ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ දුරුතු අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 ජනවාරි 17 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මහනුවර තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී ව කටයුතු කළ පරලොව සැපත් සාමාජික සාමාජිකාවන්ටත්, රට දැය සමය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් පැමිණවීමටත්, වත්මන් සාමාජිකයින් හා තරුණ බෞද්ධ සංගමයේ කාර්ය මණ්ඩලයටත් සෙත් පැතීම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්, මහා සංඝරත්නය විසිපස්නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වන ලදී. තරුණ බෞද්ධ සංගමයේ සභාපති පී .දයාරත්න තිසේරා මහතා අට පිරිකර පූජා කළ අවස්ථාව. මහනුවර තරුණ බෞද්ධ සංගමය ආරම්භක දිනය සමරමින් අඛණ්ඩ ව එම පින්කම පවත්වාගෙන එනු ලබන අතර, මෙවර පවත්වන ලද්දේ පණස්හතරවෙනි පිරිත් පින්කමයි. කේ.බණ්ඩාරනායක
125 වන දහම් පාසල් දිනය සැමරීම නිමිත්තෙන් දිවයිනේ වැඩිම, අඛණ්ඩ සේවා කාලයක් සපුරා සිටින දහම් පාසල් ගුරුවර ගුරුවරියන් වෙත සමරු තිළිණ හා සම්මාන සහතික පත් පිරිනැමීමේ උපහාර උළෙලක් පැවැත්වීමට සමස්ත ලංකා දහම් පාසල් ගුරු සංගමය විධි විධාන යොදා ඇත. මීට අමතරව අවුරුදු 10 – 15 – 20 ආදී වශයෙන් සේවා කාල ඇති දහම් ගරුවර ගුරුවරියන් වෙත සේවා ඇගයීමේ සම්මාන සහතික පිරිනැමීමට ද පියවර ගෙන තිබේ. 125 වන දහම් පාසල් දිනය 2020 අගෝස්තු මස 03 වැනිදාට යෙදී ඇත. ඒ අනුව උපහාර සම්මාන සඳහා සුදුසුකම් ඇති දහම් පාසල් ගුªරුවර ගුරුවරියන්ගෙන් මාර්තු මස 30 වැනි දින දක්වා උපහාර අයදුම්පත් භාර ගනු ලැබේ.උපහාර සම්මාන ලබා ගැනීමට බලාපොරොත්තු වන දහම් ගුරුවර ගුරුවරියන්ට අවශ්‍යවන අයදුම්පත් ගුරු සේවයෙහි යෙදී සිටින බවට ප්‍රධානාචාර්යවරුන්ගේ නිර්දේශය සහිත ලිපිය හා එය සනාථ කරමින් ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේ විසින් නිකුත් කළ යුතු ලිපිය සහිත විස්තර පත්‍රිකාව ඇතුළු අවශ්‍ය ලේඛන සියල්ල ම දහම් පාසල් ගුරු සංගමයෙන් ලබාගත හැකිය.
දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සිකුරාදා ය
මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.
අව අටවක
ජනවාරි 17
අමාවක
ජනවාරි 24
පුර අටවක
පෙබරවාරි 02
පසළොස්වක
පෙබරවාරි 08
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]