මෙවර ජයග්‍රාහී කවිය:
නිවනින් සැනසෙන්න
ජාතිය ජරා මරණය හා එකට බැඳී
ලොව පවතිනා බව බුදු හිමි දෙසන ලදී
අරි අට මගෙහි ගොස් සදහම් සුවය විඳී
නිවනින් සැනසෙන්න බණ පද දෙසන ලදී
කරුණා කම්මැල්ලවීර
රාගම
වස්සානය
පින් පුරන වස්සානය එළඹ ඇත
දන් පින් කරන්නට සිතිවිලි ගලා එත
සුන්දර නිවන් මඟ යන්නට පොළඹ වන
පුන්සඳ ඇවිත් යමු පන්සල් කියනු ඇත
අමුණුගොඩ කුසුමා ප්‍රේමරත්න
කුරුණෑගල
බුදු දහමට අනුව
පන්සල් නොගිය මුත් අටසිල් හදෙහි යොමා
නිවසට වෙලා බණ දහමින් නොවී පමා
ගත සිත නිවා සුව සහනය දසත හමා
සැමරුවේ වෙසක් හරියට මේ වසරෙ තමා
උත්සව තොරණ සැණකෙළි කිසිවක් නැත්තේ
නොගියෙමු සැරසිලි ද විච්චූර්ණ මත්තේ
අටලෝ දහම ගැන සිහි කර කර චිත්තේ
බුදු දහමට අනුව මෙහෙමයි කළ යුත්තේ
බුදුගල සෝමරතන හිමි
බළංගොඩ
නිවන පතමු
නෙත යොදවා සිය ගත වෙත
ලතවෙන මේ ලෝ සව් සත
මෙත පෑමට යොදවා සිත
සැනසුම ලැබගනු ඇත සෙත
ඉතා හොඳින් දහම් කතා
හිතා එදෙස යොමා නෙතා
මෙතා වඩන සියලු සතා
පතා නිවන වේ ය සෙතා
ගාල්ලේ කාලිංගවත්තේ
ජී. පියදාස
වස්සානය ඇවිල්ලා
තුන් මාසෙ පුරාවට පන්සලේ වැඩ ඉන්න
දැහැත් ගොටු පිරිනමා යතිවරුන් නම දින්න
ගම් බිමේ දායකයො බැති සිතින් එක් වෙන්න
වස්සානෙ ඇවිල්ලා පින්වතුන් පින් ගන්න
විතාරන්දෙණියේ වජිරවංස හිමි
සිංහගිරි විහාරය , හම්බන්තොට.
සිරිලක් මව සුරකිමු
සුරවිරු ලක් පුතුන් ගෙන නිදසුන් මඟට
අලසවැ නො ඉඳ දිරි දී රට ගෙන පෙරට
ගජසෙන් මුතු මැණික් වස්තුව ඇති එමට
සිරි ලක් මෑණියෝ සුරකිමු පණ ලෙසට
මොරටුවේ ආනන්ද හිමි
පිළියන්දල
ජය මඟ
මාගේ දූ පුතු
එමග යා යුතු
අරි අට මඟ ගතු
ඔබට ජය ම සතු
අජිත් වික්රමනන්ද වීරසූරිය
ඉඹුල්ගස්දෙණිය
වඳිමි සැදැහෙන්
සියපත පිපී එන සේ ලොව සුවඳ දෙමින්
සම්බුදු කිරණ විසිරේ සිත් පුබුදු වෙමින්
ලෝසත වෙතට පෑ කරුණා ගුණය දරන්
සදහම් සුවය දුන් සමිඳුනි වඳිමි බැතින්
උපාලි කස්තුරිආරච්චි
මහවිල - පානදුර
සිසිලස
කියනා හැම බුදු ගුණයක
අමුතුම සිසිලසක් තිබේ
සිත අමුතුව නැවුම් බවින්
එළි වී යස වඩනු දැනේ
දිවාකර අබේවික්‍රම
මාතර
නිවීම
හමුවී කලණ මිතුරකු දැක ගත් දහම
දෙසවන් යොමා අහගෙන පිවිතුරු දහම
අනුගමනය කළොත් නොපමාව නිවැරැදිවම
අපහට ලැබෙනු ඇත ඒ නිවැරැදි දැක්ම
එළියක් වෙන්න හැකිනම්, මට මම පේන
අවියක් ලෙසට අරගෙන සිව් කමටහන
අඩියක් තැබිය හැකිනම්, නැති අඩමාන
සුවයක් ලබන්නට වෙන මොනවද ඕන
බිබිලේ අයිවල සුජාතා මෑණියෝ
ඌරගහ ආරණ්‍ය සේනාසනය
අම්මා
මෙත් සිත පෙරටුව සිටියා අම්මා
කරුණා ගුණයේ සලකුණ අම්මා
නොසැලී දුක සැප ඉවසයි අම්මා
සිව් බඹ විහරණ වැඩුවා අම්මා
දරුවන් ලෝකෙට බිහි කළ අම්මා
කරුණාවෙන් සුවපත් වූ අම්මා
නිර්වාණය දකිනා තුරු අම්මා
දරුවනි තනි නොකරනු මැන අම්මා
වික්‍රමසිංහ අතපත්තු
තලවත්තේගෙදර
බුදුසරණ පුවත්පත
බුදු ගුණ රසය පොඟවා පත තුළ දල්වයි
කරුණා දයා මුදිතා ගුණ දිය ගල්වයි
බොදු දරුවකුට යා යුතු නිසි මඟ පෙන්වයි
මට මගෙ වැරැදි තැන් මේ බොදු පත පෙන්වයි
දීපාල් සේනාධි පෙරේරා
උණවටුන
නිවීම
හමුවී කලණ මිතුරකු දැක ගත් දහම
දෙසවන් යොමා අහගෙන පිවිතුරු දහම
අනුගමනය කළොත් නොපමාව නිවැරැදිවම
අපහට ලැබෙනු ඇත ඒ නිවැරැදි දැක්ම
එළියක් වෙන්න හැකිනම්, මට මම පේන
අවියක් ලෙසට අරගෙන සිව් කමටහන
අඩියක් තැබිය හැකිනම්, නැති අඩමාන
සුවයක් ලබන්නට වෙන මොනවද ඕන
බිබිලේ අයිවල සුජාතා මෑණියෝ
ඌරගහ ආරණ්‍ය සේනාසනය
සැනසුම දෙන්න
කළගුණ දත් පුතුන් දෙවියන් වගේ ය
කළගුණ නොදත් පුතු රකුසන් වගේ ය
මේ සරු වදන නම් පුත පණ වගේ ය
සිහියට ගතොත් දෙලොව ම සැප ලැබේ ය
නෙත් දෙක වගේ මගෙ පුතු, මා වැඩුවා ට
කළගුණ සලකන්න දුන්නෙ කඳුළු මට
කිසිවක් එපා පුතුනේ ඔබගෙන් මෙ මට
සැනසුම පමණක් දෙන්න වියපත් වූ මවට
ලලිතා සමරධීර
තංගල්ල
සම්බුදු පදවි
සය වසරක්ම දුක් විඳ නෙක ගැහැට විඳ
බිය සැක අතැර වග වලසුන් සමඟ ඉඳ
තුන් කල් බලා මැනවින් යහ මඟට වැද
සම්බුදු පියා බුදු විය ජය කිරුළු මැද
ජගත් විදාන පතිරිණ
කඹුරුගමුව - මාතර
මෙත් වඩමු
සිත කය වචන තුන් දොර අපි සිහි කරමු
කරුණා දයාබර සිතිවිලි මතු කරමු
හැම හදවත් තුළම බුදු ගුණයෙන් පුරමු
දරුවන් හදෙහි ගුණ දම් සිරියෙන් වඩනු
බී. සෙනරත් ආරච්චි
කැකිරි ඕබඩ, කිරම
මෙත් වඩමු
සිත කය වචන තුන් දොර අපි සිහි කරමු
කරුණා දයාබර සිතිවිලි මතු කරමු
හැම හදවත් තුළම බුදු ගුණයෙන් පුරමු
දරුවන් හදෙහි ගුණ දම් සිරියෙන් වඩනු
බී. සෙනරත් ආරච්චි
කැකිරි ඕබඩ, කිරම
නිවීම
හමුවී කලණ මිතුරකු දැක ගත් දහම
දෙසවන් යොමා අහගෙන පිවිතුරු දහම
අනුගමනය කළොත් නොපමාව නිවැරැදිවම
අපහට ලැබෙනු ඇත ඒ නිවැරැදි දැක්ම
එළියක් වෙන්න හැකිනම්, මට මම පේන
අවියක් ලෙසට අරගෙන සිව් කමටහන
අඩියක් තැබිය හැකිනම්, නැති අඩමාන
සුවයක් ලබන්නට වෙන මොනවද ඕන
බිබිලේ අයිවල සුජාතා මෑණියෝ
ඌරගහ ආරණ්‍ය සේනාසනය
කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු
බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම
විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම
නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.
සංස්කරණය -
ජම්මික ප්‍රබෝධනී වැලිකල |