[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විස්මිත නිමැවුම

විස්මිත නිමැවුම

අගයෙන් සපිරි ලස්සන නිමැවුම් ගහන
ලොව නන් දෙසම සුපතළ හෙළ රජ දහන
ඔප කළ කලා කෙත සිරියෙන් සරසවන
විස්මිත නිමැවුමක් වේ සිතුවිලි මවන

අනුරාපුර පොළොන්නරු රජ දහන් වල
සැම තැන දොරටු බිම සැරසූ ගලින් කළ
එදවස පහළ වුණ වටිනා මැවුම් කුල
දස්කම් හෙලි කෙරේ හෙළ දෑතකින් කළ

මාලිග – වෙහෙර බෝ මලුවට ඇතුළු වන
සැම දෙන නෙතට එකවරට ම මිහිර දෙන
කැටයම් කලාවේ විස්මිත ඉහළ තැන
මෙම නිමැවුමට හිමි වෙනවා සියලු දින

ලියවැල් පියුම් පෙති ඇත් අස් සතුන් පෙළ
සුදිලෙන අබි දමක වටිනා දසුන් තුළ
දුටු සැම දනගෙ දෑ හැඟුමන් උදම් කළ
මෙය නිමවුණා ගල් වඩුවකු අතින් හෙළ

අබි දහමක් කියන දුටු දන මන නිවන
සදහම් දසුනකින් සිතුවිලි නිම නොවන
දුටු දුටු නෙත බඳින මෙය කිමදැයි අහන
අරුමැති නිමැවුමකි මේ “සඳ කඩ පහන”

  දුරුතු අමාවක 

  පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.09 න් අමාවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 00.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]