තිස් වසරක
යුද්ධය මැද නාගදීපය රැකගත්
නා හිමියන්ගේ
කතාව
19 කොටස:
ත්‍රස්තවාදීහු උතුරේ බෞද්ධ විහාරස්ථාන වනසති -
නාගදීපයට ත්‍රස්ත ප්‍රහාර
‘‘බොරුවට මම කැමැති නැහැ, උදව්වක් ඕන නම් කියන්න‘‘ ඔහු සැමවිටම දෙමළ තරුණයන්ට කීවේ
ය.
පොල් ගස් නඟින තරුණයන්ගේ අතමිට මෙළවීමට ද ඔහු අමතක නොකළේ ය.
දකුණේ කළු ජූලිය ඇරැඹීම නිසා දෙමළ ජනතාව උතුරු හා නැඟෙනහිර පළාත් වෙත ගියේ ඇතැම්
විට ඇඳීවත පිටිනි. නාගදීපයට ද යුද උණුසුම දැනෙමින් පැවතුණි.
නාගදීප විහාරාධිපති ධම්මකිත්ති නාහිමියන් විසින් නාගදීපයට ස්ථිර නාවික හමුදා
කඳවුරක් ලබා දෙන්නැයි කරෙයිනගර් නාවික හමුදා ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කළ ද එය ඉටු
නොවුණු විට තම හිතවතුන් මාර්ගයෙන් ජනාධිපති ආර්යාව වන එළීනා ජයවර්ධන මැතිනියට ඒ බව
දැන්වීමට නා හිමියන් විසින් කටයුතු කරන ලදී. ඇය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ඒ
සම්බන්ධ ව දන්වන ලදි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ද වහාම ක්‍රියාකාරී විය. ඒ වන විට යුද හමුදාව
උතුරේ ත්‍රස්තවාදීන් හා සටන් වැදී සිටි හෙයින් හා දූපතක් වන හෙයින් නාගදීපයට නාවික
හමුදා රැකවරණය අවශ්‍ය විය. එහෙත් ඒ අවස්ථාවේ දී උතුරේ ස්ථාපිත සියලුම නාවික අනුඛණ්ඩ
අත්‍යවශ්‍ය ම ස්ථානයන්හි සේවයේ යොදවා තිබූ නිසා උතුරේ නාවික අනු ඛණ්ඩ යෙදීම
ගැටලුවක් බව නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා තිබුණි. ඒ අනුව
ජනාධිපතිවරයා හා නාවික හමුදාපතිවරයා අතර වූ සංවාදයෙන් පසුව ලක්ෂපාන විදුලි බලාගාරයේ
ආරක්ෂාවට යොදවා සිටි නාවික හමුදා අනුඛණ්ඩය නාගදීපයට අනුයුක්ත කරන ලදී. ඒ අනුව
නිලධාරීන් ද ඇතුළත් ව 26 දෙනකුගෙන් සමන්විත නාවික හමුදා අනුඛණ්ඩයක් නාගදීපයට
ලැබුණි.
නාහිමියන්ගේ ආවාස කුටිය අසල කුඩා කාමරයේ ඇඳන් දෙකක් දමා අණ දෙන නිලධාරි හා අනෙක්
නිලධාරියා ලැගුම් ගත්හ.
ලුතිනන් කමාන්ඩර් ධූරය දැරූ සෝමතිලක දිසානායක ද එහි සිටියේය. ඔහු සිංහල, දෙමළ
මුස්ලිම් සියලු දෙනාගේම ආදරය දිනා ගත්තේය. ගීත රචකයකු වූ ඔහු දෙමළ වැසියන් ගැන පවා
ගීත රචනා කෙළේ ය.
නාවික නිලධාරීන් අතර සිටි ලුතිනන් කමාන්ඩර් චන්ද්‍රසේකර නාවික කඳවුරට අවශ්‍ය පොල්
සපයා ගත්තේ දූපතේ අයිතිකරුවන් නොමැති පොල්ගස්වලිනි. පොල්ගස් නැඟීමට දෙමළ තරුණයන්ට
පැවසූ විට ඇතැම් දෙමළ තරුණයෝ අකැමැති වූහ. තමන් පොල් ගස් නැඟීමට නොදන්නා බව ඔවුන්
පැවසූ විට චන්ද්‍රසේකර නිහඬ විය. එහෙත් එම දෙමළ තරුණයන් තම වතුවල පොල්ගස් නඟිනු
දුටු ඔහු ඒ ගැන විමසා තම පිස්තෝලයෙන් අහසට වෙඩි තබා ඔවුන් දෙස බැලූ විට ගස් නඟින්නට
බැහැයි කියූ තරුණයෝ තත්ත්පර කිහිපයකින් පොල් ගසට නැඟ ගෙඩි කඩා දී බසින්නටත් කටයුතු
කළහ.
‘‘බොරුවට මම කැමැති නැහැ, උදව්වක් ඕනනම් කියන්න‘‘ ඔහු සැමවිටම දෙමළ තරුණයන්ට කීවේ
ය.
පොල් ගස් නඟින ලද තරුණයන්ගේ අතමිට මෙළවීමට ද ඔහු අමතක නොකළේ ය.
මාස කිහිපයකට පෙර නාවික හමුදාව පැමිණෙද්දී තම නිවාසවලට රිංගූ ජනතාව පසුව නාවික
හමුදාව සමඟ මිත්‍ර විය. ඔවුන් තමන්ගේ ආරක්ෂකයින් බව තේරුම් ගත්හ. දූපතේ පවත්වන ලද
දෙමළ ජාතිකයන්ගේ දීපවාලි, තෛපොංගල් වැනි උත්සවවලදී කැවිලි පෙවිලි නාගදීපයේ නාවික
හමුදා කඳවුරට ගෙනවිත් දුන්නහ. එමෙන්ම විවිධ උත්සව සාදවලදී ද ඔවුහු විහාරස්ථානය හා
නාවික හමුදා කඳවුර අමතක නොකළහ. ඔවුහු නාවික හමුදාව ‘උගත් හමුදාවක්‘ ලෙසින් හඳුන්වන
ලදී.
මේ අතර දිනෙන් දිනම උතුරේ ත්‍රස්තවාදී යුද්ධය දරුණු විය. මුහුදේ රැකවරණ උදෙසා නාවික
හමුදාවේ පිරිස් බලයේ අඩුවක් ඇතිවූ හෙයින් නාගදීපයට ආරක්ෂක හමුදා යෙදවීමට රජය කටයුතු
කර ඇති බවට නා හිමියන්ට දැන ගන්නට ලැබුණි. නායක හිමියන් ඒ ගැන එතරම් කැමැත්තක්
දැක්වූයේ නැත. එයට හේතු වූයේ යුද හමුදාව ඒ වන විටත් දැවැන්ත යුද්ධයක නියැළී
සිටීමයි. යුද හමුදාව පැමිණ කඳවුරු බැ¼දීමෙන් පසු යම් හෝ අයෙක් අතින් නොමනා යමක්
වුවහොත් එය මහා විනාශයක මුල පාදන්නක් බව නාහිමියන්ගේ අදහස විය.
‘‘ආමි එකේ දරුවො යුද මානසිකත්වයෙන් ඉන්නෙ, මෙහේ මඟුල් ගෙයක් හරි වෙන මොකක් හරි
සාදයක දී සප්පායම් වෙච්ච කෙනෙක් කෑම්ප් එකට රිංගන්න ගිහින් හරි, වෙන මොකක් හරි
ඇබැද්දියක් කර ගත්තොත් ආයි දෙකක් නෑ වෙඩි කාල මැරෙනවා, එහෙම දෙයක් වුණොත් අපටත් ඒ
සේරම වන්දි ගෙවන්න වෙන්නෙ” නා හිමියෝ පැවසූහ.
එහෙත් නාවික හමුදාව ඉවත් කිරීමට උතුරු පළාත භාර ආඥාපතිවරයාගේ නියෝගය ආවේ ය.
‘‘නාවික හමුදාව ගියොත් නැවතිලා ඉන්න ශාලාව වහල යතුර මට ගෙනැත් දෙනවා, අපේ ආරක්ෂාව
අපි සලසා ගනිමු, ආමි එක දාන්න එපා කියන්නෙ ඒ කොල්ලො නරක නිසා නෙමෙයිනෙ, අන්තිමේදි
ආමි එකටත් නරක නාමයක් ඇවිත් මේ මිනිස්සුත් අපිත් එක්ක අමනාප වුණොත් අපිටමනේ ඒ
වන්දියත් ගෙවන්න වෙන්නෙ‘‘නා හිමියෝ පදුමකිත්ති හිමියන්ට කීහ.
නාහිමියන්ගේ අදහස අනු ඛණ්ඩ භාර නිලධාරියා විසින් කරෙයිනගර් නාවික හමුදා නිලධාරියාට
දන්වන ලද අතර, ඔහු උතුරු පළාත් භාර නාවික ආඥාපතිවරයාට දන්වා අවසානයේ යාපනය යුද
හමුදා ආරක්ෂක සේනා ආඥාපතිවරයාට ද දන්වන ලදී. ඔවුන් සාකච්ඡා කර අවසානයේ නාවික
හමුදාවේ 11 දෙනකු හා යුද හමුදාවේ 44 දෙනකු ඇතුළත් කඳවුරු දෙකක් එහි ස්ථාපිත කරන
ලදී.
යුද හමුදා සෙබළු දිවා රෑ වෙනසක් නොමැතිව නාගදීප දූපත පුරා සෝදිසි මෙහෙයුම්
ක්‍රියාත්මක කළහ. පතොරම් වැල් ඇඟ පුරා බැඳගෙන බර අවි සහ පිටේ බැඳගත් විශාල හමුදා
බෑග් අතරින් අහසට විහිදුණු දිගැති ‘ඒරියලය‘කි. නා හිමියන් පැවසු පරිදි ජනතාව පස්වරු
6.00 වන විට නිවෙස්වලට වැදුණ හ. කිසිවෙක් පාරේ ගමන් කෙළේ නැත.
යුද හමුදාව දූපත වටේ ගමන් කරන බව දැනගත් සන්නද්ධ කල්ලි කුරිකට්ටුනාක් ජැටියේ සුළු
අවිවලින් ප්‍රහාර එල්ල කළහ. ඇතැම් විට දූපතේ කෙළවරට කුඩා ඔරු පාරුවලින් පැමිණ ආසන්න
මුහුදේ සිට වෙඩි තබා පලා ගියහ. පොල් ගස් තල් ගස් දෙකට කැඩී ගියේ පා පහරක් ගැසූ විට
දිරා ගිය කෝටුවක් දෙකට කැඩෙන්නාක් මෙනි.
සන්නද්ධ දෙමළ කණ්ඩායම්වලට අවශ්‍ය වූයේ හමුදාව කුපිත කරවීමට ය. එයින් දෙමළ ජනතාවට
ඔවුන් එපා කරවීමට ය. නා හිමියෝ හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියා කැඳවූහ.
‘‘රෑට සංචාරය කරන එක නැවැත්තුවොත් හොඳයි නේද? ආරක්ෂාවට මොකක් හරි ක්‍රමයක් හදා
ගන්න, නේවි එකට පුළුවන්නෙ මුහුදෙ ආරක්ෂාව බලන්න. ‘‘ නා හිමියන්ගේ උපදෙස් හමුදා
නිලධාරියා පිළි ගත්තේ ය. සාමාන්‍ය අවි පමණක් රැගෙන හමුදා සෙබළුන් දූපතේ දිවා කල
සෝදිසි කළේ ඉන් පසුව ය. රාත්‍රී කාලයේ මුහුදේ ආරක්ෂාවට නාවික හමුදාව කටයුතු කළ අතර,
ආරක්ෂක හමුදාවට අමතරව දූපතේ කෙළවරේ සිටි ජනතාව ද සහාය ලබා දුන්නහ.
මේ ලෙසින් වසර දෙකක් පමණ ගත විය. ඒ 1985 වසරයි. එන්න එන්නම ත්‍රස්තවාදී තර්ජන එල්ල
වන්නට විය. දකුණේ ජනතාව බියෙන් ඇළලෙන්නට විය. නාගදීපය හුදකලා විය. වන්දනාවට කිසිවකු
ආවේ නැත. අවම වශයෙන් උතුරේ විහාරස්ථානවල වැඩවසන හිමිවරුන්ට කුමක් වන්නේදැයි කිසිවකු
සොයා බැලුවේ නැත.
තාරක වික්‍රමසේකර |