[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවන් සුව පතමින බුදු හිමි පුදමු සැදැහෙන

නිවන් සුව පතමින බුදු හිමි පුදමු සැදැහෙන

බෙහෙත් පූජා කිරීම

ඉමං භෙසජ්ජ සම්භාරං
ගිලාන පච්චයං ඉමං
පූජෙමි ලොක නාථස්ස
නිබ්බාණ සුඛ සිද්ධියා

ගිලනුන් හට හිතකර වූ මේ බෙහෙත් ද්‍රව්‍ය සමූහය නිවන් සුවය ලැබීම සඳහා බුදුරදුනට පූජා කරමි.

අධිවාසෙතු නො භන්තෙ
භේසජ්ජං පරිකප්පිතං
අනුකම්පං උපාදාය
පතිගණ්හාතු නායකො

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කැපවූ මේ බෙහෙත් අනුකම්පා පිණිස බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා.

දැහැත් පූජා කිරීම

චුණ්ණ පූගාදි සහිතං
සුගන්ධ මුඛ වාසිතං
පතිගණ්හාතු සම්බුද්ධො
තාම්බූලං පරිකප්පිතං

මුව සුවඳ කරන හුණු, පුවක් ආදියෙන් යුක්ත දැහැත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා!

ඝණ්ටාර පූජාව

ඝණ්ටාර චානුකාරෙන
සරෙන මධුරෙන යො
සද්ධම්මං දෙසයි සත්ථා
තංසණ්ටායහි පූජයෙ

යම් බුදුරජාණන් වහන්සේ නමක් ඝණ්ටා ශබ්දය සමාන මධුර ස්වරයෙන් දහම් දෙසූ සේක් ද උන්වහන්සේ මේ ඝණ්ටා ශබ්දයෙන් පුදමි.

ප්‍රතිපත්ති පූජාවෙන් පුදන ක්‍රමය

ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජෙමි
ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජෙමි
ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජෙමි
අද්ධා ඉමාය පටිපත්තියා ජාති, ජරා, මරණම්හා පරිමුංචිස්සාමි

මම ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් බුදුන්, දහම්, සඟුන් පුදමි. ඒකාන්තයෙන් මෙම ඉපදීමෙන් . ලෙඩවීමෙන් හා මරණයෙන් මිදෙන්නෙමි.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]