ඉවසීම
සොක‍්‍රටීස් කියන්නේ ලෝක ප‍්‍රකට වූ දාර්ශනිකයෙක්. දවසක් සොක‍්‍රටීස් ඉතා ගැඹුරු
කරුණක් ගැන අවධානය යොමු කරමින් මිදුලේ සිටියා. ඒ වෙලාවෙ ඔහුගේ බිරිඳ එතැනට ආවා.
’’ මේ ඇහුණද?’’
ඇය කතා කළා. සොක‍්‍රටීස් නෑසුණා සේ ඔහුගේ කරුණ ගැන අවධානය යොමු කර සිටියා. ඇය
තරහෙන් ආපසු ගියා. නැවතත් ආවා. කතා කළා. ඒත් ප‍්‍රතිචාරයක් ඔහුගෙන් ලැබුණේ නැහැ. ඇය
බැණ වැදුණා. තව තවත් බැණ වැදුණා. අන්තිමේදී ඇය අසල තිබුණු ජල බඳුනක් දුටුවා. එය
රැුගෙන සොක‍්‍රටීස්්ගේ හිස ඇග පුරා වත් කළා. සොක‍්‍රටීස් තමන්ගේ කාර්යයේ ම නිරත ව
සිටියා. අවසානයේ සොක‍්‍රටීස් තම ගැටලූව විසඳා ගත්තා මුහුණ පුරා ජයග‍්‍රාහී සිනාවක්
ඇඳුණා.
මොහොතකින් ඔහු වෙත ශිෂ්‍යයෙක් පැමිණියා.
’’ගුරුතුමනි ඇයි මේ තෙමිලා?’’ ඔහු ඇසුවා.
’‘දරුවො ගොරවලා ගොරවලා වැස්සා’’
ගුරුතුමා පිළිතුරු දුන්නා.
ඉවසීමට මොනතරම් දේ කැප කළ හැකිද? සොක‍්‍රටීස් තම කාර්යය නිසි පරිදි කර ගත්තේ
බාධාවන් මැද අසීරුවෙන් තම කාර්යයන් කළ නිසයි.
තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ ඉවසීම උතුම්ම තපස වන බවයි. අපි ඉවසීම
පුරුදු කරමු. පුහුණු කරමු. ජීවිතේ බොහෝ දේ ජය ගැන්මට හැකිවනු ඇත . |