පිරිවෙනටත් බුදුසරණ
අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී
අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත
තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන
ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම
පිටුව වෙන් කෙරේ.
පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ
****
අනඳමෙත් මාහිමියන් කර වූ
බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන
03
පැරැණි තැපැල් කාර්යාලයක් පිහිටි බිමේ
මහා පිරිවෙනක් ඉදිවෙයි
1931 පෙරවාරි 13 වන ගුරු දින බලන්ගොඩ පරණ පාර අසල පිහිටි පැරණි තැපැල් කාර්යාලය
පිහිටි ගොඩනැගිල්ලෙහි පිරිවෙන ඇරැඹිණ.
මහවලතැන්නේ මහකුමාරිහාමි මැතිණියගේ ද, රත්වත්තේ මහදිසාව ගේ ද, එම දෙපළගේ දෙටු
දියණිය වන සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරණායක මැතිණිය ඇතුළු දූ දරුවන්ගේ ද අනුග්‍රහය
ඇතිව ඔවුන්ට අයත් එම ගොඩනැගිල්ලෙහි 1933 ජූලි මාසය දක්වා පිරිවෙන පැවැත්වූ බව මහ නා
හිමිපාණෝ අප වෙත සිහිපත් කළහ.
මහා නා හිමියන් පැවසූ අයුරින් කාලීන අවශ්‍යතා සලකා වඩාත් ශක්තිමත් පුළුල් පිරිවෙන්
ගොඩනැඟිල්ලක් පිළිබඳ අදහස මේ වන විට කාගේත් අවධානයට යොමු වී ඇත. මේ අතර 1933 ජූලි
මස 07 දින නා හිමියෝ හලාවත මාදම්පේ සේනානායක මුදලිතුමන්ගේ බැතිබර ඇරයුමකට අනුව එහි
වස් විසීම සඳහා වැඩම කළ බව පැවසූහ.
බලන්ගොඩ ප්‍රදේශයේ මහ තෙරවරු ද, ගිහි ප්‍රභූහු ද, සැදැහැවත් දායිකාවෝ ද පිරිවෙනක්
ඉදිකිරීම සඳහා පසුබිම සකස් කළහ. අප මහ නා හිමිපාණන් ගේ හිතෛෂී ඥාතීන්ගෙන් මෙන් ම
සැදැහැවත් දායක දායිකාවන්ගෙන් ද, එච්.එම්.ගුණතිලක කෝරළේ මැතිතුමන් ප්‍රමුඛ සොහොයුරු
සොහොයුරියන්ගෙන් ද ලද ආරාධනයකි.
ගුණතිලක පවුලේ ඥාතීන් විසින් බලවත් ශ්‍රද්ධාවෙන් පරිත්‍යාග කළ බව බලන්ගොඩ
මිරිස්වත්ත ගමේ ඉඩමක, එනම්, මේ වන විට ධර්මානන්දයේ අධ්‍යාපනයේ යෙදී සිටි
කිරිමැටිතැන්නේ විමලවංශ හිමියන් වැඩ විසූ ආවාසයේ කුඩා ධර්ම ශාලාවේ නව ධර්මානන්ද
පිරිවෙන ආරම්භ වූයේ තවත් සන්ධිස්ථානයක් පසු කරමිනි.
මෙතෙක් මෙම උත්කෘෂ්ට කාර්යය සාර්ථක කර ගැනීමට පසුබිම සැකසූ මුලින් සඳහන් කළ ගරු
කටයුතු සඟරුවන ද, බෝධිමළුවේ විමලජෝති, කිංචිගුණේ මේධානන්ද, දාමහණ සුධර්මාරාම,
මහවලතැන්නේ පේමානන්ද, බිබිලේ සුමංගල, පොල්ලමුරේ සිරිනිවාස, දාමහණ නන්දාරාම,
ගැටඅරළුවේ ධම්මරතන, විකිළියේ නාරද, කිරිමැටිතැන්නේ විමලවංශ ආදී සංඝ පීතෘන් වහන්සේ ද
ඇතුළු භික්ෂූ සංඝයා ගේ ද, සතර පේරුවේ දායක දායිකාවන්ගේ ද සහභාගිත්වයෙන් පිරිවෙන්
ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුතු සැලසුම් කර ඇත.
විකිලියේ නාරද මා හිමිපාණන් වහන්සේගේ අධීක්ෂණය යටතේ එය සිදු කර ඇත. ආනන්ද මෛත්‍රෙය
මා හිමිපාණෝ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත වූහ. පසු කලෙක නා හිමියන්
විසින් නම් තැබු නාලන්ද විද්‍යාලය ද මෙහි ලා සිහිපත් කළ යුතුය. අපදාන සොභිනී පඤ්ඤා
(ප්‍රඥා තොමෝ චරිතයෙන් බබළන්නී ය) යනුවෙන් නාලන්දාවට ද ශ්‍රී ධර්මානන්ද පිරිවෙනට ද
තේමා පාඨය ඉදිරිපත් කොට ඇත්තේ අප නා හිමිපාණෝ ය.
මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙමින් සිටි ගැටඅරළුවේ
ශ්‍රී ධම්මරතන මා හිමියෝ ශ්‍රී ධර්මානන්ද පරිවෙණාධිපති වශෙයන් ආනන්ද මෛත්‍රෙය මහ නා
හිමිපාණන් විසින් පත් කරන ලදහ. නව පිරිවෙන්පති හිමි අධ්‍යාපන කටයුතු හා ගොඩනැගිල්ල
ඉදිකිරීමේ කටයුතු ද ගිහි පැවිදි පිරිසේ සහයෝගයෙන් ක්‍රියාත්මක කර ඇත.
ආනන්ද මෛත්‍රෙය මහ නා හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් 1935 මැයි මස 13 වන සඳුදා
නව ගොඩනැගිල්ලේ පිරිවෙන ඇරඹිණි .
බානස් රත්වත්තේ මහ දිසාපතිතුමන් පිරිවෙන් ශාලාව විවෘත කළ අතර, වැලිගෙපොල ජයසුන්දර
කුල කුමරුවා වැලිගෙපල මෛත්‍රීමුර්ති භික්ෂු නමින් මහ නා හිමියන් ගේ ආචාර්යත්වයෙන්
පැවිදි බිමට පත්වීම ද එදින සිදු වූ සුවිශේෂ ශාසනික කටයුත්තකි.
පිරිවෙන හා එහිම ධර්මගිරි ආශ්‍රමය මගින් ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ ජනතාව කෙරෙහි විවිධ
සේවාවන් මේ වන විට පුළුල් අයුරින් ඉටු කිරීමෙහි යෙදී ඇත.මෙම අවදිය වනවිට පිරිවෙනේ
ඉඩකඩ සීමිත වූ බැවින් ගැටඅරළුවේ ධම්මරතන මා හිමියන් විසින් අඩි 35 ක් දිග අඩි 20 ක්
පළල තවත් ගොඩනැඟිල්ලක් ගිහි පැවිදි දෙ පිරිසේ සහයෝගයෙන් ඉදිකොට ඇත.1937 අප්‍රේල් 11
වන දින ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් ආනන්දයෙන් සමුගත්තේ ශ්‍රී ධර්මානන්දයේ හා
ධර්මගිරි ආශ්‍රමයේ දියුණුව තකා ය. 1936 දෙසැම්බර් 6 වැනි ඉරු දින නා හිමියෝ එහි
ස්ථිර පදිංචිය සඳහා වැඩියහ .අනතුරුව 1937 ජනවාරි 01 වැනි කිවිදින සිට යළි ශ්‍රී
ධර්මානන්දයේ පරිවේණාධිපති පදවිය භාර ගත්හ. නියෝජ්‍ය පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරි
කටයුතු ගැටඅරළුවේ ධම්මරතන මා හිමියන් වෙත පැවරිණ. මෙම අවධියෙහි සිසු පිරිස ද
වැඩිවත් ම ප්‍රදේශයේ ගම්නියම්ගම් වල පිඩු සිඟා වඩිමින් පවා දානමානාදියෙන් සපයා ගත්
බව තතු දන්නෝ සඳහන් කරති. මේ වන විට ඇදුරු මඬුල්ල සදහා බිබිලේ සුමංගල නා හිමියන්ගේ
ශිෂ්‍ය දෙනගම නාගර්ජුන හිමියෝ පත් කරගනු ලැබුහ.ධර්මානන්දයේ අධ්‍යාපනය ලැබූ බව 1938
ජුලි මස දිනමිණ පුවත්පතෙහි පළවීම ධර්මානන්දයේ ඵෙතිහාසික අවස්ථාවකි.
එවන් ප්‍රගතීන් ඔස්සේ රජයේ අවධානය ද පිරිවෙණ කෙරෙහි යොමු විය. වාර්ෂික පිරිවෙන්
පරීක්ෂණය පැවැත්වීම එහි ප්‍රතිඵලයකි.
1937 ජනවාරි 01 වැනි දින සිට ධර්මගිරි ආශ්‍රම භුමියේ වඩාත් විධිමත් අයුරින්
පිරිවෙනේ කටයුතු ක්‍රියාත්මක කොට ඇත. ආණ්ඩුවෙන් කළ ප්‍රථම පරීක්ෂණය 1938
සැප්තැම්බර් 23 වන දින පැවැත්වූ බව ද,1940 පෙබරවාරි 26 වෙනි දින ධර්මානන්ද පිරිවෙන
රජයේ ලියාපදිංචියට ඇතුළත් වූ බව ද ධර්මානන්දයේ මුල් ලොග් සටහන් වාර්තාවල සඳහන් ය.
නේවාසික සිසුන් සඳහා 1940 මැයි මස 30 වන දින ශිෂ්‍ය නිවාසයක් ද විවෘත කෙරිණි.
නියෝජ්‍ය පරිවෙණාධිපති ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන මා හිමියන් වැඩිදුරටත් ශාසනික
කටයුතු හා භාවනායෝගි වත්පිළිවෙත්හි නියැලීමේ අභිලාෂයෙන් පසු වූ බැවින් බෙලිහුල්ඔය
ශ්‍රී සුවිසුද්ධාරාමයට වැඩම කරවන ලද්දේ මෙම අවධියේ ය. මේ වන විට ආචාර්ය මණ්ඩලය
පුළුල් කළයුතු විය. කාලීන අවශ්‍යතාවයක් වූ ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාව
දැඩිසේ දැනෙන්නට විය.
මහා නා හිමියෝ එම අදහස් ඉදිරිපත් කරමින් විකිළිය වතුයායේ ආර්. ඒ ගුණසේන පාලක මහතා ද
විකිළියේ නාරද හිමියන් ද එම පැතුම ඉටු කිරීමේහි ලා තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති
බලන්ගොඩ සුමනජෝති නා හිමිපාණන් වහන්සේ ද, සංඝික සුදර්මාරාමාධිපති ගඟුල්විටියේ
සුමංගල හිමිපාණන් වහන්සේ ද, වෙළඟේ පුරාණ විහාරාධිපති නැදුම්ගමුවේ සුමනසාර
මාහිමිපාණන් වහන්සේ ද, බෙලිහුල්ඔය සුවිසුද්ධාරාමාධිපති ගැටඅරළුවේ ධම්මරතන මා හිමි
පාණන් වහන්සේ ද ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පිරිසෙන් කිහිප
දෙනෙකි.
බලංගොඩ මෙත්තානන්ද හිමි
|