ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ අධි වප් අමාවක පෝදා, 2020 ඔක්තෝබර් 16 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඉඳුරුව යාලේගම සුදේශ් චතුරංග ගුණසේකර සහ සුමනා වටවල යන මව්පිය දෙපළගේ පුතණුවන් වූ කවිඳු කෞෂාන් ගුණසේකර කුල දරුවා ඇහැලියගොඩ සාම මහා විහාරාධිපති, ශාස්ත්‍රපති දන්දෙනියේ විපුලසීහ හිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් යාලේගම විපුලඤාණ නමින් ඇහැලියගොඩ සාම මහා විහාරයේදී උතුම් වූ ප්‍රවෘජ්ජා භූමියට පසුගියදා ඇතුළත් කෙරුණි.
එම පැවිදි නාමය සාමණේර හිමියන්ට ලබා දෙන ලද්දේ අපවත්වී වදාළ ඇහැලියගොඩ ශ්‍රී සුමනතිස්සාරාමාධිපති ධර්මාචාර්ය යාලේගම විපුලඤාණ හිමිපාණන්ට උපහාර වශයෙන් යැයි සාම විහාරාධිපති දන්දෙණියේ විපුලසීහ හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන සභාවේ ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත කරකොලේ පියදස්සී හිමි, එම නිකායේ කාරක සංඝ සභික ගම්මැද්දේගොඩ සෝරත නා හිමි සහ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පලීගල නාරද යන නා හිමිවරු ද මෙම පුණ්‍යකර්මයට සහභාගි වූහ.
ඇහැලියගොඩ විශේෂ නිමල් විජයතුංග
තේනුක ආකෂ් කරුණාරත්න කුල දරුවා මණ්ඩාවල ශ්‍රී මුනීද්‍රරාමාධිපති ශාස්ත්‍රපති ඇකිරියන් කුඹුරේ සීලරතන හිමිගේ ශිෂ්‍යවරයකු ලෙසින් ගිරාඳුරුකෝට්ටේ ජිනරතන නමින් පසුගියදා සසුන් ගත කරන ලදී.
ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ. සිකුරාදා සිල්
අමාවක
ඔක්තෝබර් 16
පුර අටවක
ඔක්තෝබර් 23
පසළොස්වක
ඔක්තෝබර් 30
අව අටවක
නොවැම්බර් 08
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]