අංගුත්තර නිකායෙන් 15 :
ඒකක නිපාතය
සූත්‍ර අංක - 54
මෙත්තා භාවනා සූත්‍රය
මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සනක් පමණැති කාලයක් මෛත්‍රී සිත වඩාද, මහණෙනි, ඒ
භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අවවාද අනුශාසනා රකින්නේ ය. රට
වැසියන්ගේ පිණ්ඩපාතයට සුදුස්සෙකු වී වළඳන්නේ ය. යම් භික්ෂුවක් බහුල වශයෙන් මෛත්‍රිය
වඩන්නේ ද එහිලා කවර කතා ද?
සූත්‍ර අංක - 55
මෙත්තා මනසිකාර සූත්‍රය
මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සනක් පමණැති කාලයක් හෝ මෙත් සිත මෙනෙහි කෙරේද,
මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනා අවවාද
රකින්නේ ය. රටවැසියන් පුදන පිණ්ඩපාතයට සුදුස්සෙකු වී වළඳන්නේ ය. යම් භික්ෂුවක් බහුල
වශයෙන් මේ මෛත්‍රිය මෙනෙහි කරන්නේ ද එයින් ලැබෙන ආනිසංස ගැන කවර කථා ද?
සූත්‍ර අංක - 56
අකුසලභාගියා සූත්‍රය
මහණෙනි, යම් ධර්ම කෙනෙක් අකුසල් වෙත් ද, අකුසල් භජනයෙහි, අකුසල් පක්ෂයෙහි වැටෙත් ද
ඒ හැම ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී. ඒ හා එක්විට ම අකුසල
ධර්මයෝ උපදිත්.
අටුවාව - පළමුව සිත ඉපදී පසුව චෛතසිකයෝ උපදී යැයි නො ගත යුතු ය. එක්ව ම උපදී. එක්ව
ම නිරුද්ධ වේ. යම් සේ රජු නික්මුණේ යැයි කියන ලද කල්හි සෙසු රාජ සේනාව නික්මුණේ ද
නොනික්මුණේ දැයි විමසිය යුතු කරුණක් නොවේ. සියලු සේනාව නික්මුණේ යැයි අදහස් වේ.
සූත්‍ර අංකය - 57
කුසලභාගියා සූත්‍රය
මහණෙනි, යම්කිසි ධර්ම කෙනෙක් කුසල ධර්මයෝ වෙත් ද, කුසල භජනයෙහි, කුසල පක්ෂයෙහි
වැටෙත් ද ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයන්ට පළමුව උපදනේ ය. ඒ හා
එක්වී ම ම කුසල ධර්මයෝ ද උපදිත්.
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්රන්ථ පරිවර්තන
මණ්ඩලයේ ලේකම්
කේ.කේ.සුගතපාල |