[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දැඹව ටැම්පිට පුරාණ රාජ මහා විහාරය

සමාධි සුවයෙන් වැඩ සිටිනා පිළිම වහන්සේ ගේ දසුන,දුටු දුටු දනන්ගේ නෙත් සිත් නිවා සනසලයි. රත් හඳුන් දැවයෙන් නිර්මාණය කොට ඇති වන්දනීය, පූජනීය මේ පිළිම වහන්සේ තථාගතයාණෝ මහා කරුණා සමාපත්තියට සමවැදී ඇති යැයි සිතේ.කලා සම්ප්‍රධායේ ගුප්ත බලපෑමත් කලාකරුවාගේ ප්‍රතිභාවත් එය යැයි විටෙක සිතෙයි. පිළිම වහන්සේට ඉහළින් මැටි බදාමයෙන් නිර්මිත වූ මනරම් මකර තොරණ කලාකරුවාගේ කුසලතාවයන් ට කදිම සාක්ෂියක් ම වන්නේ ය. ආගමික ශ්‍රද්ධාවෙන් පෝෂිත හෙළ පරම්පාරාවේ ඇත්තන්ගේ නිමැවුම් මෙලෙස ඇත්තේ මාතලේ දිසාවේ ය.කොළඹ සිට ගලේවෙලට පැමිණ මාතලේ පාරේ කිලෝමීටර් පහක් ගිය තැන හමුවන මැදබැද්ද මහා විදුහල සමීපයෙන් දකුණට හැරී කිලෝමීටර් තුනක් ගිය පසු දැඹව පුරාණ විහාර පින් බිමට පැමිණ මෙම ඓතිහාසික පින් බිම ඔබට වැඳ පුදා ගත හැකි ය.මෙරට ඇති ටැම් විහාර සම්ප්‍රදායේ එක් ඓතිහාසික පින් බිමකි , දැඹව ටැම් පිට පුරාණ මහා විහාර පින් බිම.මෙම විහාරය ඉදිකිරීම පිළිබඳ ඇත්තේ පරම්පරාවෙන් පැවතගෙන එන කතාවකි. එය “වරාවල” පරම්පාරාවෙන් පැවත ගෙන එන්නේ යැයි දැඹව පුරාණ ටැම්පිට විහාරයේ විහාරාධිපති මාතලේ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දේවව්වේ චන්දානන්ද හිමියෝ පවසති.

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]