[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

රෝග බිය දුරුවීමට ධර්මයෙන් පිළියම්...

වර්තමානය වන විට ලෝකය පුරා මාරාන්තික වෛරස් රෝගයක් ව්‍යාප්තවෙමින් පවතින බව අප දන්නවා. ලොවපුරා බොහෝ දෙනෙක් එම රෝගයට ගොදුරු වී සිටිනවා. මානසිකව ද දුකට පත් වෙලා. සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට ද ගොදුරු වෙලා. මේ තත්ත්වය සමග අපගේ චින්තනය ධර්මානුකූල ව මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න විමසා බලමු. වරක් දණ්ඩපානී නම් ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසා සිටියා. “ස්වාමිනී, ශ්‍රමණ ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ ධර්මය විදිහට ලෝකයාට දේශනා කරන්නේ කුමක් ද? කියා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “දණ්ඩපාණී , තථාගතයන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි පවතින යථාර්ථය, පරම සත්‍යය දේශනා කරනවා” කියා යි. එසේනම් අප පිළිගත්තත්, නැතත් මෙනෙහි කළත් නො කළත්, අනුගමනය කළත්, නැතත් ශ්‍රී සද්ධර්මය තුළ පෙන්වා දෙන්නේ අපගේ ජීවිතයේ සැබෑ ම වූ ස්වභාවය යි. අප එම ධර්මය විශ්වාස කරන්නේ නම්, පිළිගන්නේ නම්, අනුගමනය කරන්නේ නම් අපගේ ජීවිතවල යහපත උදා වෙනවා. ජීවිත සිල්වත් වී, ගුණධර්ම දියුණු වී සැනසිලිදායක වෙනවා. ඒ වගේම මතු ජීවිත සුගතිගාමිය වෙත ද, ධර්මාවබෝධය වෙත ද පමුණුවාගත හැකි වෙනවා.


මැදින් අමාවක පෝය 

 මැදින් අමාවක පෝය මාර්තු 23 වන දා සඳුදා අපරභාග 12.30 ට ලබයි. 24 වන දා අඟහරුවාදා අපර භාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා සඳුදා ය.

මීළඟ පෝය අප්‍රේල් 01 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]