වත් පිළිවෙත් සරු
සමාජයක් සඳහා ...
අනුරාධපුර ලංකාරාමාධිකාරි
උතුරු මධ්‍යම දිසාවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති හිමි
වසන්න සෘතුවට හට ගත් මල්පල මිස්සක පව්ව වටා දිදුලයි.මහසෑය මතින් වියන්බැඳී සුදු
වළාවෝ සෞම්‍ය පරිසරයක් මවති. ආරාධනා ගල පාමුල අදත් අඹ පොකුරු සුළඟට නැළැවේ. මේ
පොසොන් අසිරිය අපට සිහිකරවන්නේ අනුබුදු මිහිඳු මාහිමි ගෙනා සදහම් පණිවිඩයයි.
එදා අනුබුදු මිහිඳු මාහිමියන් මෙරටට වඩින්නේ ධර්ම ධූතයාණන් වහන්සේ නමක් ලෙසට ය. උන්
වහන්සේ මෙරටට රැගෙන ආවේ ති‍්‍රපිටකයයි. එහි අන්තර්ගත වන්නේ තථාගත ධර්මයයි.එනම් දස
පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී, දස උපපරමත්ථ පාරමී ආදී වූ සමතිස් පෙරුම්පුරා
අනන්ත කැපවීම්කර අවබෝධ කරගත් ධර්මයයි.
මේ තෙවලා දහමේ පරමාර්ථය කෙලෙස්වලින් තැවෙන ලෝකයා ඉන් අත්මුදවා ලෞකික හා ලෝකෝත්තර
සැපත සලසාදීම වේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ද තෙවලා දහම අවබෝධ කරගත් රහත්
උතුමෙකි. ඒ අනුව උන්වහන්සේ මෙරටට වැඩම කරන්නේ තුනුරුවන් අදහන වඳීන පුදන ගරුකරන
සාරධර්ම, ගුණධර්ම පිරි බොදු සිරිත් විරිත් වත් පිළිවෙත් සරු සමාජයක් ගොඩනැඟීම
උදෙසායි.
‘‘සුඛා සද්ධම්ම දේශනා‘‘ යන්නෙන් කියැවෙන පරිදිම ශී‍්‍ර සද්ධර්මය දේශනා කිරීම රට
වැසියාට සුවයක් ගෙන දෙන්නක් බව උන්වහන්සේ දැන සිටි සේක.උන් වහන්සේ මෙරටට වැඩම
කරද්දී ධර්ම ධූතයාණන් වහන්සේ කෙනකුට පැවරෙන කාර්ය භාරය ඉටුකිරීමට නම් තත්කාලීන ව
පවතින සමාජ වටපිටාව සම්බන්ධයෙන් පැවැතිය යුතු අවබෝධය උන්වහන්සේට නිසි ලෙස පැවැතීම
අතිශය වැදගත් ය.
‘‘බහුං වේ සරණං යන්ථි
පබ්බතානි වනා නිච
ආරාම රුක්ඛ චෙත්යානි
මනුස්සා භය තජ්ජිතා‘‘
බියෙන් ,සැකයෙන් පෙළුණු මිනිසුන් ගස්,ගල්, වනාන්තර ආදී දේ අදහමින් පිහිටක්
බලාපොරොත්තු වූ බව කියැවේ. මේ බිය සැක දෙකෙන් තැතිගත් මිනිසුන්ගේ බිය සැක දුරුකිරීම
සඳහා මිහිඳු මාහිමියෝ ති‍්‍රපිටකයේ සඳහන් අගනා සූත්‍ර ධර්ම උපයෝගී කර ගත්හ.
මුලින්ම උන්වහන්සේ දේශනා කළේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය යි.අනතුරුව සච්ච
සංයුක්තය,දේවතා සුත්‍ර සහ දම්සක් පැවැතුම් සූත්‍රය ද දේශනා කරනු ලැබිණි.විශේෂයෙන්
ප්‍රේත වස්තු විමාන වස්තු ආදී දේශනාවන් පවත්වන්නේ එදා පැවැති සමාජයේ පසුබිම තේරුම්
ගැනීමෙනි.එනම් විවිධ ඇදහිලිවලින් අතරමං වී සිටි ජනයා මුදවාගැනීමට ය.
ප්‍රේතවස්තු පිළිබඳව දේශනා කිරීමෙන් පව්කළ පසු විපාක වශයෙන් ප්‍රේත ලෝකවල ඉපදී
දුක්විඳීන ආකාරය කියැවේ. විමාන වස්තු මඟින් අර්ථවත් කරනුයේ පින්කර දිව්‍ය විමානවල
උපදින අය සම්බන්ධයෙනි. මෙයින් මිනිසුන්ට වඩාත් යහපත් ක්‍රියාවන්ගේ නියැළෙන ආකාරය
සිතට තදින් කාවදින පරිදි දේශනාකිරීමේ හැකියාව උන්වහන්සේ සතුව පැවැති බව පෙනේ.එය
ධර්ම දේශකයාණන් වහන්සේ නමක් සතු සුවිශේෂී හැකියාවකි.
දේවානම් පියතිස්ස මහ රජු ඇතුළු හතළිස්දහසක් පිරිසට දේශනා කළේ චුල්ලහත්ථි පදෝපම
සූත්‍රය යි.ඉන් අර්ථවත් කළේ තුනුරුවනේ වටිනාකම ය. එනිසාම සකල ජනයා තෙරුවන් සරණ ගිය
බෞද්ධයින් බවට පත්වුහ.
දේවදූත සුත්‍රය ද මෙහිලා දේශනා කළ වැදගත් අංගයකි. ඉන් කියැවෙන්නේ ලෙඩුන් මළමිනී හා
වයෝවෘද්ධ පුද්ගලයින් ආදී සිත කළකිරවන දර්ශන දැකීම දිව්‍ය ලෝකයෙන් එන දේව ධූතයින්
ලෙස භාරගත යුතු බවයි. එනම් අනිත්‍ය අවබෝධය සඳහා, නැතහොත් යතාර්ථය තේරුම් ගැනීමට
මේවා වටිනා නිමිති බවයි.
මිහිඳු මාහිමියන් දෙසූ බාල පණ්ඩිත, ලක්ඛණ සූත්‍රය තුළ සමාජය මිනිස් කොට්ඨාස දෙකකට
බෙදා දක්වයි. බාලයන් යනු ගුණයෙන් බාල අයයි.පණ්ඩිතයින් යනු ප්‍රඥාවෙන්,උගත්කමින් ඉහළ
අයයි. එනිසා බාලයන් ඇසුරු නොකර පණ්ඩිතයින් ඇසුරු කිරීමේ අගය එයින් පෙන්වයි.
බාලයා සිතීමෙන්,වචනයෙන් මෙන්ම කි‍්‍රයාවෙන් නරක දේ ම කරයි. නැතිනම් අදත්තාදාන
,ව්‍යාපාද ,කාමමිත්‍යාචාර යන සියල්ලේ පැටලෙයි. ඔහුගේ කය, වචනය සහ මනස සංවර නැත.
සාමාන්‍ය ජනයාට යහපත් ජීවිතයක් සඳහා උපකාරීවන ධර්ම මාර්ගය මේ ඇසුරින් උන්වහන්සේ
පෙන්වා දුන් සේක.
ඒනිසාම බාලයන් හඳුනාගැනීම පිළිබඳව වැඩි වශයෙන් අවධාරණය කළ මිහිඳු මාහිමියෝ මංගල
සූත්‍රයේ එන‘‘අසේවනාච බාලානං ‘‘ආදී ධර්මෝපදේශයන් ගෙනහැර දැක්වූහ.
මෙනිසා ජීවිතවලට වටිනාකමක් දෙන්නට, මව පියා දරුවන් ආදී සමාජ තනතුරු අතර අන්‍යොන්‍ය
බැඳීමට ගරු කරන්නට හැකි සමාජයක් නිර්මාණය කිරීමෙහිලා මිහිඳු මාහිමියන් වදාරන ලද
තථාගත සද්ධර්මය මහෝපකාරී විය. ඒ ගොඩනැඟුණු සංස්කෘතිය ආරක්ෂා කරගැනීම මේ උතුම්
පොසොන් පොහෝ දින අප අවබෝධ කරගත යුතු යතාර්ථය වේ. |