පුණ්ණා ථේරී ගාථා
ස්වාමි දරුවන්ගේ දඬුවමටත්,ආක්‍රෝශයටත් බියෙන්, සීතලෙන් පීඩා විඳිමින් (මම) දිය
ගෙනෙමි. දියට බැස්සෙමි.
බමුණාණෙනි, ඔබ කවරකුට බියෙන් හැමදා දියට බැස මෙසේ වෙවුලමින් කල් ගත කරන්නෙහි ද?
පින්වත් පුණ්ණාවෙනි, දියෙහි බැසීමෙන් කළ පව් දුරුවීමටත්, කුසල් ලැබීම පිණිසත් එසේ
කරන බව දැනගෙන ම ඔබ විචාරන්නේ ය.
තරුණ හෝ මහලු හෝ යමෙක් බෙහෙවින් ම පව්කම් කෙරේ ද, හෙතෙම ජලස්නාන හේතුවෙන් පව්කමින්
අතිශයින් මිදේ.
”කර්ම විපාක නො දන්නා ඔබට ජලස්නානයෙන්, පාප කර්මයෙන් මිදේය” යන කරුණ කවරෙක් පැවසී
ද?
(එසේ වී නම්) හැම මැඩියෝ, කැසුබුවෝ, කිඹුල්ලු, සුංසුමාරයෝ ද, වෙනත් ජලවර සත්තු ද
වෙත්නම්, ඒ සත්තු ඒකාන්තයෙන් ම ස්වර්ගයට යන්නාහ යි සිතමි.
එළුවන් මරන්නෝ ද, හූරුවැද්දෝ ද, මාලු මරන්නෝ ද, මුව වැද්දෝ ද, සොරු ද, අළුගෝසුවෝ ද,
වෙනත් පව්කම් කරන්නෝ ද ඒ හැම ජලස්නානයෙන් පාපකර්මයෙන් මිදෙන්නා හ.
බමුණාණෙනි, ඔබ යම්කිසි පවකින් බිය වී ජලයට බසින්නාහු නම් ඒ පාපය නො කළ මනා ය. මෙබඳු
වූ ශීතය තොපගේ සිරුරු සිවිය නො පෙළාවා.
පින්වතිය, නොමඟට පිළිපන් මා දියෙන් ගැලීමෙන් දුරු කොට ආර්ය මාර්ගයට පැමිණිවී ය.
එහෙයින් මේ සළුව තුටුපඬුරු වශයෙන් ඔබට දෙමි.
සළුව ඔබට ම වේවා! මම සළුව නො කැමැත්තෙමි. ඉදින් ඔබ දුකට බිය නම්, දුක අපි‍්‍රය නම්,
එළිපිට හෝ රහසිගත ව හෝ පව්කම් නො කරව, යම් විදිහකින් මතු පව්කම් කරන්නෙහි හෝ දැන
කරන්නෙහි නම් හෝ,
දැනගෙන පලායන්නා වූ ඔබට දුකින් මිදීමක් නො ලැබේ. ඔබ දුකට බිය නම් දුක අපි‍්‍රය නම්,
තාදී ගුණ යුත් බුදුරජාණන් වහන්සේ ද, දහම් ද, සඟුන් ද සරණ කොට යන්න. සිල් සමාදන්
වන්න. එය ඔබට වැඩදායක පිණිස පවතී.
මම තාදීගුණ ඇති බුදුරජාණන් වහන්සේ ද, ධර්මය ද, සංඝයා ද සරණ කොට යමි. සිල් සමාදන්
වෙමි. එය මට වැඩ පිණිස වන්නේ ය.
මම පෙර බමුණුකුලයෙහි උපන් පමණින් බ්‍රහ්මබන්ධු නම් වීමි. දැන් (බාහිත පාප බැවින්)
පරමාර්ථ වශයෙන් බ්‍රාහ්මණ වෙමි. ත්‍රිවිද්‍යා අධිගම කෙළෙමි. සුව ඇත්තේ ද, පව් සෝදා
හළෙමි ද වෙමි.
සංක්ෂිප්ත ග්‍රන්ථ මාලා මණ්ඩලය සම්පාදනය කළ ථේරීගාථා ඇසුරිනි. |