වෙසක් සමය සරසන පහන් කූඩු
වෙසක් සමයෙහි බහුල වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන පහන් කූඩු නිර්මාණය මෙරට සැදැහැවත්
ජනතාවගේ බුද්ධාලම්භන පී‍්‍රතිය,කලා රුචිය හා නිර්මාණ කෞශල්‍යය මැනවින් ප්‍රදර්ශනය
කෙරෙන කලා අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. වෙසක් පහන් කූඩුව වෙසක් සමය පිළිබිඹු කරන
ප්‍රධාන සංකේතයක් බවට ද දැනට පත්ව ඇත.
මෙම පහන් කූඩු නිර්මාණය කවදා ආරම්භ වූයේ දැයි, නිශ්චිත ලෙස ම පැවසීම අපහසු ය. එයට
ලංකාවේ බෞද්ධ කොඩියෙහි සැලැස්ම නිර්මාණය කළ වර්ෂ 1885 තරම්ම ඉතිහාසයක් ඇතැයි,
පිළිගැනීමෙහි වරදක් නොමැත. පුරාතනයේ ගොක් කොළවලින් විසිතුරු කළ රඹකැන් (කෙසෙල්)
තොරණවලින් වෙසක් පොහොය ද, විහාරස්ථාන දොරකඩ ද අලංකාරවත් කෙරිණි. එයට අමතරව සිදුකළ
මල් පහන් පූජාදියෙන් විහාර භූමිය ආලෝකමත් විය. ඉන් නොනැවතුණු සැදැහැවත්හු ගොක් කොළ
රැහැනින් සැරසූ කෙසෙල් කොට මත විසිතුරු ලෙස පහන් දැල්වීම ආදියෙන් ජනී ජනයා
ප්‍රබෝවමත් කරන්නට වූහ. මේ අනුව එකල ගොක් කොළයෙන් හා කෙසෙල් බඩයෙන් නිමවා පොල් තෙල්
පහනින් ආලෝකය සපයා සැකසූ පහන් කූඩුවෙහි අනුක්‍රමික විකාශනයක් ලෙස ඉතා සිත්ගන්නා
සුළු නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් පහන්කූඩු රට පුරා ව්‍යාප්ත වී තිබේ.
අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරුම වෙනුවෙන් වෙසක් පහන් කූඩුවක් හෝ වෙනයම් වෙසක්
සැරසිල්ලක් නොමැති නගරයක්, ගමක් හෝ බෞද්ධ නිවසක් සොයා ගැන්මට නො හැකි ය. නගරයේ ඉහළම
ප්‍රභූවරයාගේ මන්දිරයේ සිට ඈත පිටිසර ගම් දනව්වල ජීවත්වන ගැමි ජනයාගේ නිවස දක්වා ම
මෙම වෙනස එක සේ දැකිය හැකි ය.
වෙසක් පහන් කූඩු නිර්මාණයෙහි ද යම් තරඟකාරී බවක් මෙකල පෙනෙන්නට තිබේ. විශාල පහන්
කූඩු ඉදිකොට ඒ වටා එක් එක් ප්‍රමාණයෙන් පරිවාර පහන් කූඩු ද රැසකින් අලංකාරවත් කොට
සිදු කෙරෙන නිර්මාණ කරණය එයට උදාහරණයකි.
එලෙස වඩාත් දැකිය හැකි වන්නේ පොදු මහජන ප්‍රදර්ශනය සඳහා නිර්මාණය කෙරෙන පහන් කූඩුවල
ය. ඒවායෙහි එකිනෙකා පරයා යන අන්දමේ නිර්මාණ කෞශල්‍යයන් සුලභව දැකිය හැකි වෙයි.
ඇතැම් නගරවල හා ආයතනවල වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන තරඟ පවත්වා ජයග්‍රාහකයින් තේරීමත්
මෙකල බහුල වශයෙන් සිදු වේ.
නූතන තාක්ෂණික යන්ත්‍රෝපකරණවල සහාය වෙසක් පහන්කූඩු කෙරෙහි ද ලබා ගැන්ම නිසා එය
ආරම්භක අවස්ථාවට වඩා පියවර රැසකින් ඉදිරියට ගොස් තිබෙන බව පෙනේ. විදුලි බලය යොදා
ගැනීම ඒ අතර විශේෂිත ය.
චීනයෙන් සව් කඩදාසි ආනයනයත් සමඟ ඒවා භාවිතයට ගනිමින් පහන් කූඩු තැනීම විවිධ රටාවන්
ඔස්සේ සිදු කෙරෙයි. මෙලෙස වෙසක් පහන් කූඩු නිර්මාණය නව මුහුණුවරක් ගැනීමත් සමග
පුරාතන ගොක් කොළ පහනක් දැක ගැන්මටවත් නොලැබෙන තරමට ම ජනතාවගෙන් දුරස් වී තිබේ.
මෙකල නිර්මාණය කෙරෙන මෙම වෙසක් පහන් කුඩු සතරැස් හා අටපට්ටම් කූඩු ලෙස ද තරු,
නෙලුම්, මානෙල් මල් ලෙස ද විවිධ හැඩතල ඔස්සේ සකස් කෙරෙයි. මුලදී ගොක් කොළ පහනට
ආලෝකය ලබා දුන්නේ මැටි පහනයි. එය ස්වභාවිකත්වය මැනවින් යොදා ගැනීමක් විය. මැටි පහන
වෙනුවට ඉටි පන්දම ද පසුව එය තවත් නවකරණය කොට විදුලි බුබුළු ද දල්වා පහන් කුඩු
ආලෝකමත් කිරීමට නිර්මාණකරුවෝ පෙළඹුණා හ.
ඒවායෙහි නිර්මාශීලිත්වයත්, චිත්තාකර්ෂණීය බවත් නිසාම ජනී ජනයා ඒවා නැරඹීම සඳහා සිය
දහස් ගණනින් රොක් වන්නට වූහ. හුදෙක් ධාර්මික විනෝදය ගෙනදෙන මෙවන් නිර්මාණ වෙසක් සමය
තුළ බහුල වශයෙන් ම පැවතීම ජනතාවගේ අන්‍යොන්‍ය සුහදතාව, ඒකාකාරී ජීවන රාමුවෙන්
බැහැරවීම හා නිර්මාණකරණයෙහිලා වන රුචිය වර්ධනය කරවීමට බෙහෙවින් ම සමත් වන්නේ ය.
හුදෙක් තාක්ෂණය ම බහුල ලෙස යොදා ගනිමින් සිදු කෙරෙන පහන් කූඩු නිර්මාණයකට වඩා
ස්වභාවිකත්වය මත පදනම් වූ නිර්මාණයක් තුළින් වෙසක් සැමරුමට දායකවීම කෙරෙහි ලොකු
කුඩා සැමගේ අවධානය යොමු කර සිටීම වැදගත් ය. ආමිෂ පූජාවන් හා මෙවන් කලා නිර්මාණයන්
ඉදිරිපත් කිරීමත් තුළින් ස්වකීය බුද්ධාලම්භන පී‍්‍රතිය ප්‍රකට කරන අතර ම වෙසෙසින්
මෙවර කොවිඩ් 19 වසංගත රෝගී පරිසරය සැලකිල්ලට ගෙන නිවසේ සිට සීල, භාවනා දී
ප්‍රතිපත්ති පුජාවට යොමු වී අර්ථවත් ව වෙසක් සැමරීම සිදු කළ යුතු බව ද වඩාත් හොඳින්
වටහාගත යුතු ය.
- ඌරුගමුවේ අස්සජී හිමි |