[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත්පත්

පොත් පත්

‘විදු ඇස් පාදන බුදු රැස්’
(තුන්කල් දැක්ම – විමර්ශන ග්‍රන්ථය)

කර්තෘ – ශාස්ත්‍රපති චාමික මුණසිංහ

ප්‍රකාශකයෝ – සාහිත පොත් පියස

“සක්වළ දැක්ම හා බඹලොව ගමන”, “අජරාමර ලෝකය”, “ අබුද්ධස්ස කාලයේ බුදු සසුන”, “බුදු ඇස සහ හෙට ලොව“ යන සංවාදශීලි ග්‍රන්ථ රැසක් ලියූ ශාස්ත්‍රපති චාමික මුණසිංහයන්ගේ නවතම කෘතිය “විදු ඇස් පාදන බුදු රැස්” (තුන්කල් දැක්ම) පසුගිය දා එළිදැක්විණි. මෙම ග්‍රන්ථයෙන් “උදම් රළ, වසංගත හා මෘංග සංඥා”, “ලෝක විනාශය හා ලෝකෝත්පත්තිය”, “විශ්ව ගවේෂණ හා පිටසක්වළ ජීවය”, “ආගම් දහම් සහ අනාගත ලෝකය” යන පරිච්ඡේද උල්කාපාත වැසි, ග්‍රහලෝක තරණය, අභිරහස් යානා එළි ශබ්ද හා තරු දොරටු , දියසෙන් බලය, , සමනොළගිර හා හිමාල මහමෙර, සහස්සී ලෝකවාසීන්, සප්ත සූරියෝද්ගමනය ඇතුළු මාතෘකා 36 ක් විශ්ලේෂණය කර තිබේ. මෙමගින් පුරාතන හා නූතන රෝග වසංගත මෙන් ම මිහිලොවේ හෙට දවස පිළිබඳව ද ආගමික විද්‍යාත්මක විග්‍රහයන් ඇසුරෙන් සරලව රසවත්ව, සිතුවම් සහිතව පෙළගස්වා ඇත.

 

 

****

අසිරිමත් මාතාවක්

කර්තෘ – එන්ජාලි එඩ්වඩ් අමරසිංහ

ප්‍රකාශකයෝ – රුවන් පි‍්‍රන්ටර්ස් – මාලඹේ

ජාතියේ ජීව නාලිය දරු පරපුර යි. යහපත් දරු පරපුරක් තැනීම යනු යහපත්, උදාර ජාතියක් තැනීමේ පදනම යි. බොහෝ දෙනකු සිතන්නේ දරුවා යහපත් ව තැනිය යුත්තේ බිළිඳු අවධියේ සිට බවයි. එහෙත් සැබවින් ම සලකන කල්හි පෙනී යනුයේ යහපත්ව තැනීම ඇරඹිය යුත්තේ මව් කුසේ සිට ම බව කතුවරයා කියයි. විවාහයට පෙර සිටම කාන්තාවක මවක වීම සඳහා සුදුසු විය යුතු අන්දම, කායික මානසික වශයෙන් ඒ සඳහා සකස් විය යුතු අන්දම, කළ යුතු, නො කළ යුතු කටයුතු , ධාර්මිකව හැසිරීමේ වැදගත්කම, ගත යුතු ආහාර පාන, චිත්ත තත්ත්වය, මානසික පසුබිම යහපත්ව තබා ගැනීමේ වැදගත්කම, යහපත් පවුල් සබඳතා , ස්වාමි – භාර්යා සම්බන්ධතා ගර්භනී මාතාවට බලපාන අන්දම වැනි මහාර්ඝ කාරණා රාශියක් මේ කුඩා කෘතියෙහි අන්තර්ගත ව ඇත.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]