සුනීත මහරහතන් වහන්සේගේ උදානය
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
"රහතන් වහන්සේගේ ජීවිත පැවැත් ම සාමාන්‍ය අපට වටහා ගැනීමට අසීරු යි. එතරම්ම සැහැල්ලු
යි. සරලයි. නිදහස්. මේ ලෝකය තුළ ඉතාමත් ම නිදහසේ ජීවත් වන්නේ රහතන් වහන්සේ යි. ඒ
රහතන් වහන්සේලා සතර, සතිපට්ඨානය තුළයි ජීවත් වෙන්නේ. උන්වහන්සේලා තෘෂ්ණාවට ඇලෙන්නේ
නෑ. විල අතහැර යන හංසයන් මෙන් කුඩා මහත් හැම දෙයක් ම අත්හැර දානවා. කයින් යහපත්
ක්‍රියා ඇති ඉතා යහපත් වචන කතා කරන, යහපත් සිතුවිලි සිතන නිකෙලෙස් රහතන් වහන්සේ
වැඩසිටින පරිසරය පවා ලස්සනයි."
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි ව මහරහත්භාවයට පත් වූ සුනීත තෙරුන්
වහන්සේගේ පෙර ජීවිත කතාව මෙසේ යි.
උන්වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රාර්ථනා සිදුකොට ඒ ඒ භවයේ දී බොහෝ
පින්දහම් සිදු කරමින් දෙවි, මිනිස් දෙගතියේ උපත ලැබුවා. බුද්ධ ශුන්‍ය කාලයක සිටු
නිවසක ඉපිද, තරුණ වියේ දී තම යහළුවන් සමඟ ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවක එක් පසේ
බුදුරජාණන් වහන්සේ නමක් පිඬුසිඟා වඩිනවා මේ තරුණයා දුටුවා. ඔහු පසෙ ්බුදුරජාණන්
වහන්සේ වෙත ගොස්
“මේ මුළු සිරුරේ ම තුවාල ඇති අයෙක් මෙන් ශරීරය ම වසාගෙන පිඬුසිඟා යාමේ කවර
ප්‍රයෝජනයක් ද? කෘෂිකර්මය, වෙළෙදාම ආදිය කරමින් තමන්ගේ ජීවිකාව කරගෙන, තමන් යමක්
උපයාගෙන ජීවත් වීම අකැප ද? ඔබ එසේ කිරීමටත් අකමැතිනම් නිවෙස් තුළ ඇති මළමුත්‍රා
අපද්‍රව්‍ය බැහැර කරමින් කසළ ශෝධකයෙක් ව හෝ ජීවත් වෙන්න. මෙසේ යදින්න එපා”
යැයි කීවා.
ඔහු සිදුකරගත් එම පාපකර්මය නිසා බොහො කාලයක් නිරයේ ඉපදී අනන්ත අප්‍රමාණ දුක්
වින්ඳා. එයින් චුත ව මිනිස් ලොව ඉපදෙන ඉපදෙන බොහෝ ආත්මවල කසළ ශෝධක කුලයේ ඉපිද දුක්
වින්ඳා.
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය බබළන කාලයේ ඔහු නැවත කසළ ශෝධක සැඬොල්
කුලයේ සුනීත නමින් ඉපදුණා. කුඩා කාලයේ සිට ඔහු නිවෙස්වලට ගොස් ඒ නිවෙස්වල එකතුවෙන
අශුචි කරගසාගෙන ගොස් ඒවා ඉවත් කරමින් ජීවිකාව ගෙන ගියා. තමන්ට කුස පිරෙන්න ආහාරයක්,
අඳින්නට පිරිසුදු ඇඳුමක් ඔහුට ලැබුණේ නැහැ. දිනපතා ම බොහෝ කුසගින්නේ අපිරිසුදුවයි
ඔහු ජීවත් වුණේ.
දිනක් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ් මහා කරුණාවෙන් ලොව දෙස බැලූ සේක. සුනීතගේ
චිත්ත අභ්‍යන්තරයේ ඇති කුසල ශක්තිය කළයක දැල් වූ පහනක් මෙන් බබළමින්, අරහත්වය පිණිස
ඇති පින උන්වහන්සේ දුටු සේක.
රාත්‍රිය ඉක්ම ගොස් ඉර උදා වුණා. පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සිවුරු පෙරවා
භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩියා. සුනීත අසුචි ඉවත් කරන
වීදියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සුනීතගේ ඉදිරියට වැඩම කළා. සුනීත ද ඒ ඒ
නිවෙස්වලින් ඉඳුල්, මළමුත්‍රා, කැලි කසළාදිය රැස්කරගෙන කූඩයක දමාගෙන කදක් මෙන් එය
බැඳගෙන කරතබාගෙන බුදුහිමි වඩින මාවතට ම පිවිසුණා. තමාගේ ඉදිරියට භාග්‍යවතුන් වහන්සේ
ඇතුළු ආර්ය මහා සංඝරත්නය වඩිනවා දුටු සුනීත ඉතාම කලබලයට පත්ව, කිසිවක් කරකියා ගත
නොහැකිව ඉවත්වීමට මාවතේ ඉඩද නැති නිසා කසළ කද බිත්තිය පසෙක තබා ගෞරවයෙන්, බියෙන්
දෑගිලි බැඳගෙන බිත්තිය පැත්තට හැරී සිටියා.
සුනීත ගේ ජීවිතයේ ඇති කුසල මූලයන් දැක ඔහුට අනුකම්පා කළ භාග්‍යවතුන් වහන්සේ සුනීත
ඉදිරියේ ම වැඩ සිටියා.
බියටත්, ලජ්ජාවටත් පත් සුනීත ජාතියෙන් ද, කර්මයෙන් ද ඉතා පහත් තමන්ට මෙසේ කාරුණික ව
තමන්ගේ නම කියා අමතන ශාස්තෘන් වහන්සේ ගැන මහත් ගෞරවයක් හට ගත්තා.
”සුනීත මේ දුක්ඛිත ජීවිතයෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? පැවිදිවීමට කැමැති ද?” යැයි
විමසා සිටියා. ශාස්තෘන් වහන්සේගේ වදන් ඇසූ සුනීත අමෘතයෙන් අභිෂේක කරන ලද අවස්ථාවක
මෙන් මහත් උදාර වූ පී‍්‍රති සොම්නසට පත්වුණා. දෑඟිලි බැඳගෙන සුනීත මෙසේ කියා
සිටියා. “භාග්‍යවතුන් වහන්ස, මා වැන්නවුන් ද මේ බුදු සසුනේ පැවිදි කරන සේක් නම්, මම
පැවිදි නො වී සිටින්නේ කුමන කරුණකට ද? භාග්‍යවතුන් වහන්ස, මා පැවිදි කරන සේක්වා”
යැයි පවසා සිටියා. ශාස්තෘන් වහන්සේ “එව මහණ “ යැයි වදාළ සේක. ඒ සමගම ඒහි
භික්ඛුභාවයෙන් පැවිදි උපසම්පදා දෙක ම ලැබූ සුනීතට සෘද්ධියෙන් පා සිවුරු ලැබුණා. මහා
තෙර නමක් මෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා.
භාග්‍යවතුන් වහන්සේ සුනීත තෙරුන් විහාරයට කැඳවාගෙන ගොස් කමටහන් දී වදාළා. උන්වහන්සේ
පළමුව අෂ්ඨසමාපත්ති හා පංචඅභිඥා උපදවාගෙන පසුව විදසුන් වඩා ෂඩ් අභිඥාලාභී තෙරුන්
වහන්සේ නමක් බවට පත්වුණා. උන්වහන්සේ වෙත පැමිණි ශක්‍ර දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද,
වන්දනා කළා. සුනීත මහ රහතන් වහන්සේ උදානයකින් තමන් වහන්සේ පිළිබඳව මෙසේ වදාළා.
මම ඉපදුණේ අඩුකුලයේ පවුලක. හරිම දුප්පත්. හරියට කෑමක් බීමක්වත් තිබුණේ නැහැ. මගේ
රස්සාවත් හරිම පහත් එකක්. වැසිකිළිවල අසුචි බැහැරට ගෙනයන එකයි මම කළේ.
මිනිසුන් මා පිළිකුල් කළා. පරිභව කර, නින්දා කළා. ඉතින් මම ඉතා යටහත් සිතින් බොහෝ
දෙනෙකුට වැඳගෙනයි හිටියේ.
නමුත් මට පුදුමාකාර වාසනාවක් තිබුණා. එදා රජගහනුවරට ස්වාමින් වහන්සේලා පිරිවරාගෙන
මහා වීර වූ සම්බුදු සමිඳුන් වඩිනා ආකාරය මම බලාගෙන හිටියා.
අසුචි කද පැත්තකින් තිබ්බා. උන්වහන්සේ සිරිපතුල් වැඳ ගන්නට ළං වුණා. එතකොට ඒ
පුරුෂෝත්තමයා මම ගැන අනුකම්පා කරලා වඩින ගමන නරත කරලා හිට ගත්තා.
මම ශාස්තෘන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කළා. පැත්තකින් හිටියා. හැමදේට ම වඩා උතුම්
පැවිදි බව මටත් ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටියා.
හැම දෙනා ගැනම අනුකම්පා පිරුණ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ පින්වත් භික්ෂුව මෙහෙට
එන්න කියා මට වදාළ සේක. ඒක තමයි මගේ උපසම්පදාව.
මම ආරණ්‍යයෙහි තනිවමයි ඉන්නේ. කිසිම කම්මැළිකමක් නැහැ. බුදු සමිඳුන් මට කියා දුන්
ආකාරයට මම කටයුතු කළා.
රාත්‍රියේ පළමු යාමයේ පුබ්බේනිවාසඥානය ලබා ගත්තා. මැදියම් යාමයේ දිබ්බචක්ඛු ඥානය
පිරිසුදු කර ගත්තා. රාත්‍රි පහන් වන යාමයේ අවිද්‍යා අන්ධකාරය නැත්තට ම නැති කළා.
එදා හිරු නැග එද්දී සක් දෙවිඳුන්, මහ බඹුන් මා වෙත පැමිණ වැඳ නමස්කාර කළා.
ඔබ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඔබට නමස්කාර වේවා! උතුම් පුරුෂය ඔබට නමස්කාර වේවා! දුක්
රහිත මුනිඳුනි, ඔබේ සිත තුළ කිසිම ආශ්‍රවයක් නැහැ. ඔබ ලෝකයාගේ පුද පූජාවන්ට
සුදුස්සෙක්.
මා පිරිවරාගෙන සිටින දෙවි පිරිස් දුටු ශාස්තෘන් වහන්සේ සිනහ පහළ කළා. ඉන් පස්සේ මේ
කරුණ වදාළා.
කෙලෙසේ තැවීමෙනුත්, බඹසර ජීවිතයෙනුත් , සංවරකමෙනුත්, ඉන්ද්‍රිය දමනයෙනුත් තමයි
බ්‍රාහ්මණයෙක් වන්නේ. මේ ඉන්නේ ඒ උතුම් බ්‍රාහ්මණයෙක්”.
- නයනා නිල්මිණී |