සිතිවිලි ඉපදීම
හේතුඵල දහමට අනුව ය
කොළඹ විජේරාම මාවතේ
ජාත්‍යන්තර විපස්සනා
භාවනා මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර
කාශ්‍යප හිමි
අප ඔවුනොවුන්ට වෙනස් ස්වභාවයේ පවතින මනුෂ්‍යයන් වේ. අපගේ නිවස තුළ අරලිය මල් ගසක්
තිබේ යැයි සිතන්න. ඒ අරලිය මල් දැකීමෙන් හරිම ලස්සන යි, සුවඳයි, ආදි වශයෙන් සිත
සිතා සිටියත්, දිනක වෙනත් ස්ථානයක දී එබඳු අරලිය ගසක සමන් පිච්ච වැලක් එතී තිබෙනු
දුටුවා යැයි සිතන්න. ඒ සමන්පිච්ච වැලෙහි වූ මල් ඉතා සුවඳ යි .
එහෙත් තම නිවසෙහි වූ අරලිය ගසෙහි මල් ඉතා සුවඳ යි. එහෙත් තම නිවසෙහි වූ අරලිය ගසෙහි
මල් ,පිච්චමල් මෙන් සුවඳක් නොදැනේ. පසුව අරලිය ගසෙහි පිච්ච මල් පුබුදුවාලීමට කටයුතු
කරනු ඇත.
මේ තරම් විශාල වූ අරලිය මල් ගසක පිපෙන අරලිය මල්වලට වඩා, සමන් පිච්ච වැලෙහි වූ
පිච්ච මල් මොනතරම් සුවඳක් දැයි දැනෙන්නා සේ, බාහිර ලෝකය දෙස විමසා බලන විට සමහර
ස්වාමිවරු, භාර්යාවරු, ඇතැම් මව්පියවරු දුුටුවිට තම ස්වාමියාට, තම භාර්යාවට , තම
මව්පියවරුන්ට, තම දරුවන්ට එසේ විය යුතු යැයි අදහස් පහළ වේ,
අරලිය ගසකින් පිච්ච මල් ලබා ගත හැකි නොවේ. එය කිසිවෙකු හෝ නිවැරැදි ව තේරුම්ගත
යුතුයි.අරලිය වැලක් නොවේ. පිච්චමල් අවශ්‍ය නම් පිච්චවැලක් පැවතිය යුතුයි. ඒ මොහොතේ
දී පිච්ච වැලක් හැදීම යනු තම දරුවා තුළ යහපත් සිතිවිලි ඇති වන ආකාරයේ වැඩපිළිවෙල
රෝපණය කළ යුතුයි. ඒ නිසා අප හේතුඵල දහම තේරුම්ගත යුතුයි.
යම් සිතක සිතිවිලි හට ගනුයේ හේතුන් ඇතිව ය. ඒ හේතු වෙනස්වීමෙන් පමණක් ඒ තැනැත්තාගේ
මනසට ගලා එන සිතිවිලි වෙනස් වනු ලබන්නේ ය. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකසනු විනා,
ඵලය දෙස බලා කතා කිරීමෙන් ප්‍රයෝජනයක් ඇති නොවේ.
සෑම මොහොතකම කාගේ හෝ ක්‍රියාකාරිත්වයක් දෙස හේතුඵල දහමට අනුව බලා ගත හැකි වන්නේ
නම්, හේතුඵල දහමට අනුව සිතිවිලි පහළ වන්නේ නම් අපගේ ජීවිතයෙහි පුද්ගලවාදයෙන් අන් අය
කෙරෙහි ඇති වන තරහ අයින් වනවාද ? නැද්ද? විදුලිපංකාව කැරකෙන විට එය ක්‍රියාත්මක
වන්නේ ඉතා අඩු වේගයකින් නම්, එහිදී විදුලි පංකාවට දොස් නගනවාද? නැතහොත්
රෙගියුලේටරයෙන් වේගය වැඩි කර ගන්නවාද?
සාමාන්‍ය ජීවිතයෙහි ඖෂධ දෙනු ලබන්නේ හේතුව සඳහා ය. රෝගියෙකු වෛද්‍යවරයෙකු වෙත
ඉදිරිපත් වීමේ දී එම වෛද්‍යවරයා සිදු කරනු ලබන්නේ රෝග පරික්ෂණය කි. ඇතැම් විට උණ
රෝගයක් නම් වැළඳී තිබෙන්නේ උණ රෝගය පැතිර ඇති ප්‍රදේශයක , එසේත් නැතිනම් උණ
රෝගියෙකු අසල ගැවසී ඇත්දැයි ආදිය විමසා බලනු ලැබේ. එසේ නොමැතිව උණ රෝගය වැළදුණායැයි
වෛද්‍යවරයා විසින් දොස් පවරනු නොලැබේ. මදුරුවෙකු විදීමෙන් හට ගන්නා උණ රෝගියෙකු වෙත
දොස් පැවරීමෙන් පළක් නොවන බව වෛද්‍යවරයා තේරුම් ගනු ලැබේ. ඒ නිසා ම දොස් කියනු
නොලැබේ. එහෙත් දොස් කීම නිසා රෝගියාගේ රෝගය සුවවීමේ පිළිවෙතක් පවතී නම් ඇතැම් විට
වෛද්‍යවරයා දොස් කියනු ලැබේ. එහිදී වෛද්‍යවරයා රෝග මූලයට ඖෂධ කිරීමයි සිදු කරනු
ලබන්නේ.
රෝගියෙකු හෝ රෝගී තත්වය ගැන වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කිරීමේදී එම රෝගියාට කළ
යුතු ප්‍රතිකාර මෙය යැයි වෛද්‍යවරයාගේ මනසින් හඳුනාගනු ලැබේ. රෝගියෙකුගේ රෝග ලක්ෂණ
දකින විට රෝගය හඳුනා ගනු ලැබේ. ඊට අවශ්‍ය ප්‍රතිකාරය හඳුනා ගනු ලැබේ. එසේ හඳුනා ගනු
ලබන්නේ වෛද්‍ය මනසෙහි ඇති වූ රෝගය හඳුනා ගැනීමේ ස්වභාවය තුළිනි.
වෛද්‍යවරයෙකු රෝගියෙක් පරික්ෂා කරනු දැක වෙනත් අයෙකු කල්පනා කරන්නේ නම් තමන් මුදල්
ගෙවා වෙද්‍යවරයෙකුගෙන් රෝග තත්වය පරික්ෂාවට ලක්කළ යුත්තේ කුමටද? යම් වෛද්‍යවරයෙකු
නොවන අයෙක් විසින් වෙද නළාවක් සොයා ගනිමින් රෝගියාගේ ඇස් යට බැලීමෙන් හෝ දිව ගැන
විමසා බැලීමෙන් ඔහුට රෝගය පිළිබඳ සංඥාවක් එනු නොලැබේ. රෝගය පිළිබඳ සංඥාව පමණක් නොව,
රෝගය සුවපත් කර ගැනීම පිළිබඳ සංඥාව ද එබඳු අයෙකුට නොපැමිණෙන බව කල්පනා කළ යුතු ය.
රෝගියෙකු පරික්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඉන් අවබෝධ වේ. රෝගියාට අදාළ සංඥා
අපගේ මනස තුළින් ඉදිරිපත් විය යුතු ය. එමෙන් අප වෙසෙන මේ ලෝකයෙහි අප ජීවත්වන විට
අපගේ සන්ථානයෙහි හට ගනු ලබන්නේ අප කලින් දැන ගත් පරිදි ය. වෛද්‍යවරයෙකු ලෙස
රෝගියෙකු දුටු විට රෝග නිරීක්ෂණ සහ ඊට අවශ්‍ය ප්‍රතිකාර ඖෂධ පිළිබඳ හැඟීම පහළ වනු
ලබන්නේ වසර කීපයක් පුරා ඇති කර ගත් ඔහුගේ බහුශ්‍රැතභාවය, ඒ පිළිබඳ දැනුම වර්ධනය කර
ගත් බැවිනි. ඒ කරුණු අවස්ථානුකූල ව යෙදෙනු ලැබේ. වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු
පරික්ෂා කිරීමේ දී එහි යෙදෙන්නේද? යොදනු ලබන්නේ ද? වෛ්‍යවරුන් විසින් රෝග
පරික්ෂාවෙහි යෙදෙනු ලැබේ. එසේ නම් එය තමා කරන ක්‍රියාවක් ද? වෙනත් කවර අයෙකු විසින්
හෝ කරන ක්‍රියාවක් ද? කරන්නෙක් හෝ කරවන්නෙක් හෝ කරන ක්‍රියාවක් ද? කරන්නෙක් හෝ
කරවන්නෙක් සිටියිද? අපේ සංකල්ප පිළිබඳ වෙනසක් අවශ්‍ය වී ඇත. මිනිසුන් සිදු වෙන
සියලු ක්‍රියාවන් කරනවා නොව සිදු කෙරෙනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය හේතු යෙදෙනු ලැබේ.
- බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ |