනස් දෙදෙනකු සසුන්ගත වන්නේ ද මෙම පුණ්‍ය භූමියේ දී ය.
ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජුනි 24
අව අටවක
ජූලි 01
අමාවක
ජූලි 09
පුර අටවක
ජූලි 18
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]