බලංගොඩ මානවයාගේ සිට පැවතෙන
කූරගල පුදබිමේ හෙට දවස
පසුගිය කාලයේ අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වූ බෞද්ධ සිද්ධස්ථානයන් අතරින් කූරගලට
හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.
කූරගලට අපට මෙ තරම් වැදගත් වන්නේ එය අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම බෞද්ධ ආගමික
සිද්ධස්ථානයක් වශයෙන් පැවතුණු හෙයිනි.
පැරණි රජ දවස ‘තණ්ඩුලෙය්‍යක පබ්බත‘ , ‘දත්ත ශෛලපබ්බත‘ යන නම්වලින් ද, පසුකාලීනව
‘කුහරගල‘ නමින් ද, හැඳීන්වූ එය අද ‘කූරගල‘ නමින් හැඳීන්වේ.
කූරගල පුරාවිද්‍යා භූමිය අයත් වන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයට වන අතර, බලංගොඩ
කඩවත්මැද කෝරළේ, හෙළ උඩ පත්තුවේ, කූරගල ගමෙහි මෙම පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත.
බලංගොඩ-කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කණුවට නුදුරින් හෙවත්, තංජන්තැන්න මංගර
දේවාලය ඉදිරි පිටින් ඇති අතුරු මාර්ගයක් ඔස්සේ, කිලෝමීටර් දෙකක් ගමන් කර කූරගල
පුදබිමට ළගාවිය හැකිය.
කූරගල පුරාවිද්‍යා භූමිය අනුරාධපුර යුගයටත් වඩා ඈතට දිවෙන්නක් බව මේ වන විට සොයා
ගෙන තිබේ. ඒ අනුව කූරගල ලෙන් සංකීර්ණයේ මානව ජනාවාස ආරම්භ වී ඇත්තේ මධ්‍ය ශිලා
යුගයට අයත් ‘ප‍්‍රාග් මානවයා’ හෙවත් ‘බලංගොඩ මානවයා’ ගේ යුගයේ ය. ප්‍රාග් මානවයන්
මෙහි විසූ බවට සාධක ගල් ලෙන්වල කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය වී ඇත.
ගල් ලෙන්වලට අමතරව එම මානවයන් එළිමහන් ප‍්‍රදේශවල ද ජනාවාස පිහිටුවා ගෙන තිබූ බවට
සාක්‍ෂි හමු වී තිබේ.
2013 වසරේ, කූරගල මුස්ලිම් පල්ලියට යාබද ගල් ලෙනෙහි කළ පර්යේෂණ කැණීමෙන්, එහි මානව
ජනාවාසය අදින් වසර 6000 සිට 16,000 දක්වා කාලයක් පැරැණි බව තහවුරු වි තිබේ.
ප‍්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු කූරගල ගැන තොරතුරු සඳහන් වන්නේ මුල් අනුරාධපුර
යුගයේ සිටම ය. කටාරම් කෙටූ ගල්ලෙන් සහ පූර්ව බ‍්‍රාහ්මීය අක්‍ෂරයෙන් යුත් සෙල්
ලිපි මගින් ඒ ඉතිහාසය ගොඩ නැඟෙයි. පැරැණි සෙල් ලිපි 03ක් මෙහි දී දැකගත හැකි ය.
ඒවායින් පැහැදිලි වන්නේ, භාවනායෝගි බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා එකල මෙහි ගල්ලෙන්වල
වැඩ සිටි බවයි.
කූරගල ඇති ලෙන් ලිපි සියල්ලම ඉතා කෙටි ලිපි වේ. බොහෝ ලෙන් ලිපිවල, ‘අගත අනගත චතු
දිශ ශගස දිනේ’ (අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූ ද, නො පැමිණියා වූ ද, භික්‍ෂු
සංඝයා වහන්සේලාට පූජා කළ වගයි) යනුවෙන් සඳහන් කර තිබේ. කූරගල කඳුවැටිය සහ
තදාශි‍්‍රත කලාපයේ තවත් පැරැණි ගල් ලෙන් කිහිපයක්ම වෙයි. ඒවායෙහි ඇති ලෙන් ලිපිවල
එබඳු සඳහනක් නැත. ඊට හේතුව විය හැක්කේ, එම ස්ථාන ‘ලෙන් ආරාම’ සකස් කිරීමේ
ප‍්‍රාථමික අවධියට අයත් ස්ථානයන් නිසා වන්නට පුළුවන. විශ‍්‍රාමලත් පුරාවිද්‍යා
නිලධාරිවරයකු වන එච්. එම්. ජයන්ත විජේරත්න මහතා විසින් රචිත “මානව පරිණාමයේ රත්නපුර
ලකුණ” ග‍්‍රන්‍ථයේ කූරගලට ගැන දීර්ඝ විස්තරයක් දැක්වේ. එහි ආරම්භය මෙන්ම පසුකාලීනව
කූරගලට සිදුවූ ආක්‍රමණ ගැන ද පියවරෙන් පියවර දක්වා තිබේ.
සතුරු ආක්‍රමණ නිසා වල්වැදුණු කූරගලට නිසි ගමන් මාර්ගයක් පවා සොයා ගැනීම දුෂ්කර වූ
අවධියක විකිළියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ එහි වැඩම කළහ. ඒ 1925 වසරේ ය. බලංගොඩ
සිට බෝවත්ත දක්වා යාමට කරත්ත පාරක් තිබුණ අතර, එය ද යා යුත්තේ නිතර අලි, කොටි,
වලස්සු වැනි නපුරු සතුන් ගැවසුන මාර්ගයක බවත්, උන්වහන්සේ සඳහන් කරති. බෝවත්තෙන්
එහාට දෙනිපිටිය හරහා කුඩා අඩි පාරකින් තන්ජමට හා එතැනින් කූරගලට යා යුතු බවත්
උන්වහන්සේ සඳහන් කරති.
1925 වසරේ කූරගලට වැඩම කළ අවස්ථාවේ, එම කඳු මුඳුනේ පේසා වළලූ තුනකින් සමන්විත, අඩි
09ක උස දාගැබක් පැවති බව සඳහන් කරති. එමෙන්ම ඒ අසලින් ගලා යන කුඩා දොළ පාර අතර
කොටසේ, අඩි 35ක් පමණ දිගින් යුතු පෞරාණික ගොඩනැඟිල්ලක අත්තිවාරමක් දැක ගන්නට ලැබුණු
අතර, ගල්ලෙන් විහාරය ඇතුළත පැරණි කුඩා බුද්ධ ප‍්‍රතිමාවක් ද තිබුණ බව වැඩිදුරටත්
සඳහන් කරති. උන්වහන්සේ නැවත 1938 වසරේ දී කූරගලට වැඩමකර ඇත. එවර පළමු වරට දුටු
දාගැබ, පැරණි ගොඩනැඟිලි අත්තිවාරම පමණක් නොව, ගල් ලෙන තුළ තිබූ බුද්ධ ප‍්‍රතිමාව ද
දැක ගන්නට නො ලැබුණ බව සඳහන් කරති. විහාරය පැවති තැන මුස්ලිම් පල්ලියක් ගොඩ නඟා
තිබුණු බවත් උන් වහන්සේ සඳහන් කර ඇත.
උන්වහන්සේගෙන් පසුව මේ සම්බන්ධව රාජකීය පණ්ඩිත, වටද්දර ඤාණිස්සර නා හිමියන් විසින්
සොයා බලා බෞද්ධ උරුමය සොයා ගන්නා ලදී. අන්තවාදීන් විසින් තමන්ගේ ස්වර්ගයේ ගමන්
මාර්ගය ලෙස හඳුන්වා බෞද්ධ උරුමයන් වනසාලමින් එහි සොහොන් කොත් පවා ඉදි කර තිබේ.
අධිකරණ නියෝග මත පවා ඇතැම් ඉදිකිරීම් ඉවත් කළ ද තවමත් කූරගල පුදබිමට බාධා
පැමිණෙමින් තිබේ.
එම බාධා මැඩපවත්වා මේ පුදබිම යළි බෞද්ධ උරුමයක් බවට පත් කරන්නට මෙ වන විටත් කටයුතු
කරමින් තිබේ. ඒ වෙනුවෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ කූරගලට
බාරකාර වතුරකුඹුරේ ධම්මරතන (නෙල්ලිගල හාමුදුරුවෝ) හිමියෝ මෙම ස්ථානයට වැඩ සිටිති.
උන්වහන්සේ පවසන්නේ මේ පුදබිම රැක ගැනීම වෙනුවෙන් මෑත කාලයේ විශාල කැපවීමක් කළ
දෙල්තොට ධම්මජෝති හිමියන් සහ ගැටඅරලුවේ සංඝරක්ඛිත හිමිවරුන් ඇතුළු ඉහත කී හිමිවරුන්
විසින් එහි බාරකාර හිමියන් ලෙස තමන්වහන්සේ පත් කළ බවයි.
ඒ අනුව ‘යළි පිබිදෙන කූරගලට‘ නමින් මෙහි සංවර්ධන කටයුතු කරනා බවට නෙල්ලිගල
හාමුදුරුවෝ පවසති. ඒ නිමිත්තෙන් අඩි 100ක් උස මහ සෑයක් ‘අස දිස ශාක්‍ය සුගත මහා
සෑය‘ නමින් ඉදි කෙරෙන බවත් එහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 28 වෙනිදා පුන් පොහෝ දින
පස්වරු 4.00ට සිදු කෙරෙන බව ද උන්වහන්සේ පවසති. එමෙන්ම එදින දහසක පමණ උපාසක
උපාසිකාවන් පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සීල සමාදානයට සහභාගි වන බව ද
උන් වහන්සේ පැවසූහ.
‘‘ අපි ඉදිරියේදී කූරගල පුදබිම භික්ෂූන් වහන්සේ වැඩසිටින සක්‍රීය සජීවී පුදබිමක්
කරන්නයි කටයුතු කරන්නෙ, ඒ වෙනුවෙන් තාවකාලික නවාතැනක වාසය කරනවා දැඩි අපහසුකම් මැද,
අපට අවශ්‍ය වන්නේ මේ පුදබිම අනාගතයට රැක දීමටයි‘‘ නෙල්ලිගල හාමුදුරුවෝ පවසති.
කූරගල යනු බෞද්ධ උරුමයක් පමණක් නොවේ. එය ජාතික උරුමයකි. එය රැක ගැන්ම වෙනුවෙන් අප
සැවොම කටයුතු කළ යුතු ම ය.
- තාරක වික්‍රමසේකර |