ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින, 2020 දෙසැම්බර් 29 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කැලැයෙහි හැදෙන හැම තුරුලිය සඳුන් නොවේ වනයේ වෙසෙන හැම අලි රැළ ඇතුන් නොවේ පොළොවෙහි තිබෙන හැම කළුගල් මැණික් නොවේ මේ ලොවැ වසන හැම ලියකම මවක් නොවේ
සඳුන් වටී චන්දන සොයනා වුන්ට ඇතුන් වටී ගජමුතු සොයනා වුන්ට මැණික් වටී අන්දයෝ නොවනා වුන්ට මවක් වටී මව් ගුණ දැනෙනා වුන්ට
දරුවන් නැති ළඳ තුළත් අම්මා කෙනෙක් ඇත ඒ මව් නොලද දරුවන් ගැන තැවෙනු ඇත දරුවන් ඇති මවුන් විඳිනා දුක සතත හමුවේ සමයි දෙදෙනා දරු දුක විඳින
දරුවන් වැදූ පමණින් ලොවැ මවක් නොවේ නොවැදූ පුතුන් හදනා ලද මවක් මැ වේ එවන් මව්වරු ද බුදු බව ලබති භවේ ඒ මව් රකිනු මැන පුතුනේ ඔබ ද නිවේ
තලල්ලේ චන්දකිත්ති හිමි
දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග 8.58 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පසළොස්වක
දෙසැම්බර් 29
අව අටවක
ජනවාරි 06
අමාවක
ජනවාරි 12
පුර අටවක
ජනවාරි 20
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]