[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනියත දහම

අනියත දහම

සෙනෙහස ආදරය කරුණා දයා හද
ගුණ පිරි ඔබේ ඔවදන්වල ගැබ්ව ඇත
යන්නට සසර තව තව දුක් ගැහැට මැද
ඕන ද කියා අසනවා නිරතුරුව හිත

දින සති මාස අවුරුදු ගත වී යනවා
මේ ගත සිත ද තව තව වැහැරී යනවා
සියලු දහම් අනියත බව වැටහෙනවා
සම්බුදු පියා දෙසූ සදහම් සිහි වෙනවා

කෙලෙස් නිසයි මේ දුක මට හටගන්නේ
කෙලෙස් නිසයි සසරේ අප ඇවිදින්නේ
කෙලෙස් නිවන ලෙස දම් දෙසලා ඇත්තේ
කෙලෙස් නිවන ඒ මග මම යා යුත්තේ

සම්බුදු කුටිය තුළ දැල්වෙන බුදු පහනේ
එළියෙන් මුනිදු දෙසූ දම් මට වැටහෙන්නේ
හේතු නොමැති විට නිවිලා යන විලසේ
මටත් නිවෙන්නට හැකිනම් මේ සසරේ

සොබා දහම තුළ සිටිනා විට සිතට
දැනෙනා සුවය කෙතරම් දැයි කිව නොහැක
ඒ තුළ ඇත්තෙ කෙලෙස් ම බව දැනෙන විට
හිමියනි දෙසනු මැන කළ යුතු දෙය කිම ද

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]