ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ දුරුතු අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 ජනවාරි 17 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කළුතර මධ්‍යම විශේෂ එච්.එල්.සුනිල් ශාන්ත
කළුතර වාද්දුව, කොරොස්දූව, පුරාණ වජිරකොත් මහා විහාරය සහ බණ්ඩාරගම, කිම්මන්තුඩාව, රද්දෙගොඩ දීපාරාම මහා විහාරය යන විහාරද්වයාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද හිමියන්වෙත "සිරිමහා විහාර වංසාලංකාර සද්ධර්ම වාගීස්වරාචාර්ය ශ්‍රී සුමනතිස්ස " ගෞරව නාම සම්මුතිය සහිත ව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය ජනාවරි 8 වෙනි දින මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයීය රාජ පූජිත මංගල උපෝසථාගාරයේ දී පැවැත්වීමට නියමිත ව තිබිණි. අභිනව නාහිමිපාණන් වහන්සේට උපහාර දැක්වීමේ උත්සවය ජනවාරි 12 වෙනි දා වාද්දුව, කොරොස්දූව වජිරකොත් මහ විහාරස්ථානයේ දී අග්ගමහා සද්ධම්ම, ජොතිකධජ සාහිත්‍ය චක්‍රවර්ති, ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ව තිබුණි. විජිනිපත පිළිගැන්වීම, අග්‍රාමාත්‍ය, බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කිරීමටද නියමිතව තිබිණි.
තෛ‍්‍රනිකායික මහානායක, සානුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ප්‍රභූන් රැසකගේ සහභාගිත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණි.
දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සිකුරාදා ය
මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.
අව අටවක
ජනවාරි 17
අමාවක
ජනවාරි 24
පුර අටවක
පෙබරවාරි 02
පසළොස්වක
පෙබරවාරි 08
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]